settings icon
share icon
ප්‍රශ්නය

මෙම ඩයිනෝසරයන් පිළිබඳව බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? බයිබලයේ ඩයිනෝසරයන් සිටීද?

පිළිතුර


මෙය උත්පත්ති කථාවේ නියම පරිවර්තනය වන පොළොවේ ආරමිභයේ පටන් හා අප අවට ඇති කායික සාක්‍ෂි පරිවර්තනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිතුනු ප්‍රජාව තුළ විශාල වශයෙන් වාද විවාද පැවති මාතෘකාවකි. ලෝකය පිළිබඳ ඉතා ඈත අතීතයක් (බයිබලයට වඩා පැරණි) ගැන විශ්වාස කිරීමට පෙළඹෙන ඇතැම් අය බයිබලය ඩයිනෝසරයන් පිළිබඳව සඳහන් නොකරන බවට එකඟ වෙති. ඊට හේතුව ඔවුන්ගේ ආදර්ශය (මතය) අනුව ඩයිනෝසරයන් වඳවී ගියේ මුල්ම මිනිසා පොළොව මත ඇවිදීමට වසර මිලියන ගණනකට පෙරය. බයිබලය ලියූ මිනිසුන් ඩයිනෝසරයන් ජීවත්ව සිටිනු දැක නොමැත.

පොළොව පිළිබඳ එයට වඩා අඩු ජීවිත කාලයක් පිළිබඳව විශ්වාස කරන අය එකඟවන්නේ බයිබලය “ඩයිනෝසරයන්” යන වචනය සඳහන් නොකළද උන් ගැන සඳහන් කරන බවය. ඒ වෙනුවට ඔවුන් ටැනීයින් (Tanniyn) යන හෙබ්‍රෙව් වචනය භාවිතා කරන බව ඔවුන්ගේ මතයයි. ඉංග්‍රීසි බයිබලයේ ටැනීයින් (Tanniyn) යන වචනය මඳක් වෙනස් ආකාරයට පරිවර්තනය කොට ඇතු ඇතැම්විට එය “මුහුදු රකුසා” (sea monster) ලෙසද තවත් විටෙක “සර්පයා” (serpent) ලෙසද සඳහන් වේ. වඩාත් පොදුවේ එය “මකරා” (dragon) ලෙස පරිවර්තනය වේ. ටැනීයින් (Tanniyn) යනුවෙන් ප්‍රකාශ වන්නේ අති විශාල උරග විශේෂයකි. මෙම සතුන් පිළිබඳව පරණ ගිවිසුමේ තිස් වතාවකට ආසන්න ප්‍රමාණයක් සඳහන් වන අතර උන් ගොඩබිම හා ජලයේ දක්නට ලැබේ.

පරණ ගිවිසුමේ පොදුවේ තිස් වතාවක් පමණ මෙම අති විශාල උරගයින් ගැන සඳහන් වීමට අමතරව බයිබලය සතුන් කිහිප දෙනෙකු පිළිබඳව විස්තර කරන ආකාරයට විශාරදයින් විශ්වාස කරන්නේ ලේඛකයින් එසේ විස්තර කර ඇත්තේ ඇතැම් විට ඩයිනෝසරයන් විය හැකි බවය. දෙවියන් වහන්සේගේ සෑම මැවිල්ලක් අතරින් ප්‍රබලම මැවිල්ල ලෙස සැලකෙන්නේ බෙහෙමොත්ය (යෝබ් 40 : 15). උගේ වල්ගය කිහිරි ගසක් වැනි යයි සඳහන් වේ. ඇතැම් විශාරදයින් බෙහෙමොත් ඇතෙකුට හෝ හිපපොටේමස්ට සමාන කිරීමට උත්සහා දරා ඇත. අන් අය පෙන්වා දෙන්නේ ඇතුන් හා හිපපොටේමස්ට ඇත්තේ කිහිරි ගසකට සමාන කිරීමට නොහැකි ඉතා සිහින් වල්ගයක් බවයි. බ්‍රකියෝසෝරස් (Brachiosaurus) හා ඩිප්ලොඩෝකස් (Diplodocus) මෙන් ඩයිනෝසරස්ටද විශාල වල්ගයක් තිබූ අතර කෙනෙකුට එය පහසුවෙන්ම කිහිරි ගසකට සමාන කළ හැකිය.

සෑම පුරාණ ශිෂ්ටාචාරයකම පාහේ දැවැන්ත උරග වර්ගයකට අයත් සතුන් පිළිබඳ කිසියම් ආකාරයක චිත්‍ර ඇත. පාෂාණ චිත්‍ර, මානවකෘතීන් හා උතුරු අමෙරිකාවෙන් සොයාගත් කුඩා මැටි ප්‍රතිමාවන් පවා ඩයිනෝසරයන් පිළිබඳ නූතන විස්තර කිරීම් වලට සමානය. දකුණු අමෙරිකාවේ ශෛල කැටයම් වල ඩිප්ලොඩෝකස් වැනි සතුන් පිට යන මිනිසුන් ගැන විස්තර කර තිබේ. එමෙන්ම මවිත කර ලෙස ට්‍රිසරේටොප්, ටෙරඩැක්ටයිල් හා ටිරුනසෝසර්ස් රෙකස් වැනි හුරුපුරුදු පිළිරූ ද ඇත. රෝම මොසයික කලා මායානු මැටි භාණ්ඩ හා බබිලෝනියානු නගරයේ ප්‍රාකාර යන සියල්ල මෙම සතුන් සමග භුගෝලීය වශයෙන් නොබැඳි නුමුත් සිත් ඇද ගන්නා සුළු වූ මිනිසාගේ තිරස් සංස්කෘතිය පිළිබඳව සාක්‍ෂි දරන්නේය. මාකෝපෝලෝගේ il Milione වැනි අතීශයෝක්තිය රහිත විස්තර වාර්තා සමග නිධාන සේ සළකන සතුන්ගේ අරුම පුදුම කථාන්තර සමග මිශ්‍ර වන්නේය. එවා සාමාන්‍යයෙන් යටපත් වන සංශය වාදය (සැකයෙන් බලන) ලෙස සැලකුවද දර්ශනගත කිරීම් වල නූතන වාර්තා නොනැසී පවතින්නේය.

ඩයිනෝසරයාගේ හා මානවයාගේ සහජීවනය පිළබඳ බොහෝදුරට සත්‍ය මානව හා ඓතිහාසික සාක්‍ෂි ප්‍රමාණයට අමතරව වෙනත් කායික සාක්‍ෂිද තිබේ. එය උතුරු අමෙරිකාවේ හා බටහිර මධ්‍යම ආසියාවේ ඇතැම් ස්ථාන වලින් එකට හමුවූ ෆොසිලවූ මිනිසාගේ හා ඩයිනෝසරයාගේ පා සටහන් වැනි දේවල්ය.

ඒ අනුව බයිබලයේ ඩයිනෝසරයන් සිටින්නේද? කාරණය සම්මතයෙන් ඉතා දුරය. එය රඳාපවතින්නේ ඇති තොරතුරු මත ඔබ පරිවර්තනය කරන්නේ කෙසේද යන්න හා ඔබ අවට ලෝකය ඔබ දකින්නේ කෙසේද යන කාරණය මතය. මෙහිදී අප වැඩි ඈත නොවන පොළොව පිළිබඳ පරිවර්තනය විශ්වාස කොට ඩයිනෝසරයා හා මිනිසාගේ සහජීවනය පිළගන්නෙමු. අනපේක්ෂිත පාරසරික වෙනස්කම් හා මිනිසා විසින් වඳ කිරීම පිණිස අනුකම්පා විරහිත ලෙස දඩයම් කිරීමේහේතුව යන කාරණා එකතුව ජලගැල්මෙන් කාලයකට පසුව ඩයිනෝසරයන් වඳවූ බව අපි විශ්වාස කරමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මෙම ඩයිනෝසරයන් පිළිබඳව බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? බයිබලයේ ඩයිනෝසරයන් සිටීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries