settings icon
share icon
ප්‍රශ්නය

සුවය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද? ක්‍රිස්තුස් වහන්සේගේ වන්දියේ (පූජාවෙන්) සුවය අඩංගුද?

පිළිතුර


යෙසායා 53:5, සඳහන් දේ 1 පේත්‍රැස් 2:24 හිද උපුටා ඇත. නමුත් එය බොහෝ අවස්ථාවල වැරදියට තේරුම් ගෙන ඇති අතර වැරදියට භාවිතා කර ඇත. “නුමුත් උන් වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය, අපට සමාදානය ගෙන දෙන ඳඩුවම උන් වහන්සේ පිටට පැමිණුනේය. උන් වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ.” “සුවය ලැබී” යන වචනය පරිවර්තනය ශාරීරික හෝ ආත්මික සුවය විය හැක. කෙසේ වෙතත් යෙසායා 53 හා 1 පේත්‍රැස් 2 හි සඳහන් ආත්මික සුවය ගැන කථා කරන බව අප පැහැදිලි කර ගත යුතුය. “අප පාප වලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන් වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූ සේක, උන් වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුවහුය” (1 පේත්‍රැස් 2:24). එම පදයෙහි කථා කරන්නේ පාපය හා ධර්මිෂ්ඨකම ගැනය, ලෙඩ රෝග හා අසනීප පිළිබඳව නොවේ. එමනිසා, “සුවය ලැබීම” මෙම පද දෙකෙහිම කථා කරන්නේ සමාව ලැබීම හා ගැවීම, ශාරීරික සුවය නොවේ.

බයිබලය ආත්මික සුවය ශාරීරික සුවය සම්බන්ධ කර කථා නොකරයි. සමහරවිට මනුෂ්‍යයන් තම ඇදහිල්ල ක්‍රිස්තුස් වහන්සේ මත මුළු මනින්ම තැබීමෙන් සුවය ලබයි. නමුත් මෙය සැමවිටම එසේ නොව සමහරවිට එය දෙවියන් වහන්සේගේ කැමැත්ත සුවය දීම, නමුත් තවත් විටක එසේ නොවේ. යොහන්තුමා අපට පැහැදිලි දැක්මක් දෙයි. “උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන් වහන්සේ අපේ ඉල්ලීම් අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කළ උන් වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව” (1 යොහන් 5:14-15). දෙවියන් වහන්සේ තවමත් හාස්කම් සිදු කරයි. දෙවියන් වහන්සේ තවමත් මිනිසුන්ව සුව කරයි. රෝග, අසනීපයන්, වේදනාවන් හා මරණය තවමත් උන් වහන්සේගේ වචනයෙහි සඳහන් වේ. අද ජීවත් වන සියලූ දෙනාම මියැදෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (කිතුනුවන් ඇතුළු) මිය දෙන්නේ ශාරීරික ප්‍රශ්නයක් හේතුවෙනි (ආබාධ, රෝග, තුවාල). නිතරම අපව ශාරීරිකව සුවකිරීමම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ.

අවසානයේ, අපගේ සම්පූර්ණ සුවය ස්වර්ගයේ තබා ඇත. ස්වර්ගයේ, තවත් වේදනාව නැත. රෝග දුක් විඳීම හෝ මරණය (එළිදරව් 21). අපි මේ ලෝකයේ සිටින කාලයේ ශරීර සුවය පිළිබඳව වැඩිය කරදර නොවිය යුතුය. නමුත් අපගේ ආත්මික තත්වය පිළිබඳව කරදර විය යුතුය (රෝම 12:1-2). එවිට තවත් ශාරීරික ප්‍රශ්න නොමැති ස්වර්ගය වෙතට අපගේ අවධානය තැබිය හැක. එළිදරව් 21:4 හි අපි බලාපොරොත්තු විය යුතු සැබෑ සුවය ගැන කථා කරයි. “උන් වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුලු පිස දමන සේක. මරණය තවත් නොවන්නේය, වැලපීමක් හැඬීමක් වේදනාවක් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේ යැයි.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

සුවය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද? ක්‍රිස්තුස් වහන්සේගේ වන්දියේ (පූජාවෙන්) සුවය අඩංගුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries