settings icon
share icon
ප්‍රශ්නය

සමලිංගිකතාව සම්බන්ධයෙන් ශුද්ධ බයිබලය කුමක් පවසයිද? සමලිංගික සේවනයේ යෙදීම පාපයක්ද?

පිළිතුර


සමලිංගික සේවනයේ යෙදීම පාපයක් බව ශුද්ධ බයිබලය නිත්‍ය වශයෙන්ම අපට ප්‍රකාශ කරයි (උත්පත්ති 19 : 1-13; ලෙවී කථාව 18 : 22; රෝම 1 : 26-27; 1 කොරින්ති 6 : 9). රෝම 1 : 26-27 දක්වා අපට විශේෂයෙන් උගන්වන්නේ සමලිංගික සේවනය දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප කිරීමේ අකීකරුවීමේ ප්‍රතිඵලයක් බවය. යම් කෙනෙකු පාපයේ හා අවිශ්වාසයේ දිගටම පවතින්නේ නම් දෙවියන් වහන්සේ ඊටත් වඩා දුෂ්ට හා පාපිෂ්ඨ පාපයකට “භාර දෙන” බව ශුද්ධ බයිබලය අපට පවසයි. ඒ දෙවියන් වහන්සේගෙන් වෙන්වූ ජීවිතයේ නිශ්ඵලතාවය හා බලාපොරොත්තු රහිත බව පෙන්වීමටය. සමලිංගික “වරදකරුවන්” දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නා බව 1 කොරින්ති 6 : 9 ප්‍රකාශ කරයි.

සමලිංගික ආශාවන් සහිතව දෙවියන් වහන්සේ කෙනෙකු මවන්නේ (මැවිවේ) නැත. කෙනෙකු සමලිංගික සේවනයේ යෙදෙන්නෙකු වන්නේ පාපය නිසා (රෝම 1 : 24-27), හා අවසානයේ තමන්ගේ අභිමතය නිසා බව ශුද්ධ බයිබලය අපට පවසයි. කෙනෙකු සමලිංගික සේවනයට මහා නැඹුරු බවක් ඇතිව ඉපදෙන්නට පුළුවන. ඒ ප්‍රචණ්ඩත්වයට හා වෙනත් පාප වලට නැඹුරුතාවක් ඇතිව උපදින්නා සේය. කෙනෙකු පාපී ආශාවන්ට යටත්ව පව් කිරීමට තෝරා ගැනීමට සමාව ඉන් ලැබෙන්නේ යයි ප්‍රකාශ වන්නේ නැත. යම් කෙනෙකු කෝපයට / ප්‍රකෝපයට නැඹුරුතාවයක් ඇතිව උපදින්නේ නම්, එම අභිප්‍රායට යටත්වීම හරිද? සැබවින්ම නැත. සමලිංගික සේවනයේදීත් එම සත්‍යතාව එසේමය.

කෙසේ වෙතත්, වෙනත් පාපයකට වඩා සමලිංගික සේවනය “මහත්” යයි ශුද්ධ බයිබලය විස්තර නොකරයි. සෑම පාපයක්ම දෙවියන් වහන්සේට අප්‍රසන්නය. සමලිංගික සේවනය 1 කොරින්ති 6 : 9-10 හි සඳහන් වන පරිදි කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නා ලැයිස්තුගත පව් වලින් එකක් පමණය. ශුද්ධ බයිබලයට අනුව අනාචාරයේ හැසිරෙන්නාට, රූප නමස්කාර කරන්නාට, මිනී මරුවාට, සොරාට වැනි අයට සේම සමලිංගික සේවනයේ යෙදෙන්නාටද දෙවියන් වහන්සේගේ සමාව දීම ලබාගත හැකිය. එමෙන්ම තම ගැලවීම උදෙසා යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයට පාපය පරාජය කොට ජයග්‍රහණය කිරීමට, ඒ සමලිංගික සේවනයද ඇතුළුව ශක්තිය දෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වන සේක (1 කොරින්ති 6 : 11; 2 කොරින්ති 5 : 17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සමලිංගිකතාව සම්බන්ධයෙන් ශුද්ධ බයිබලය කුමක් පවසයිද? සමලිංගික සේවනයේ යෙදීම පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries