settings icon
share icon
ප්‍රශ්නය

සාමාන්‍ය එළිදරව්වීම හා විශේෂ එළිදරව්වීම යනු කුමක්ද?

පිළිතුර


දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාට එළිදරව් වන ලෙසට සාමාන්‍ය හා විශේෂ එළිදරව්වීම යන මාර්ගයන් දෙක හඳුන්වා දිය හැක. සාමාන්‍ය එළදරව් යනු දෙවියන් වහන්සේ පිළිබඳව දැනගත හැකි සත්‍යතා එම ස්වරූපයෙන් නැතහොත් ස්වභාවික ලෙස විග්‍රහ කිරීමයි. විශේෂ එළිදරව්වීම යනු දෙවියන් වහන්සේ පිළිබඳව වඩාත් අධිස්වාභාවික නැතහොත් සොබාදහම ඉක්මවූ සංකල්පයකින් සත්‍යතාව විග්‍රහ කිරීමයි.

සාමාන්‍ය එළිදරව්වීමට මග පෙන්වීමක් වශයෙන් ගීතාවලිය 19:1-4 සඳහන් වන්නේ “අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය උන් වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කථා කරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. කථාවක්වත් වචනයක්වත් නැත, ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය. එහි උන් වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවු සේක.” මෙම පදයට අනුව දෙවියන් වහන්සේගේ පැවතීම හා බලය විශ්වය පිළිබඳව අධ්‍යනය කිරීම තුළින් පැහැදිලිව දැක ගැනීමට හැකි බවයි. ඒ මගින් බලසම්පන්න හා තේජාන්විත මැවුම්කාරයාණන්ගේ පැවතීම හුවා දක්වයි.

සාමාන්‍ය එළිදරව්වීම රෝම 1:20 තුලද ඉගැන්වීම් කොට ඇත. “මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන් වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය, එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.” ගීතාවලිය 19 මෙන්ම රෝම 1:20 තුල ලක්වෙන ඉගැන්වීම පරිදි දෙවියන් වහන්සෙගේ සදාකාලික බලය හා දිව්‍යමය ස්වභාවය මේ තුලින් වඩාත් පැහැදිලි වන අතර මෙම සත්‍ය මග හැරීමට කිසිඳු ඉඩකඩක් හිමිනොවන බවයි. මෙම පද සිතෙහි තබා ගනිමින් මෙය අර්ථ දැක්විය හැක්කේ “දෙවියන් වහන්සේ විසින් සියලු මනුෂ්‍යයන් සඳහාවූ එතුමන්ගේ එළිදරව්වීම, සියලු කාල වලද, සෑම තැනකදූම, උන් වහන්සේ ජීවමාන බවත් එතුමන් බලසම්පන්න හා ඥානවන්ත බවත් ගෙන හැර දක්වයි.”

විශේෂ එළිදරව්වීම යනු දෙවියන් වහන්සේ තමන් වහන්සේව හාස්කම් විධි ක්‍රමය කොට ගනිමින් එළිදරව් කිරීමකි. විශේෂ එළිදරව්වීම තුල දෙවියන් වහන්සේ දර්ශනය වීම, සිහින, අර්ශනය, දේවවචනය හා විශේෂයෙන් යේසුස් වහන්සේ ඇතුලත් වේ. දෙවියන් වහන්සේ විසින් ජීවමාන ලෙස දර්ශනයවීම පිළිබඳව (උත්පත්ති 3:8, 18:1; නික්මයාම 3:1-4; 34:5-7), තුල සඳහන් වන අතර දෙවියන් වහන්සේ සප්න තුලින් මනුෂ්‍යයා හට කථා කරන බවට (උත්පත්ති 28:12; 37:5; 1 රාජාවලිය 3:5, හා දානියෙල් 2) සහ දෙවියන් වහන්සේ දර්ශනයන් තුලින් කථා කරන බවට (උත්පත්ති 15:1; කියෙල් 8:3-4), දානියෙල් 7, 2 කොරින්ති 12:1-7) යන පද වල ඇතුලත් වෙි.

දෙවියන් වහන්සේ තමන්ගේ ස්වභාවය එළදරව් කරන්නාවූ තවත් වැදගත් අංශයක් වන්නේ බයිබලය තුල ඇතුලත් වන වචනයයි. දෙවියන් වහන්සේ විසින් ආත්මානුභාවයෙන් යුක්තව තමන්ගේ වචනය ඒ ආකාරයෙන්, නමුත් පුද්ගලයාට ආවේනිකවූ ශෛලීන්ගෙන් ලිවීමට විවිධ පුද්ගලයින් හට මග පෙන්වනු ලැබීය. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානූත්, ක්‍රියාකාරීවූත් වචනය වේ (හෙබ්‍රෙව් 4:12). උන් වහන්සේගේ වචනය පොළොඹවන සුළු, ප්‍රයෝජනවත් හා සෑහීමටපත් විය හැකි වචනයයි (2 තිමෝති 3:16-17). වාචික සම්ප්‍රදාය තුල පවතින්නාවූ සාවද්‍ය අවිශ්වාසය පිළිබඳව දන්නාවූ දෙවියන් වහන්සේ තමන්ගේ වචනය හා එහි සත්‍ය ලේඛණ ගත කිරීමට අධිෂ්ඨාන කර ගත් සේක. ඒ වගේම මනුෂ්‍යයන් විසින් සිහිනයන් හා අර්ශන වැරදි ලෙස අර්ථ දැක්වීමද සිදුවිය හැකි බවට එතුමන් දැනගත් සේක. මේ නිසා දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේ පිළිබඳව එතුමන්ගේ අපේක්ෂාවන් හා එතුමන් අප හට කර ඇති දේ බයිබලය තුලින් සියලු දේ මනුෂ්‍යයාට එළිදරව් කිරීමට අදහස් කර ගත් සේක.

යේසුස් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් එළිදරව්වීම, මෙහි ඇති මූලිකම හා වැදගත්ම අංශයකි. දෙවියන් වහන්සේ මනුෂ්‍ය සුවරූපයෙන් සිටි සේක (යොහන් 1:1, 14). මෙය හෙබ්‍රෙව් 1:1-3 දක්වා ඉතා සියුම්ව විග්‍රහ කර ඇත. “දෙවියන් වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස් වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථා කරවා, මේ දවස්වල කෙළවරදී තමන් වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථා කෙරෙවු සේක. උන් වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළ සේක, උන් වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූ සේක. උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන් වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වන සේක. තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු උසස් ස්ථානවල මහෝත්තමයාණන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳ ගත් සේක.” දෙවියන් වහන්සේ මනුෂත්වයට යේසුස් වහන්සේගේ ස්වරූපය ගත් අතර ඒ තුලින් අපට ඉගැන්වීමටත්, එතුමන්ගේ ස්වභාවය අපට එළිදරවි කිරීමටත්, ඉතා වැද ගත් දෙය වන්නේ කුරුසිපත්වී තමන්ගේ ජීවිත දානය කිරීමට එතුමන් තුල පැවතුනාවූ යටහත්කම පිළිබඳව ආදර්ශයක් දීමත් මූලික කාර්යයක් විය (පිලිප්පි 2:6-8) ඒ අනුව යේසුස් වහන්සේ යනු දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණියාවූ “සුවිශේෂතම එළිදරව්වීම” ලෙසට හඳුන්වා දිය හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාමාන්‍ය එළිදරව්වීම හා විශේෂ එළිදරව්වීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries