settings icon
share icon
ප්‍රශ්නය

බයිබල් අනායාස මරණය (දුක් නොවිඳ මැරීම)?

පිළිතුර


අනායාස මරණය ඉතා අපහසු තත්වයක් විය හැක. පැති දෙකක් තිබෙනවා සමබරව තබා ගතයුතු. එක පැත්තකින් අපට අවශ්‍ය නැහැ තව කෙනෙකුගේ ජීවිතයක් අකාලයේ නැති කිරීමට. තවත් පැත්තකින් කෙ‍ෙනකු තවත් ඉදිරියට ජීවත් නොවිය යුතුයැයි කියා ඔහුගේ මරණය තී‍රණය කිරීමට අපට හැකිවන්නේ කුමක් පදනම් කර ගෙනද?

සාරාංශය අභිබවා යන සත්‍ය නම් දෙවියන් වහන්සේ උන් වහන්සේගේ රාජකීයත්වය තුළ අනායාස මරණයට විරුද්ධයි. ශාරීරික මරණය අනිවාර්ය දෙයක් බව අප දන්නවා (ගීතාවලිය 89:48; හෙබ්‍රෙව් 9:27). කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ මරණය කවදාද කෙසේද සිදුවිය යුත්තේ බවට දෙවියන් වහන්සේට පමණයි තීරණය කිරීමට හැක්කේ. යෝබ් සාක්‍ෂි දරනවා යෝබ් 30:23, “මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමණුවන බව දනිමි.” දේශනාකාරයා 8:8 පවසනවා, “ප්‍රාණය නවත්වා ගන්න හැටියට ප්‍රාණය කෙරෙහි බලය ඇති කෙනෙක් නැත, මරණයේ දවස කෙරෙහි බලය ඇති කෙනෙකුත් නැත.” මරණයට අවසාන තීන්දුව ඇත්තේ දෙවියන් වහන්සේ තුළය (1 කොරින්ති 15:26; 54:56; හෙබ්‍රෙව් 2:9; 14-15; එළිදරව් 21:4). අනායාස මරණය නම් දෙවියන් වහන්සේගේ ඒ ආධිපත්‍ය සොරා ගැනීමට උත්සහ දැරීමයි.

මරණය සාමාන්‍ය සිදුවීමකි. සමහර අවස්ථාවලදී සමහර අයට දෙවියන් වහන්සේ මරණයට පෙර දීර්ඝ කාලයක් දුක් විඳීමට සලස්වයි, තවත් සමහර අවස්ථාවලදී පුද්ගලයාගේ දුක් විඳීමේ කාලය කෙටි වේ. කිසිකෙනෙකු දුක්විඳීම රස විඳින්නේ නැත, නමුත් ඉන් අදහස් කරන්නේ නැහැ පුද්ගලයා මරණයට සූදානම් කියා. බොහෝ අවස්ථාවලදී ‍ෙක‍ෙනකුගේ දුක්විඳීම තුළින් දෙවියන් වහන්සේගේ අරමුණ හෙළිදරව් වේ. “සමපතති කාලයේදී ප්‍රීතිවෙයන්න, නුමුත් විපත්ති කාලයේදී කල්පනා කර පන්න. දෙවියන් වහන්සේ ඒකත් මේකත් ළංකොට තැබුවේ” (දේශනාකාරයා 7:14). රෝම 5:3 හී උගන්වන දෙය නම් පීඩා කාලය තුළින් දැඩි උත්සහයක් ඇති කරයි. තමන්ගේ දුක්වඳීම අවසානයකට ගෙන ඒම නිසාවෙන් මරණය ඉල්ලා හඬන අයවලුන් ගැනද දෙවියන් වහන්සේ සලකයි. දෙවියන් වහන්සේ ජීවිතයටත් එහි අවසානයටත් අරමුණක් දෙයි. හොඳම කුමක්ද කියා දන්නේ දෙවියන් වහන්සේය, කාලයද, කෙ‍ෙනකු‍ෙග් මරණය තුළදීද සම්පූර්ණයි.

එම අවස්ථාවේදීම, බයිබලයේ අපට අඥාකර නැත කෙ‍ෙනකු ජීවත් කරවීමට අවශ්‍ය උපරිමයම කළ යුතුමයි යන්න. කෙනෙකුගේ හුස්ම වැඩ කරන්නේ යන්ත්‍ර උපකරණයෙන් පමණක් නම් ඒ යන්ත්‍ර නිවාදමා ඔහුට අවසාන ගමනට ඉඩහැරීම වරදක් නොව. කිසිම තත්වයකින් බේරාගැනීමට නොහැකි අසාධ්‍යම තත්වයේ කිසිම චලනයක්වත් නැතිව මාස ගණන් සිට බලලා බලලා ඒ ඔහුට යොදා තිබෙන යන්ත්‍ර අක්‍රිය කිරීම දෙවියන් වහන්සේව කුපිත කිරීමක් නොව. දෙවියන් වහන්සේට කෙනෙකුව ජීවත් කිරීමට ආසා නම් ඒ යන්ත්‍ර උපකරණ නොමැතිව උන් වහන්සේට කළ හැකිය.

මේ ආකාර තීරණයක් ගැනීම අපහසු සේම වේදනාකාරී වේ. අප ආදරේ කරනා කෙ‍ෙනකුගේ ජීවත්වීමට උපකාර කරන යන්ත්‍ර උපකරණ අක්‍රිය රන්නැයි වෛද්‍ය වරයෙකුට පැවසීම ඉතා අපහසු කාර්යයකි. අකාලයේ ජීවිතයක් නැති කිරීම නොකල යුතුය. නමුත් එම අවස්ථාවේදීම, ජීවිතයක් ජීවත්කරවීම හේතුවෙන් අස්වාභාවිකව උත්සහයක නිරත විට යුතු නැත, මේ ආකාර තත්වයකට මුහුණ දෙන කෙනෙකු කළ යුතු හොඳම දෙය නම් පඥාව ඉල්ලා දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමයි (යාකොබ් 1:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබල් අනායාස මරණය (දුක් නොවිඳ මැරීම)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries