settings icon
share icon
ප්‍රශ්නය

මම දික්කසාද වෙලා. එම නිසා බයිබලයට අනුව මට නැවත විවාහ විය හැකිද?

පිළිතුර


බොහෝ අවස්ථාවලදී අපිට මේ ආකාර ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය හැක. එනම්, “මට දික්කසාද වීමට සිදුවුනේ මේ මේ හේතු නිසා බවටත් එම නිසා මට නැවත විවාහ විය හැකිද?” “මම දෙසැරයක් දික්කසාද විය-පළමු වර මාගේ සහකරුගේ / සහකාරියගේ අනාචාර (වෛශ්‍යාකම) නිසාත්, දෙවනි වර එකිනෙකා තේරුම් ගැනීමේ (නොගැළපුම) හැකියාව මදිකම නිසාය. මම යෝජනා (ඇසුරක්) කරනවා මනුෂ්‍යකුව තෙවරක් දික්කසාදවුන-පළමු වර එකිනෙකා තේරුම් ගැනීමේ (නොගැළපුම) හැකියාව නිසා, දෙවනුව ඔහුගේ වෛශ්‍යාකම නිසා, දෙවනුව ඔහුගේ සහකාරියගේ වෛශ්‍යාකම නිසා. අපිට එකිනෙකා විවාහ කර ගත හැකිද?” මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු දීමට අපහසුය, මන්ද, මෙවැනි දික්කසාදයකට පසු නැවත විවාහ වීම පිළිබඳව බයිබලයේ විස්තරාත්මකව ගැඹුරෙන් නොයන නිසා.

අපි ස්ථීරව දන්නාවූ දෙය නම් විවාහවූ දෙදෙනෙකු එම දෙදෙනා ජීවත්වන තුරු එකට ජීවත්වීම දෙවියන් වහන්සේගේ සැලැස්ම බව (උත්පත්ති 2:24; මතෙව් 19:6). දික්කසාදයෙන් පසු නැවත විවාහ වීමට ඇති එකම හේතුව (අවසරය) නම් වෛශ්‍යාකම (මතෙව් 19:9), කිතුනුවන් අතර මෙය විවාදයට ලක් වූවක්. තවත් හේතුවක් අත්හැර යාම-නොහැදිලිකාර සහකරුවෙකු ඇදහිලිකාර සහකරුවෙකු අතහැර ගියොත් (1 කොරින්ති 7:12-15). මේ කොටස නැවත විවාහය පිළිබඳව කථා නොකළත් එහි පවසන්නේ එක විවාහයක් තුළ බැඳී සිටින්න යන්නයි. එය ශාරීරික, ලිංගික,දුෂ්කර හැඟීමි පීඩාව (මානසික පීඩාව) යන ඒවා දික්කසාදයට හා නැවත විවාහයට හේතුවේ. කෙසේ වෙතත්, මෙය බයිබලයේ මෙසේ කියාදී නැත.

අපි කාරණා දෙකක් ස්ථීරව දන්නෙමු. එනම් දෙවියන් වහන්සේ දික්කසාදය එපා කරන අතර (මලාකි 2:16), හා දෙවියන් වහන්සේ කරුණාවන්ත හා සමාව දෙන දෙවි කෙනෙකි. සෑම දික්කසාදයක්ම පාපයේ ප්‍රතිඵලයකි, දෙදෙනාගේ හෝ දෙදෙනාගෙන් එක් කෙනෙකුගේ. දෙවියන් වහන්සේ දික්කසාදයට සමාව දෙයිද? නිසැකවම! දික්කසාදය අනෙක් පාප වලට වඩා සමාව දීමට නොහැකි පාපයක් නොවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම සියළු පාප වලට සමාව ලබා දේ (මතෙව් 26:28; එපීස 1:7). දෙවියන් වහන්සේ දික්කසාදය නමැති පාපයට සමාව දීම නම් ඔබට තවත් විවාහයක් සිදු කර ගැනීමට නිදහස තිබේ යන්නද? සැබවින්ම එසේ නොවේ. සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ සමහර අයව තනිකඩව සිටීමට කැඳවා ඇත (1 කොරින්ති 7:7-8). තනිකඩව සිටීම ශාපයක් හෝ ඳඩුවමක් ලෙස පෙන්වා දිය යුතු නැත. නමුත් දෙවියන් වහන්සේට මුළු හදවතින් සේවය කිරීමට හැකියාවක් ලෙස සිතිය යුතුය (1 කොරින්ති 7:32-36). දෙවියන් වහන්සේගේ වචනය අපට පවසනවා ආශාවන්ගෙන් පිච්චි පිච්චි සිටිනවට වඩා විවාහ වීම යහපත් බව (1 කොරින්ති 7:9). බොහෝ විට එය දික්කසාදයෙන් පසු විවාහය පිළිබඳව විය හැක.

ඉතින්, ඔබ නැවත විවාහ විය යුතුද? හැකිද? අපිට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැක. අවසානයෙන් එය ඔබ හා ඔබේ සහකරු අතරයි. එමෙන්ම ඉතා වැදගත්, දෙවියන් වහන්සේ. ඔබ හට අපිට දිය හැකි අවධානය නම් ඔබ කළ යුතු දේ පිළිබඳව ප්‍රඥාව ඉල්ලා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න (යාකොබ් 1:5). විවෘත මනසකින් යුක්තව සැබවින්ම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබගේ හදවත තුළ උන් වහන්සේගේ ආශාව තබන්න කියා (ගීතාවලිය 37 :4). දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න (හිතෝපදේශ 3 :5) හා උන් වහන්සේගේ මග පෙන්වීම අනුගමනය කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම දික්කසාද වෙලා. එම නිසා බයිබලයට අනුව මට නැවත විවාහ විය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries