settings icon
share icon
ප්‍රශ්නය

මට විරුඳ්ධව පව් කළ (ක්‍රියා කළ) අයට සමාව දෙන්නේ කෙසේද?

පිළිතුර


සියලු දෙනාගෙන්ම වැරදි වී ඇත. යම් අවස්ථාවල පව් කර ඇත. කිතුනුවකු ලෙස එවැනි සිදුවීමකදී ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? බයිබලයට අනුව, අපි සමාව දිය යුතුය. එපීස 4:32 පවසනවා, “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙයල්ලා.” එයට සමානව කොලොස්සි 3:13 ප්‍රකාශ කරනවා “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකනෙකාට කමා වෙයල්ලා, ස්වාමින් වහන්සේ නුඹලාට කමා කමාවුණාක්මෙන් නුඹලාත් කර පල්ලා.” ලියවිලි පාඨ දෙකේම මූලික කරුණ නම් දෙවියන් වහන්සේ අපිට සමාව දී ඇති ලෙස අපද එකිනෙකාට කමාව විය යුතුය යන්න වේ. අප සමාව දෙන්නේ ඇයි? මන්ද අපට සමාව ලැබී ඇති නිසා. කිතුනු නොවන අය, කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ සමාව ලබා නැත. එසේම සමාවදීමට බලය හා අශාවද ඔවුනට නැත.

සමාවදීමට අපට ලෙහෙසි වනවා එය ඉතා බැගෑපත්ව පසුතැවිලිව ඇවිත් අප‍ෙගන් ඉල්ලන කෙනෙකුට පමණක් දීමට නම්. බයිබලය අපට පවසනවා අප සමාව දිය යුතු බවට කිසිම කොන්දේසියක් නැතිව, අපට විරුද්ධව පව් (ක්‍රියා) කරපු කෙ‍ෙනකුට. අප්‍රසන්න ක්‍රියා පඨිපාටියක් ඇත්තෙකුට සැබවින්ම සමාවදීමට අකමැත්ත, තිත්තකම, හා කෝපය සැබෑ කිතුනුවකුගේ ගුණාංග නොවේ. ස්වාමින්ගේ යාච්ඤාවේදී අපි දෙවියන් වහන්සේගෙන් අපගේ පාපවලට සමාව ඉල්ලා සිටිනවා, අපට වරද කළ අයට අප සමාවුණ ලෙසම (මතෙව් 6:12). යේසුස් වහන්සේ මතෙව් 6:14-15 වදාළා “මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරන සේක. නමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන් වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරන සේක.” අනෙක් ලියවිලි කොටස් වලට ආලෝකයක් ලෙසට එයින් කථා කරන්නේ දෙවියන් වහන්සේගේ සමාව දීම වේ. මතෙව් 6:14-15 පැහැදිලි තේරුම් ගැනීම නම් අන්අයට සමාව නොදෙන කෙනා දෙවියන් වහන්සේගේ සැබෑ සමාව අත් දැක නැති බවයි.

දෙවියන් වහන්සේගේ ආශාවල් එකක් හරි අපි අකීකරු උනොත් අපි උන් වහන්සේට විරුද්ධව පව් කරයි. අපි තවත් පුද්ගලයෙකුට වැරුද්දක් කළ අවස්ථාවක අප එම මනුෂ්‍යාට පමණක් නොව දෙවියන් වහන්සේටත් විරුද්ධව පව් කරයි. අප‍ෙග් සියළු අයුතුකම් වලට දෙවියන් වහන්සේ කමාව දෙන සේක යන්න කෙරෙහි අපගේ අවධානය යොමු කළ විට අපට කිසිම විටෙක අන්අයගෙන් සමාව වලකා ගත නොහැක. අපි දෙවියන් වහන්සේට විරුද්ධව පව් කර ඇති ලෙසට කිසිම මනුෂ්‍යකු අපට විරුද්ධව පව් කර නැත. දෙවියන් වහන්සේ අපට එසේ සමාව දුන්නා නම් ඉතා ස්වල්ප වැරදි කළ අපගේ අයට සමාව නොදී සිටින්නේ කෙසේද? යේසුස් වහන්සේගේ උපමාවේ මතෙව් 18:23-25 සත්‍ය පිළිබඳ බලවත් උදාහරණයකි. දෙවියන් වහන්සේ අපට පොරොන්දු වෙනවා අප උන් වහන්සේ වෙතට සමාව ඉල්ලා පැමිණෙන විට එය නොමිලේ උන් වහන්සේ දෙනවා (1 යොහන් 1:9). අපි ලබා දෙන සමාව සීමා රහිත විය යුතුය. එලෙසම දෙවියන් වහන්සේගේ සමාවටද සීමාවක් නැත (ලූක් 17:3-4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මට විරුඳ්ධව පව් කළ (ක්‍රියා කළ) අයට සමාව දෙන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries