settings icon
share icon
ප්‍රශ්නය

ඔසවා ගැනීම හා දෙවන පැමිණීම යන දෙකෙහි වෙනස කුමක්ද?

පිළිතුර


ඔසවා ගැනීම හා දෙවන පැමිණීම බොහෝ වෙලාවට පටලැවිලි සහගතයි. සමහර අවස්ථාවල අසීරු වෙනවා ලියවිලි පදයක් ඔසවා ගැනීමට හෝ දෙවන පැමිණීමට. කෙසේ වෙතත් අවසාන කාල අනාවැකි බලන කල ඒ දෙක අතර වෙනස දැන ගැනීම ඉතා වැදගත් වේ.

ඔසවා ගැනීම නම් යේසුස් වහන්සේ සභාව පොළොවෙන් ගෙනයාමට නැවත පැමිණීමයි (ක්‍රිස්තුස් වහන්සේ තුළ සියලු ඇදහිලිවන්තයන්). ඔසවා ගැනීම පිළිබඳව 1 තෙසලෝනික 4:13-18 හා 1 කොරින්ති 15:50-54 හී විස්තර කරයි. මියගොස් සිටන ඇදහිලිවන්තයන් තම ශරීරයන් උත්ථානයවීම හා තවම ජීවත් වන ඇදහිලිවන්තයන් සමග යේසුස් වහන්සේව ගුවනෙහි මුණ ගැසේ. මේ සියල්ල ඇසිපිය හෙලෙනා ක්‍ෂණයකින් සිදුවේ. දෙවන පැමිණීම නම් යේසුස් වහන්සේ අන්ත ක්‍රිස්තුස්ව පරාජය කිරීමට නැවත පැමිණීම හා නපුර පරාජය කිරීමට, හා උන් වහන්සේගේ සහස්‍රයේ රාජ්‍යය ගොඩ නැගීමට. දෙවන පැමිණීම එළිදරව් 19:11-16 හීද විස්තර කරයි.

දෙවන පැමිණීම හා ඔසවා ගැනීම අතර ඇති වැදගත් වෙනස්කම් පහත සඳහන් වේ:

1) ඔසවා ගැනීමේදී ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේව ගුවනේදී මුණ ගැසේ (1 තෙසලෝනික 4:17). දෙවන පැමිණීමේදී, ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේ සමග පොළොවට නැවත පැමිණෙනවා (එළිදරව් 19:14)

2) දෙවන පැමිණීම මහත් පීඩා කාලයට පසුව සිදුවේ (එළිදරව් 6-19). ඔසවා ගැනීම මහත් පීඩා කාලයට පෙර සිදුවේ (1 තෙසලෝනික 5:9; එළිදරව් 3:10).

3) ඔසවා ගැනීම නම් මුදවා ගැනීමේ ක්‍රියාවලියක් ලෙසට ඇදහිලිවන්තයන් පොළොවෙන් පිටතට ගැනීම (1 තෙසලෝනික 4:13-17, 5:9). දෙවන පැමිණීම නම් විනිශ්චයේ ක්‍රියාවලියක් ලෙසට නොඇදහිලිවන්තයන් පොළොවෙන් පිටතට ගැනීම (මතෙව් 24:40-41).

4) ඔසවා ගැනීම රහසිගත හා ක්‍ෂණයකින් හට ගනී (1 කොරන්ති 15:50-54). දෙවන පැමිණීම සියලු දෙනාට පැහැදිලිව දැකිය හැකිය (එළිදරව් 1:7; මතෙව් 24:29-30).

5) ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම තවත් අවසාන කාල සිදුවීම් සිදුවන තෙක් සිදු නොවේ (2 තෙසලෝනික 2:4; මතෙව් 24:15-30; එළිදරව් 6-18). ඔසවා ගැනීම ක්‍ෂණයකින් සිදුවේ, එය ඕනෑම වෙලාවක සිදුවිය හැකිය (තීතස් 2:13; 1 තෙසලෝනික 4:13-18; 1 කොරින්තියන් 15:50-54).

ඔසවා ගැනීම හා දෙවන පැමිණීම පැහැදිලි කර ගැනීමේ වැදගත් කම් මොනවාද?

1) ඔසවා ගැනීම හා දෙවන පැමිණීම එකම සිදුවීමක් නම්, ඇදහිලිවන්තයන්ටද පීඩා කාල තුලින් යාමට සිදූවේ (1 තෙසලෝනික 5:9; එළිදරව් 3:10).

2) ඔසවා ගැනීම හා දෙවන පැමිණීම එක සිදුවීමක් නම්, ක්‍රිස්තුස් වහන්සෙගේ නැවත පැමිණීම වහා සිදුවන්නක් නොවේ නම් ඒ නැවත පැමිණීමට පෙර සිදුවිය යුතු බොහෝ දේ ඇත (මතෙව් 24:4-30).

3) පීඩා කාලය විස්තර කිරීමේදී, එළිදරව් 6-19, කිසිම විට සභාවක් ගැන සඳහන් නොකරයි

පීඩා කාලය තුලදී-යාකොබ්ගේ පීඩා කාලය (යෙරමියා 30:7)-දෙවියන් වහන්සේ නැවත ඊශ්‍රායෙලයට ඇති තම ප්‍රථම අවධානය ඉවතට ගනී (රෝම 11:17-31).

ඔසවා ගැනීම හා දෙවන පැමිණීම සමානවූවත් ක්‍රියා කාරකම් වෙනස්, දෙකම ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමට සම්බන්ධවේ. දෙකම අවසාන කාලයේ ක්‍රියා කාරකම්. කෙසේවෙතත්, දෙකෙහි වෙනස තේරුම් ගැනීම වැදගත්. සාරාංශයක් ලෙස, ඔසවා ගැනීම නම් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමයි. වලාකුළු මත, සියලු ඇදහිලිවන්තයන් ඉවතට ගැනීම, දෙවියන් වහන්සේගේ උදහසට පෙර, දෙවන පැමිණිම ක්‍රිස්තුස් වහන්සේගේ නැතව පොළොවට පැමිණීමයි පීඩා කාලය ගෙන ඒමට අවසානයකට, අන්ත ක්‍රිස්තුස්ව හා ඔහුගේ නපුරු ක්‍රියාවන් එපා කිරීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔසවා ගැනීම හා දෙවන පැමිණීම යන දෙකෙහි වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries