settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීම නම් කුමක්ද? කිතුනු ගැලවීමේ මූලධර්මය කුමක්ද?

පිළිතුර


ගැලවීම නම් දුක්විඳීමේ භයානත්වයෙන් (උවදුරෙන්) මිදීමයි. ගැගැලවීම නම් මුදාගැනීම හෝ රැකගැනීමයි. එම වචනයේ අර්ථය නම් ජයග්‍රහණය, ශරීර සුවය, හෝ ආරක්‍ෂාවයි. සමහරවිට, බයිබලයේ ශාරීරික මිදීමටත් ගැලවීම යන වචනය භාවිතා කරයි, පාවුල්තුමා සිර ගෙදරින් නිදහස්වීම වැනි (පිලිප්පි 1:9).

බොහෝවිට, “ගැලවීම” යන වචනයේ අර්ථය සදාකාල ආත්මික මිදීමයි. පිලිප්පියේ සිරගෙයි මුලාදෑනියාට පාවුල්තුමා පැවසුවේ කුමක්ද? ඔහු ගැලවීම ලැබීමට නම් කළ යුතු දෙය පිළිබඳව, ඔහු අදහස් කළේ සිරගෙයි මුලාදෑනියාගේ සදාකාල ඉරණම පිළිබඳව (ක්‍රියා 16:30-31). යේසුස් වහන්සේ ගැලවීම ලැබීම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට සමකරයි (මතෙව් 19:24-25).

අප ගැලවීම ලබා ඇත්තේ කුමකින්ද? කිතුනු ගැලවීමේ මූලධර්මය තුළ අප ගැලවීම ලබා ඇත්තේ “උදහසින්” එනම් පාපයට විරුද්ධව ඇති දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් (රෝම 5:9; 1 තෙසලෝනික 5:9). අපගේ පාපයන් අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරයි, එසේම පාපයේ විපාකය මරණයයි (රෝම 6:23). බයිබලානුකුල ගැලවීම අදහස් කරන්නේ අපගේ පාපයේ කුලිය / විපාකයෙන් ගැලවීම හා ඒමගින් පාපය ඉවත් කරීම.

ගැලවීම දෙන්නේ කව්ද? දෙවියන් වහන්සේට පමණයි පාපයෙන් ගැලවීම හා අපව පාපයේ කුලියෙන් ගැලවීමට (2 තිමෝති 1:9; තීතස් 3:5).

දෙවියන් වහන්සේ ගලවන්නේ කෙසේද? කිතුනු ගැලවීමේ මූලධර්මයට අනුව දෙවියන් වහන්සේ අපව මුදවා ඇත්තේ යේසුස් වහන්සේ කරණකොටගෙනය (යොහන් 3:17). විශේෂයෙන්, යේසුස් වහන්සේගේ මරණය හා උත්ථානයයි අපගේ ගැලවීම කරා යන්නේ (රෝම 5:10; එපීස 1:7). ලියවිල්ලේ පවසනවා ගැලවීම කරුණාභරිත, අප ලැබීමට නොසුදුසු දෙවියන් වහන්සේගේ දීමනාවක් බවට (එපීස 2:5, 8) එසේම එය ලැබිය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් පමණක් බවට.

අප ගැලවීම ලබන්නේ කෙසේද? අප ගැලවෙන්නේ ඇදහිල්ල කරණකොටගෙනය. පළමුව, අපට ශුභාරංචිය වන ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා උත්ථානය පිළිබඳව අසන්නට ලැබිය යුතුය (එපීස 1:13). ඊටපසු, අප විශ්වාස කළ යුතුය-සම්පූර්ණයෙන් විශ්වාස කළ යුතුය ස්වාමිවූ යේසුස් වහන්සේව (රෝම 1:16). එහි පසුතැවීම, පාපය හා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ වෙනස්වූ මනසක් අඩංගුවේ (ක්‍රියා 3:19), එමෙන්ම ස්වාමින් වහන්සේගේ නාමය කෙරෙහි ඇයදීම (රෝම 10:9-10,13).

කිතුනු ගැලවීමේ මූලධර්මයේ විග්‍රහය වනුයේ “ගැලවීම, දෙවියන් වහන්සේගේ කරුණාව කරණකොටගෙන, පාපය නිසාවූ සදාකාල දඬුවමින්, ස්වාමින් වහන්සේගේ කොන්දේසිය වන පසුතැවීම හා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි අදහන අයට ලබා දෙනු ඇත.” ගැලවීම අඩංගු වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණි (යොහන් 14:6; ක්‍රියා 4:12) හා සැපයීම, රැකවරණය, ආවරණයට දෙවියන් වහන්සේ මත පමණක් යැපීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීම නම් කුමක්ද? කිතුනු ගැලවීමේ මූලධර්මය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries