settings icon
share icon
ප්‍රශ්නය

ආධ්‍යාත්මික නීති සතර මොනවාද?

පිළිතුර


ආධ්‍යාත්මික නීති සතර නම් ගැලවීම සඳහා යේසුස් ක්‍රිස්තුස් තුළ ඇති සුභාරංචිය බෙදා ගැනීමේ මාර්ගයයි. එය නම් සුභාරංචියේ වැදගත් කරුණු සතර කට වෙන්කර, සරළ මාර්ගයකට සකස් කර ගැනීම.

ආධ්‍යාත්මික නීති සතරේ පළමු වැන්න නම්, දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි, ඔබගේ ජීවිතය තුළ උන් වහන්සේට ආශ්චර්යමත් සැලැස්මක් ඇත. යොහන් 3 : 16 අපට ප්‍රකාශ කරනවා, “දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය”. යොහන් 10 : 10 අපට සඳහන් කරනවා යේසුස්ගේ පැමිණීමට හේතුව, “මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය”. දෙවියන් වහන්සේගේ ප්‍රේමය වෙතින් අපව අවහිර කරන්නේ කුමක්ද? අපට සමෘද්ධිමත් ජීවිතයක් ලබා ගැනීමට බාධා කරන්නේ කුමක්ද?

ආධ්‍යාතිමික නීති සතරේ දෙවැන්න නම්, පාපය කරණකොටගෙන මනුෂ්‍යත්වය කිළිටි වී ඇත, එහෙයින් දෙවියන් වහන්සේගෙන් අපව වෙන් කර ඇත. එහි ප්‍රතිථලය නම්, අපගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ අසිරිමත් (පුදුම සහිත) සැලැස්ම අපට දැන ගැනීමට නොහැකිය. රෝම 3 : 23 සහතික කරනවා මෙම තොරතුරු, “සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති”. රෝම 6 : 23 කියනවා පාපය නිසා අපට ලැබෙන ප්‍රතිවිපාකය, “පාපයේ කුලිය නම් මරණයය”. දෙවියන් වහන්සේ අපව මැව්වේ උන් වහන්සේ සමඟ මිත්‍රත්වය (සම්බන්ධතාවය) ඇති කර ගැනීම පිණිසයි. එසේ වූවත් මනුෂ්‍ය ප්‍රජාව ලෝකය තුළට පාපය ගෙනාවා, එබැවින් දෙවියන් වහන්සේගෙන් වෙන් වී සිටිනවා. දෙවියන් වහන්සේ අප සමඟ පවත් වන්නට අදහස් කර ගෙන සිටි උන් වහන්සේගේ සම්බන්ධතාවය අප විසින්ම විනාශයට පත් කලා. මෙයට විසිඳුම කුමක්ද?

ආධ්‍යාත්මික නීති සතරේ තෙවැන්න නම්, අපගේ පාප සඳහා දෙවියන් වහන්සේගේ එකම සූදානම යේසුස් ක්‍රිස්තුස් පමණයි. යේසුස් ක්‍රිස්තුස් තුළින් අපගේ පාප වලට සමාව ලබා ගැනීමත්, දෙවියන් වහන්සේ සමඟ සෘජු සම්බන්ධතාවය නැවත සකස් කර ගැනීමට හැකිය. රෝම 5 : 8 අපට ප්‍රකාශ කරනවා, “දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව් කාරයන්ව සිටිය දීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය”. 1 කොරින්ති 15 : 3-4 කියා දෙනවා අපට ගැලවීම සඳහා දැන ගත යුතු සහ විශ්වාස කල යුතු වදන, “ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණු බවත්, උන වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා උන් වහන්සේ නැගුටුවනු ලැබූ බවත්”. යේසුස් නුඹට කියන සේක, ගැලවීමට ඇති එකම මාර්ගය නම් උන් වහන්සේ බව, යොහන් 14 : 6 “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිනෙන්නේ නැත”. මම මේගැලවීම නමැති ආශ්චර්යමත් තිළිණය (ත්‍යාගය) ලබා ගන්නේ කෙසේද?

ආධ්‍යාත්මික නීති සතරේ සතර වැන්න නම්, මේ ගැලවීම නමැති ආශ්චර්යමත් තිළිණය ලබා ගැනීමට සහ අපගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ ආශ්චර්යමත් සැලැස්ම දැන ගැනීමට නම් අපි යේසුස් ක්‍රිස්තුස් අපගේ ගැලවුම්කාරයා හැටියට විශ්වාසය තැබිය යුතුය. යොහන් 1 : 12 අපට මේදේ විස්තර කරනවා, “යම් පමණ දෙනෙක් උන් වහන්සේ පිළි ගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන් සේක”. ක්‍රියා 16 : 31 පැහැදිළිව ප්‍රකාශ කරනවා, “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය”. යේසසුස් ක්‍රිස්තුස් තුළින් පමණක්, කරුණාව කරණකොටගෙන හා විශ්වාසය කරණකොටගෙන අපට ගැලවීම ලැබිය හැක.

ඔබ විශ්වාස කරනවා නම් යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවුම්කරුවා බව, මෙන්න සරල යාච්ඤාවක්. මතක තබා ගත යුත්තේ මේ යාච්ඤාව හෝ වෙන යාච්ඤාවක් කීමෙන් හෝ ඔබට ගැලවීම ගෙන දෙන්නේ නැත. මේ යාච්ඤාව තුළ සරල ලෙස ඔබට දෙවියන් වහන්සේට ඔබගේ ඇදැහිල්ල ප්‍රකාශ කොට, උන් වහන්සේ ලබා දුන් ගැලවීම උදෙසා ස්තුති කළ හැකිය.

දෙවියන් වහන්ස, ඔබට විරුද්ධව මා පව් කළ බවද, එයට මා දඬුවම් ලැබිය යුතු බවද දනිමි. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ මාගේ පාපය දරාගෙන ඇදහිල්ල කරණකොටගෙන මට සමාව ලැබී තිබේ. මාගේ පාපයන් ගෙන් හැරී ගැලවීම කෙරෙහි විශ්වාසය තබමි. මම මගේ පාපයෙන් මිදී ගැලවීම උදෙසා ඔබ වහන්සේ තුළ විශ්වාසය තබමි. ඔබ වහන්සේගේ ඉමහත්වූ කරුණාවට හා සමාව දීමට ස්තුතියි. එමෙන්ම අනර්ඝ වූ දීමනාව වන සදාකාලික ජීවනයටද ස්තුතියි-ආමෙන් !

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආධ්‍යාත්මික නීති සතර මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries