ගැලවීම සහ සියලු පාප වලට සමාව මට ලැබී ඇත්නම්, තවත් දිගටම පව් නොකරන්නේ ඇයි?




ප්‍රශ්නය: ගැලවීම සහ සියලු පාප වලට සමාව මට ලැබී ඇත්නම්, තවත් දිගටම පව් නොකරන්නේ ඇයි?

පිළිතුර:
මේ හා සමාන ප්‍රශ්නයකට අපෝස්තලික පාවුල්තුමාගේ උත්තරය රෝම 6:1-2 වූයේ කුමක් කියමුද? දේව වරප්‍රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමුද? නැත, කොහෙත්ම නැත, පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තව දුරටත් ජීවත් වන්නේ කෙසේද? ගැලවීම පිණිස “ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කර” පසුව ගොස් ඔහු / ඇය පෙරසේ ජීවත් වෙමුයි කියා යම් කෙනෙකුගේ අදහස කිසිසේත්ම බයිබලයට සම්බන්ධයක් නැත. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටී නම්, එතැන නව මැවිල්ලකි (2 කොරින්ති 5:17). ශුද්ධාත්මයාණන් වහන්සේ අපව මාංශයේ ක්‍රියාවලින් වෙනස් කර (ගලාති 5:19-21) ආත්මයාණනාගේ ඵල අප තුල උත්පාදනය කරයි (ගලාති 5:22-23). කිතුනුවකුගේ ජීවිතය වෙනස් වීම කරණකොට ගෙන වෙනස්වූ ජීවිතයකි.

අනෙකුත් සෑම ආගම් සසඳන කළ ක්‍රිස්තු ධර්මය වෙනස් වන්නේ එහි ඇති පදනම මතය, එනම් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් අප වෙනබුවෙන් කළ දේ නිසාය-දිව්‍යමය සමාප්තියකි. අනෙක් සෑම ධර්මයක්ම පදනම් වී ඇත්තේ දෙවියන් වහන්සේගේ කරුණාව හා පාප ක්ෂමාව ලබන්නට නම් අප විසින් කුමක් කළ යුතුද යන වගය-මනුෂ්‍යය අභිප්‍රාය ඉටු කර ගැනීමක්ය. සෙසු ආගම් වල දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් කරුණාවත් ලබා ගැනීමට යම් දේවල් කිරීමටත්, නොකිරීමටත් උගන්වයි. එහෙත් ක්‍රිස්තු ධර්මය ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් උන් වහන්සේ අප උදෙසා කළ දේ කරණකොටගෙන යම් දේවල් කරන්නටත් නොකරන්නටත් උගන්වයි.

යම් පුද්ගලයෙකු පාප දණ්ඬණයෙන් හා සදාකාල නරකාදියෙන් නිදහස්වූ පසුවත් මුලින්ම නරකාදියට වැටුනු මාර්ගවල නැවතත් ගොස් පෙර ලෙස ජීවත් වන්නේ කෙසේද? යම් පුද්ගලයෙකු පාප ක්ලේෂයන්ගෙන් ශුද්ධවත් කිරීමෙන් පසුවත්, දුශ්චරිතයෙන් යුත් ගවරවලට නැවත යාමට ආශා කරන්නේ මන්ද? ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කළ දේ ගැන දැන දැනත් සමහරෙක් උන් වහන්සේ වැදගත් නොවන ලෙස ජීවත් වන්නේ මක්නිසාද? කිසිවෙකු ක්‍රිස්තුස් වහන්සේ අප‍ෙග් පාප උදෙසා දුක් විඳපු බව අවබෝධ කර ගෙනත්, ඒ දුක් ගාවිනා නිෂ්ඵල සේ තවත් දිගින් දිගටම පව් කරමින් සිටින්නේ කුමක් හෙයින්ද?

රෝම 6:11-15 ප්‍රකාශ කරනවා “එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතා ගනිල්ලා. එබැවින් නුඹලා නුඹලාගේ මරණියවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා. නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන් මෙන් දෙවියන් වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන් වහන්සේට භාර දීපල්ලා. කුමක්හෙයින්ද නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය. එසේවී නම් කිමෙක්ද? අපි ව්‍යවස්ථාව යටතෙහි නොව කරුණාව යටතෙහි සිටින නිසා පව් කරමුද? එසේ නොවේවා”. කොහෙත්ම නැතයි ප්‍රකාශ කර ඇත.

මක්නිසාදයත් සැබෑ ලෙස හැරුණු තැනැත්තාට පාපකාරී ජීවිතයක් ගත කිරීම විකල්ප මාර්ගයක් නොවේ. අපගේ හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මුළුමනින්ම නව ස්වභාවයක් ලැබෙන බැවින් අප තව දුරටත් පාපයේ ජීවත්වීමට ඇලුම් කළ යුතු නැත. එසේය, අප තවත් පව් කරමුව, එහෙත් වරක් කළා මෙන් එම මඩවගුරේ ලඟ සිටිනවා වෙනුවට එයට ද්වේශ කරමින්, එයින් නිදහස්වීම ටඅප අදහස් කරමු. ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කළ ජීවිත පරිත්‍යාගය වාසියකට ගනිමින් දිගටම පාපතර ජීවිතයක් ගත කිරීමේ අදහස සිතනාටවත් නොහැකිය. යම් පුද්ගලයෙකු ඔහු කිතුනුවෙකු යැයි අදහගෙන තව දුරටත් පරණ පාපිවූ ජීවිතයට ඇලුම් වන්නේ නම්, ඔහුගේ ගැලවීම සම්බන්ධයෙන් සැකයක් ඇති කර ගැනීමට මෙය හේතුවක් වේ. “නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්‍ෂාකර බලාපල්ලා, නුඹලාවම සෝදිසිකර බලාපල්ලා, නොහොත් නුඹලා එපා කරන ලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුළෙහි වසන බව නුඹලාම නොදනිවුද? නොදන්නාහු නම් නඹලා පරාජිතයෝ වන්නහුය”. (2 කොරින්ති 13:5).



නැවතත් සිංහල මුල් පිටුවට



ගැලවීම සහ සියලු පාප වලට සමාව මට ලැබී ඇත්නම්, තවත් දිගටම පව් නොකරන්නේ ඇයි?