අප පවුලේ ප්‍රමුඛතාවන්හි අනුපිලිවෙල විය යුත්තේ කුමක්ද?




ප්‍රශ්නය: අප පවුලේ ප්‍රමුඛතාවන්හි අනුපිලිවෙල විය යුත්තේ කුමක්ද?

පිළිතුර:
පවුල් සබඳතාවන්හි ප්‍රමුඛතාවන් අනුපිලිවෙල පියවරින් පියවර දේව වචනයේ විදහා නොදැක්වේ. කෙසේ නමුත් අපට පවුල් සබඳතාවන්හි ප්‍රමුඛතාවන් ඇති කරගන්නා කිරීම සඳහා අවශ්‍යය වන පොදු මූලධර්ම දේව වචනය තුලින් සොයා ගත හැකිවේ. නිසැකවම දෙවියන් වහන්සේ මූලිකයා වේ. ද්විතීය කථාවේ 6:5 හී සඳහන් ආකාරයට නූඹේ දෙවිවූ ස්වාමීන් වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරපන්න.” ඕනෑම කෙනෙකුගේ හදවත, ප්‍රාණය සහ ශක්තිය අපගේ ප්‍රේමණීය දෙවියන් වහන්සේට කැප කළ යුත්තේ එතුමාණන් අපගේ මූලික ප්‍රමුඛතාවය කර ගනිමිනි.

ඔබ විවාහවූ කෙනෙකු නම් ඉන්පසුව සිටින්නේ ඔබගේ භාර්‍යයාව හෝ ස්වාමිපුරුෂයාය. විවාහවූ ස්වාමිපුරුෂයෙක් තම භාර්‍යයාවට ප්‍රේම කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ තම සභාවට ප්‍රේම කරන ආකාරයට වේ (එපීස 5:25). ක්‍රිස්තුස් වහන්සේගේ මූලික ප්‍රමුඛතාවය වූයේ පියාණන් වහන්සේට අවනත වීම සහ එතුමන් ගෞරවයට පැමිණවීමෙන් අනතුරුව සභාවය. ස්වාමිපුරුෂයෙකු අනුගමනය කළ යුතු ආදර්ශය නම් මෙය: දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් වන අතර තම භාර්‍යයාව දෙවනුව සිටිය යුතුය. ඒ අයුරින්ම භාර්‍යයාවන්ද “ස්වාමින් වහන්සේට මෙන්” තම ස්වාමිපුරුෂයාට යටහත් විය යුතුවේ (එපීස 5:22). මූලධර්මය නම් ස්ත්‍රියකගේ ස්වාමිපුරුෂයා ඇයගේ ප්‍රමුඛතාවයන්ගෙන් දෙවැනි වන්නේ දෙවියන් වහන්සේට පමණි.

අපගේ ප්‍රමුඛතාවයන්ගෙන් දෙවැනි වන්නේ භාර්‍යයාව හෝ ස්වාමිපුරුෂයාව නම් ස්වාමිපුරුෂයා සහ භාර්‍යයාව එක් මාංශයක් වන හෙයිනි (එපීස 5:31), විවාහ සබඳතාවන්හි ප්‍රතිඵලයක් වන දරුවන් ඊළඟ ප්‍රමුඛතාවය විය යුතු බවට හේතු කාරකයක් වේ. දෙමව්පියන් විසින් දරුවන් එසවිය යුත්තේ දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ප්‍රේම කරන්නාවූ ඊළඟ පරම්පරාව ලෙසින්ය (හිතෝපදේශ 22:6; එපීස 6:4), ඒතුලින් දෙවියන් වහන්සේ මූලිකයා බව නැවතත් පෙන්නුම් කරයි. අනෙකුත් සියළු සබඳතාවන් තුළින් එය ප්‍රතිබිම්බනය විය යුතු වේ.

සියළු දේ යහපත් වන පිණිසත් මේ පොළොවේ අපගේ දවස් බොහෝ වන පිණිසත් අප දෙමව්පියන්ට ගරු කළ යුතු බව ද්විතීය කථාවේ 5:16 හි ප්‍රකාශ කරනු ලබයි. කිසිඳු වයස් සීමාවක් නිරූපණය නොවන හෙයින් අප ජීවත්ව සිටින තාක් කල් දෙමව්පියන්ට ගරු කළ යුතු බව එතුළින් මග පෙන්වනු ලැබේ. සැබවින්ම දරුවෙකු වැඩි වියට පත්වූ විට අවනත වීමට බැඳී නොසිටින නමුත් (“දරුවනි, දෙමව්පියන්ට ගරු කර පන්න...”), ඔවුන්ට ගරු කිරීම සඳහා වයස් සීමාවක් නැත. මෙතුළින් අපට එළඹිය හැකි අවසන් නිගමනය නම් දෙමව්පියන් අපගේ ප්‍රමුඛතා පෙළින් දෙවියන් වහන්සේ, ස්වාමිපුරුෂයා සහ භාර්‍යයාව සහ දරුවන්ගේ පසුව මීළගට සිටින බවය. දෙමව්පියන්ට පසුව පවුලේ අනෙකුත් සියළු දෙනා සිටිති (1 තිමෝති 5:8).

අපගේ ප්‍රමුඛතා පෙළින් පවුලේ අය අනුගමනය කරන කල ඉන්පසුව සිටින්නේ අපගේ සහකාර ඇදහිලිවන්තයන්ය. රෝම 14 අපට ප්‍රකාශ කරනු ලබන්නේ අප සහෝදරයන්ව විනිශ්චය කිරීමක් හෝ පහත හෙලීමක් නොකළ යුතු බවත් (10 වන පදය) සහකාර කිතුනුවන් “පැකලීමකට” හෝ ආත්මිකව වැටීමකට පාත්‍ර නොකළ යුතුවේ. 1 වන කොරින්ති පොතේ බොහෝකොටම පාවුලුතුමා උපදෙස් දෙනු ලබන්නේ සභාවේ සැවොම එකමුතු කමින් සහ එකිනෙකාට ප්‍රේම කරමින් ජීවත් විය යුතු ආකාරයයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ සහෝදර සහෝදරියන්ට දෙනු ලබන අනෙකුත් අනුශාසනා නම් “ප්‍රේයෙන් එකිනෙකාට සේවය කරන්නෝ වෙයල්ලා” (ගලාති 5:13), “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකමුපා ඇතුව සිට, ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙයල්ලා” (එපීස 4:32), “එබැවින් නුඹලා කරන්නාක් මෙන් එකිනෙකාට අවවාද කොට, එකිනෙකා වර්ධනය කර ගනිල්ලා” (1 තෙසලෝනික 5:11), “තවද ප්‍රේමයටද යහපත් ක්‍රියා වලටද පොළොඹ වන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු” (හෙබ්‍රෙව්10:24). අවසානයට සිටින්නේ අප විසින් සුභාරංචිය ගෙන ගොස් ගෝලයන් කළ යුතු ලොව අන් සියළු දෙනාවේ (මතෙව් 28:19), අවසාන නිගමනය ලෙස, දේව වචනානුකුල ප්‍රමුඛතා අනුපිළිවෙල නම් දෙවියන් වහන්සේ, ස්වාමිපුරුෂයා හෝ භාර්‍යයාව, දරුවන්, දෙමව්පියන්, විතත පවුල් ක්‍රිස්තුස් වහන්සේ තුළ සහෝදර සහෝදරියන් සහ ලොව අන් සියළු දෙනාවේ. සමහර අවස්ථාවලදී එක් අයෙකුට වඩා ඉහළින් තවත් කෙනෙකු පිළිබඳව යොමු වීමට සිදුවන නමුත් අපගේ ඉළක්ය විය යුත්තේ කිසිඳු සබඳතාවක් පැහැර නොහැරීමය. දේව වචනානුකුල සමබරතාවය නම් අපගේ පවුල් ඇතුළත සහ පිටත සියළු සබඳතාවන්හි ප්‍රමුඛතාවන් සහ සම්මුඛ වීමට දෙවියන් වහන්සේට අපට බලය පැවරීමට ඉඩ හැරීමයි.



නැවතත් සිංහල මුල් පිටුවට



අප පවුලේ ප්‍රමුඛතාවන්හි අනුපිලිවෙල විය යුත්තේ කුමක්ද?