දිව්‍යමය දේවාරක්ෂාව යනු කුමක්ද?




ප්‍රශ්නය: දිව්‍යමය දේවාරක්ෂාව යනු කුමක්ද?

පිළිතුර:
දිව්‍යමය දේවාරක්ෂාව යනු දෙවියන් වහන්සේ විශ්වයේ සියළු දේ පිළිබඳව ආණ්ඩු කරන බවය. එනම් දෙවියන් වහන්සේ සියළු දේ තම පාලනය යටතේ සිදුකරන බවයි. මේ යටතට මුලු විශ්වයම සමස්තයක් ලෙස දැක්වීම (ගීතාවලිය 103:19), භෞතික (බාහිර) ලෝකය (මතෙව් 5:45), ජාතීන් අතර සබඳතා (ගීතාවලිය 67:7), මනුෂ්‍ය උපත හා ඉරණම (ගලාති 1:15), මනුෂ්‍ය දියුණුව හා අසමත්වීම (ලූක් 1:52), එමෙන්ම එතුමන්ගේ ජනතාවගේ ආරක්‍ෂාව (ගීතාවලිය 4:8) යනාදිය ඇතුලත් වේ. මෙම මතය විශ්වය පාලනය වන්නේ අහඬු සිදුවීම් හා අවස්ථාවන් යන මතයට විරුද්ධ මතයක් වේ.

දිව්‍යමය දේවාරක්ෂාවේ මූලික අරමුණ හා අපේක්ෂාව වන්නේ දේව කැමැත්ත ඉටු කිරීමයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ සියලු ක්‍රියාකාරකම් උදෙසා අධිපතිකම් කරන බවත්, ස්වභාව ධර්මයට කිසිදු අයුරකින් බලයක් හෝ ඒ සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිදුවන බවට මෙය සහතික කරයි.

මනුෂ්‍යයා විසින් ගනු ලබන තීරණ උදෙසාද මෙය බලපානු ලබයි. කිසිදු මනුෂ්‍යයෙකුට දේව කැමැත්තට විරුද්ධව කිසිදු තීරණයක් ගැනීමට හෝ කිසිදු දෙයක් කිරීමට හැකියාවක් නැත. මෙය තවත් විග්‍රහ කලහොත් අපගේ සියලුම දේ හා තීරණ දේව කැමැත්තට සිතුවන බවත් (උත්පත්ති 50:20). ඒ අතරට අපගේ ක්‍රියාවන් හා තීරණ ඇතුලත් වේ (උත්පත්ති 45:5; විතීය කථාව 8:18; හිතෝපදේශ 21:1), නමුත් දෙවියන් වහන්සේ විසින් මේ සියලු දේ කරනු ලබන්නේ අපගේ වගකීම්, සදාචාරාත්මක හේතු මෙන්ම අපගේ තීරණ වල යථාර්ථයන්ට හානි නොවන පරිදිය.

දිව්‍යමය දේවාරක්ෂාව පිළිබඳව ඉගැන්වීම මේ ආකාරයෙන් හඳුන්වා දිය හැකිය “අතීතයේ සිටම දෙවියන් වහන්සේ එතුමන්ගේ කැමැත් නමැති උපදේශය මත සිට සියලු දේ සිදුවීමට නියම කල නමුත් එතුමන් පාපයේ නිර්මාතෘ නොවේ.” ඒ අතර දෙවියන් වහන්සේ විසින් ද්විතීයික වශයෙන් තමන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නාවූ අංශයන් වශයෙන් මිනිස් කැමැත්ත මෙන්ම ස්වභාධර්ම නීතිය හඳුන්වා දිය හැකිය.

තවද යම් අවස්ථාවන්වලදී දෙවියන් වහන්සේ සෘජුවම තම කැමැත් ඉටුකරන අවස්ථාද ඇත. ඒවා යටතට හාස්කම් අයත් වේ. බයිබලය තුල දෙවියන් වහන්සේ විසින් සෘජුව මෙන්ම වක්‍රාකාරව එතුමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරාවූ සිදුවීම් ඇතුලත් වේ. ක්‍රියා 9 හී තාර්සස්හි සාවුල්ගේ හැරීම තුළ දෙවියන් වහන්සේ විසින් සාවුල්ට සෘජුවම කථා කිරීම සිදුවුනු අතර එය දෙවියන් වහන්සේ විසින් එතුමන්ගේ කැමැත්ත සිදුකල අවස්ථාවකි. බොහෝවිට කිතුනුවන්ගේ හැරීම සිදුවන්නේ දේශනාවකට සවන් දීමකින්, පොතක් කියවීමකින් හෝ පවුලේ හෝ යහලුවෙකුගේ සාක්‍ෂියකින් විය හැකිය. මේ අතරටම ඇතුලත් විය හැකි තවත් සිදුවීම් ලෙසට රැකියාවක් අහිමිවීම, තමන්ගේ පවුලේ කෙනෙකුගේ අහිමිවීම, විවාහය දෙදෙරා යාම මෙන්ම රසායනික / මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහිවීම ආදිය සිදුවිය හැක. නමුත් සාවුල්ගේ හැරීම සෘජුවම සිදුවූ අතර එය අස්වාභාවික (ආශ්චර්යෘවත්) සදුවීමකි.

ක්‍රියා 16:6-10 පදයන් හී දෙවියන් වහන්සේ වක්‍රාකාරව එතුමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරනු ලැබූ අවස්ථාවන් ඇතුලත් වේ. මෙය සිදුවන්නේ පාවුල්ගේ දෙවන මිෂනාරි ගමන අතරතුර දෙවියන් වහන්සේ විසින් හා ඔහුගේ සගයා ත්‍රෝවසයට යැවීමට කටයුතු කළ නමුත් ඔහු අන්තියෝකියේ පිසිදීයට ගියෝය. මෙහිදී ඔහුගේ අරමුණ වූයේ ආසියාවට යෑමටය. නමුත් දෙවියන් වහන්සේ විසින් ආසියාවේ දේශනා කිරීමට ඔහුට තහනම් කළේය. පසුව ඔවුන් බිතිනියට යන්නට උත්සහ කලත, එවිටද දෙවියන් වහන්සේ විසින් ඔවුන් වලක්වන ලදි. ඉන් අනතුරුව ඔවුන් ත්‍රෝවසයට පැමිණියෝය. මේ සිදුවීම යම් ආකාරයක අතීතාවලෝකනයක් සේ සැලකීමට හැකියාවක් ඇති නමුත්, පාවුල් හා ඔහුගේ සගයාට ආසියාවට මෙන්ම බිතිනියට යෑමට හැකි නොවීම සම්බන්ධයෙන් සිදුවුනාවූ සිදුවීම් පිළිබඳව තර්කානුකුල විග්‍රහ කිරීමකින් අනතුරුව, ඒ සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත නැති බවට ඔවුන් වටහා ගත් අතර, දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔවුන්ව වෙනත් මාර්ගයක් කරා ගෙන යෑම බව ඔවුන් වටහා ගත්හ. මෙය හිතෝපදේශ 16:9 සඳහන් වන්නේ “මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමු කරවයි, එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමින් වහන්සේය.”

මේ අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත සිදුවීම, යමෙකුගේ තීරණ හා නිදහස් අදහස් විනාශ කිරීමක් ලෙසට ඇතැමුන් හඳුන්වා දිය හැක. ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ දෙවියන් වහන්සේ සියලු දේ පිළිබඳව එතුමන්ගේ කැමැත්ත සිදු කරන්නේ නම් අපගේ තීරණ හමුවේ අප නිදහස් වන්නේ කෙසේද? යන වගයි. තවද ඔවුන් අදහස් කරන්නේ, නිදහස් තීරණ අර්ථවාන්විත වීමට නම්, දෙවියන් වහන්සේගේ කැමැත්තට හා එතුමන්ගේ පාලනයෙන් පිටතට විහිදී ඇති යමක් සිදුවිය යුතු බවයි. මෙය මදකට අප නිවැරදි යැයි සිතුවහොත් එසේනම්, දෙවියන් වහන්සේ අපගේ සියළු අහඬු සිතුවිලි හා ක්‍රියා වලියන් ගේ පාලනයක් සිදු නොකරන්නේ නම් අපට අපගේ මිදීම පිළිබඳ ගැටළු මතුවේ. පාවුල්තුමා විසින් පිලිප්පි 1:6 සඳහන් කරන්නේ “නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකැයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි.” එසේ නම් දෙවියන් වහන්සේ සියළු දේ තමාගේ පාලනය යටතේ සිදු නොකරන්නේ නම් ඵවිට මෙම පොරොන්දුවද ඇතුලත්ව, බයිබලය තුළ සඳහන් වන අනෙක් සියලු පොරොන්දුද අවලංගු ඒවා බවට පත් වේ. එවිට අපගේ ජීවිත වල මිදීම තුලත් ඇරඹුනාවූ ක්‍රියාවලිය අවසානය දක්වා පවතින බවට හා එය සමිපූර්ණ වන බවට කිසඳු වගකීමක්ද ගත නොහැකි වේ.

මෙය තව දුරටත් විග්‍රහ කලහොත් දෙවියන් වහන්සේ සියළු දේ ගැන පාලනයක් නොමැති නම් එවිට උන් වහන්සේ සර්වබලධාරි තැනැන්වහන්සේ නොවේ. එතුමන් සර්වබලධාරි නොවේ නම් එවිට උන් වහන්සේ දෙවියන් වහන්සේ විය නොහැක. දෙවියන් වහන්සේගේ කැමැත්ත හා පාලනයට පිටත් සිදුවන දේ තිබේද? එය පාලනය කරන්නේ දෙවියන් වහන්සේ නොවේ නම් කවුද? පුද්ගලයෙකුගේ ස්වාධීන කැමැත් හා නිදහස් තීරණ මගින් දේවාරක්ෂාව පාලනයට යටත් කිරීමට හැකිය ආදිය පිළිබඳව ගත් විට අවසානයේ දෙවියන් යනුවෙන් අවසන් නිගමනය වන්නේ කවුද? ඒ අපිමය. කිතුනුවන් හා බයිබලීය දැනුම ඇති ඕනෑම අයෙකුට මෙම තීරණය කිසිසේත්ම පිළිගත නොහැකිය. දෙවියන් වහන්සේ විසින් ලබා දෙන්නාවූ දිව්‍යමය දේවාරක්ෂාව පවතින්නේ පුද්ගලයෙකුගේ නිදහස හෝ කැමැත්ත විනාශ කිරීමට නොව, පුද්ගලයෙකුගේ නිදහස හා කැමැත්ත නිවැරදි ලෙස යොදා ගැනීමට උපකාරි වන අංශයක් ලෙසට දිව්‍යමය දේවාරක්ෂාව ශක්තියක් දෙන බවට අප වටහා ගත යුතු කරුණකි.



නැවතත් සිංහල මුල් පිටුවට



දිව්‍යමය දේවාරක්ෂාව යනු කුමක්ද?