ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය නම් කුමක්ද?




ප්‍රශ්නය: ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය නම් කුමක්ද?

පිළිතුර:
ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය නම් බටහිර ශිෂ්ඨාචාරයේ ඉතිහාසයයි. ක්‍රිස්තු ධර්මය සමාජයට මහත් බලපෑමක් ඇති කළා විචිත්‍රමය ලෙස, භාෂාවන්, දේශපාලන, නීතිය, පවුල් ජීවිතයන්, දින දර්ශණයේ දවස්, සංගීතමය හා අප සිතන පතන අයුරු පවා ක්‍රිස්තු ධර්මය විසින් බලපෑමක් ඇති කර ඇත සහස්‍ර දෙකකට ආසන්න කාලයක්. එමනිසා සභාවේ කථාන්තරය දැන ගැනීමට වැදගත් වේ.

සභාවේ ආරම්භය
සභාව ආරම්භ වූයේ යේසුස් වහන්සේගේ උත්ථාන‍ෙයන් දින 50 කට පසුවය (ක්‍රි.ව. 35). යේසුස් වහන්සේ පොරොන්දු වූවා උන් වහන්සේ තම සභාව ගොඩ නගන බවට (මතෙව් 16:18), එමෙන්ම පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්මයාණන්ගේ පැමිණීමත් සමග (ක්‍රියා 2:1-4), සභාව-එක්ලීසය (“පිටතට කැඳවූ රුස්වීම”)-නිල බලයෙන් ඇරඹූවා. තුන්දහක් ජනතාව පේත්‍රැස්ගේ දේශනාවට ප්‍රතිචාර දක්වා යේසුස් වහන්සේව අනුගමනය කිරීමට තීරණය කළා.

සැබවින්ම ක්‍රිස්තු ධර්මයට හැරුනවූන් නම් යුදෙව්වන් හෝ යුදෙව් ධර්මයෙන් හැරුනවූන්. පරණ ගිවිසුම අළුත් ගිවිසුමට අවශ්‍ය පොළව සකස් කරන ලදි. එසේම සභාවේ ප්‍රධාන ස්ථානය යෙරුසලමෙදී ආරම්භ විය. මේ හේතුව නිසා ක්‍රිස්තු ධර්මය යුදෙව් ක්‍රියා කාරකම් හැටියටද දැකිය හැක පරිසිවරු සදිසිවරු හා ලියන්නෝ. කෙසේ වෙතත්, ප්‍රොපේතවරු දේශනා කළ දෙයට වඩා යුදෙව් කණ්ඩායම් වල ඉගැන්වීම වෙනස් විය. යේසුස් වහන්සේ යුදෙව් මෙසියස් වහන්සේ (ආලේපලත් රජ) ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට පැමිණියේය (මතෙව් 5:17) අළුත් ගිවිසුමක් ආරම්භ කරා උන් වහන්සේගේ මරණය මත පදනමිවූ (මාර්ක් 14:24). මේ පණිවිඩය තුළ, ඔවුන් තම මෙසියස් වහන්සේව මරණයට පත් කර ඇත. බොහෝ යුදෙව් නායකයන්ව කෝපාවිෂ්ඨ කළා තවත් සමහරු තාර්විෂ්හී සාවුල් මෙන් නෙරපීමට ක්‍රියා මාර්ග ගත්තා (ක්‍රියා 9:1-2).

යුදෙව් ආගම තුළ ක්‍රිස්තු ධර්මයේ මුල් ඇති බව පැවසිය හැකිය. පරණ ගිවිසුම අළුත් ගිවිසුමට අඩිතාලම යොදන ලදි, ක්‍රිස්තු ධර්මය සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට අපහසුය පරණ ගිවිසුම ගැන මනා දැනුමක් නොමැතිව (මතෙව් හා හෙබ්‍රෙව් පොත් බලන්න). පරණ ගිවිසුම මෙසියස් වහන්සේගේ අවශ්‍යතාව පිළිබඳව විස්තර කරයි. මෙසියස් වහන්සේගේ මනුෂ්‍යයන්ගේ ඉතිහාසය දරණ අතර මෙසියස් වහන්සේගේ පැමිණීමට සූදානම් කරයි, අළුත් ගිවිසුම ඊළඟට නේමසියස් වහන්සේගේ පැමිණීම හා අපව පාපයෙන් ගැලවීමට වහන්සේගේ ක්‍රියාවලිය උන් වහන්සේගේ ජීවිතය තුළ යේසුස් වහන්සේ අනාවැකි 300 ක් පමණ සමිපූර්ණ කළා, පරණ ගිවිසුමේ කථා කළ පුද්ගලයා තමන් බව ඔප්පු කරමින්.

මුල් සභාවේ වර්ධනය
පෙන්තකොස්ත දවසට පසු වැඩි ඈතක නොව, අන්‍යජාතීන්ට සභාවේ දොර විවෘත විය. ධර්මදූත සේවක පිලිප් සාමාජිකයන්ට දේශනා කළා (ක්‍රියා 8:5), බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන ලදි. පේත්‍රැස්තුමා අන්‍යජාති වූ කොර්නේලියස්ගේ නිවසේ අයට දේශනා කළා (ක්‍රියා 10), ඔවුන් ශුද්ධාත්මයාණන්ව ලැබුවා. ධර්මදූතයා වන පාවුල්තුමා (මුල් සභාවට පීඩනය/හිංසා කළ) ශුභාරංචිය මුලු ග්‍රීක්-රෝම ලෝකයටම ප්‍රචලිත කරා රෝමයට යාහැකි තරමට (ක්‍රියා 28:16) හා ස්පාඤඤය දක්වා.

ක්‍රි.ව. 70 වන විට, යෙරුසලම විනාශවී ඇත, අළුත් ගිවිසුමේ බොහෝ පොත් සම්පූරණ කර ඇත. එමෙන්ම ඒවා සභාවන් අතර බෙදා හැරුණි. ඊළඟ අවුරුදු 240 තුළ, කිතුනුවන් රෝමය විසින් පීඩනයට ලක් කෙරුනි, සමහර අවස්ථාවලදී බලාපොරොත්තු නොවූ ලෙසත්, තවත් අවස්ථාවල රජයේ අනු දැනුම තුළ.

2 වන 3 වන ශතවර්ශ වල, සභා නායකත්වය තුළ තව තවත් පූජකවරු ගණනින් වැඩි විය. බොහෝ අධර්ම දේවල් මේ කාලයේදී සිදුවිය. අළුත් ගිවිසුම් කැනනයට එකඟත්වයද පලවිය, පීඩාව දිගටම පැවතුනි.

රෝමානු සභාවේ නැගීම
ක්‍රි.ව. 312 දී, රෝම අධිරාජ්‍යයා වන කොන්ස්ටන්ටයින් ප්‍රකාශයට පත් කළා හැරීමක අත් දැකීමකට. අවුරුදු 70 වකට පසුව, තියෝදොසියස්ගේ කාළ වකවානුව තුළ රෝම අධිරාජ්‍යය තුළ ක්‍රිස්තු ධර්මය ප්‍රධාන ආගම බවට පත්විය. ආණ්ඩුව තුළ බිෂොප්වරුන්ට ගෞරවනීය ස්ථානයක් හිමිවිය, ක්‍රි.ව. 400 දී “රෝමානු“ යන වචනයත් “ක්‍රිස්තියානි” යන්නත් සමාන බවට පත්විය.

කොන්ස්ටන්ටයින්ට පසුව, කිතුනුවන්ට තවත් පීඩා නොකරන ලදි. මිථ්‍යදෘෂ්ටිකයින්ව පීඩාවට ලක් කෙරුනි. ඔවුන් “හැරෙනතුරු” මෙවැනි බල කිරීම් නිසා බොහෝ මිනිසුන් සැබවින්ම හදවතේ වෙනසක් නොමැතිව සභාවට එක්විය. මිථ්‍යාදෘෂ්ටිකයින් ඔවුන් සමග ඔවුන්ගේ රූප හා පුරුදුද ගෙනවා සභාව නෙස්විය, රූප, විසිතුරු නිර්මාණ වන්දනා ගමන් හා ශුද්ධවන්තයන්ව භක්තිවන්තකම, මුල් සභාවේ නමස්කාරයන්ට එක් කරන ලදි. මේ කාලය තුලදීම සමහර කිතුනුවන් රෝමය අතහැර පැවිද්දන් ලෙස හුදකලාවේ සිටීමට. ළදරු බවිතිස්මය හඳුන්වා දුන්නා මුල් පව් සේදීමක් ලෙසට.

ඉදිරි ශත වර්ෂවල, බොහෝ සභා සම්මේලන යොදනු ලැබුවා සභා මූලධර්ම ස්තීර කිරීමට, අනිසි ලෙස පැවිද්දන්ට දෝෂාරෝපණයට. ආරවුල් හා භේද නොමැතිව සමාදාන වීමට, රෝම අධිරාජ්‍යය දුර්වල වීමට ආරමිභ විය, සභාව බොහෝ බලවත් විය, බටහිර හා නැගෙනහිර ඇති සභාවන් වල එකඟත්වයක් නැතිතැන් බිඳ වැටුනා. බටහිර (ලතින්) සභාව, රෝමය පදනම්වූ අනෙක් සෑම සභාවකම අපෝස්තලිත ආධිපත්‍ය ප්‍රකාශ විය. රෝමයේ බිෂොප් තමාව පාප්වහන්සේ හැටියට (තාත්තා) හඳුන්වා ගත්තා. නමුත් මෙය නැගෙනහිර (ග්‍රීක්) සභාව මෙයට අකමැති විය කොන්ස්තන්තිනෝපලයේ වූ. දේවධර්මානුකුලව, දේශපාලනීය, හැසිරීම් හා භාෂා ශාස්ත්‍රය බෙදා හරිනවා මහානිකා භේදය ඇති කළා 1054 දී, ඉන් රෝමානු කතෝලික (“විශ්වීය”) සභාවන් හා නැගෙනහිර සාධර්මික (ඕතඩොක්ස්) (ලෝක සම්මතිය) සභාව එකිනෙකෙන් වෙන්වී තහනම් බිඳ දැමුවා.

මැද යුගය (මධ්‍යම යුගය)
යුරෝපයේ මේ මැද යුගය කාලයේදී, රෝමානු කතෝලික සභාව බලය අල්ලාගෙන සිටියේය. පාප් වහන්සේ සියලු ජීවිත හයා තත්වයන් මත ආධිපත්‍ය තබමින් රජ කෙනෙකේ සේ ජීවත්වීම, සභා නායකත්වය නරක අතට හා කෑදර තත්වයකට පත්වීම සාමාන්‍ය දෙයක් විය. 1095 සිට 1204 දක්වා පාප් වහන්සේ යෙරුසලම මුස්ලිම් වරුන්ගෙන් මුදවා ගැනීමට රුධීර වැගිරීම් වැනි බැරුරුම් සටන් දියත් කර මුස්ලිමිවරු නෙරපීමට කටයුතු කළා.

ප්‍රතිසංස්කරණය (ප්‍රතිශෝධනය)
අවුරුදු පුරාවට, බොහෝ අය දේවධර්මයට, දේශපාලනමය ලෙස, හා මානව අයිතිවාසිකමි වලට අවධානය යොමු කළා රෝම සභාවෙි ඇති අපචාරයන් හේතුවෙන්. සියල්ල එක් පැත්තෙන් හෝ අනෙක් පැත්තෙන් නිශ්චල විය. නමුත් 1517 දී, ජර්මානු ජාතිකයෙකු වන මාටින් ලූතර් සභාවට විරුද්ධව නැගී සිටියා, සියලු දෙනාම එයට ඇහුමිකන් දුන්නා. ලූතර් සමගම රෙපරමාදු ප්‍රතිසංස්කරණය විය, මැද යුගය අවසානයට පත්විය.

ප්‍රතිසංස්කරණය වූවන්, ලූතර් ඇතුලුව, කැල්වින් ස්විංග්ලි, දේවධර්මයේ ඉතා අනර්ග ඉදිරිපත් කිරීම ගෙනාවේය. නමුත් ඔවුන් බයිබලය විචාරණය කරමින් එහි සභාවට ඇති ආධිපත්‍යයට ඉඩ දුන්න අතර සිරිත් හා පව්කාරයන් ගැලවීම ලබන්නේ ඇදහිල්ල කරණකොට කරුණාවෙන් බවත් ක්‍රියාවලින් නොවන බවත් (එපීස 2:8-9).

කතෝලික ආගම නැවත යුරෝපයට ආවත්, රෙපරමාදුව හා අතර සටන් හටගත් අතර ප්‍රතිඵලයක් වශයෙන් කතෝලිකයන් අභිබවා රෙපරමාදුව ජය ගත් අතර නූතන යුගයට දොර විචෘත විය.

ධර්මදූත සේවා යුගය
1790 සිට 1900, සභාව මිශනාරි සේවයට දැක්වූයේ පෙර නොදුටු උනන්දුවකි, මිනිසුන්ගේ පදිංචියන් මිශනාරි සේවයන් වල අවශ්‍යතාවට දෙනෙත් විවෘත කරන ලදි. කාර්මිකරණය මනුෂ්‍යයන්ට ආර්ථිකව මිශනාරි සේවයට උපකාර කිරීමට හැකියාව දුන්නහ. ධර්මදූත සේවකයින් ලොවවටා ශුභාරංචිය දේශනා කරමින් ගියහ. ලෝකය පුරාවට සභාවන් රෝපණය විය.

නූතන සභාව
රෝමානු කතෝලික සභාව හා නැගෙනහිර ඕතඩොක්ස් සභාව ඔවුන්ගේ කැඩුනු සබඳතා ගොඩ නැගීමට කටයුතු කර ඇත, කතෝලිකයන් හා ලූතරන්ලාද. එවැන්ජලිස්ත සභාව දැඩි ලෙස ස්විධීන හා රෙපරමාදු ධර්මය තුළ මුල් ඇද්දා. සභාව පෙන්තකොස්තය නැගීමද දුටුවහ, කැරිස්මැටික් ඇදහිම, කිතුනු ලෝකයට අයත් හා නොයෙක් නිකායන්.

අපගේ ඉතිහාසයෙන් අප ඉගෙන ගන්නේ මොනවාද? සභා ඉතිහාසයෙන් අප කිසිවක් ඉගෙන නොගන්නවා නම්, අප අඩු තරමින් දැනගත යුතුය “ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘදධව වාසය කෙරේවා” (කොලොස්සි 3:16). අප සියලු දෙනා වගකියන්න ඕන වචනයේ ලියා තිබෙන දේ කුමක්ද ඒ තුළ ජීවත් වීමට. සභාවට යේසුස් වහන්සේ කියූදේත් බයිබලයේ උගන්වනදේත් අමතකවීමත් සමග ආධිපත්‍ය තුළ අවුල් ඇති වේ.

අද බොහෝ සභාවන් ඇත, නමුත් එක ශුභාරංචියයි “එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල” (යූද් 3). අප පරිස්සම් විය යුතුය ඒ ඇදහිල්ල රැකගන්නා අතර එය වෙනස් නොකර අන් අයට දීමට. එවිට දෙවියන් වහන්සේ උන් වහන්සේගේ පොරොන්දුව සම්පූර්ණ කරමින් සභාව ගොඩ නගයි.



නැවතත් සිංහල මුල් පිටුවට



ක්‍රිස්තු ධර්මයේ ඉතිහාසය නම් කුමක්ද?