settings icon
share icon
ප්‍රශ්නය

යක්‍ෂයන් පිළිබඳව බයිබලයේ සඳහන් කරන්නේ කුමක්ද?

පිළිතුර


එළිදරව් 12:9 තමයි යක්‍ෂයන් පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් කරන පරිච්ඡේදයයි. “මුලු ලෝකයා රවටන්නා වන යක්‍ෂයාය, සාතන් යැයි කියන ලද මහා සර්පයාය, සාතන් යැයි කියන ලද මහා සර්පයා පහතට හෙලනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙලනු ලැබුවෝය”. සාතන්ගේ වැටීම සවර්ගයේ සිට සංකේතාත්මක විස්තර කර ඇත යෙසායා 14:12-15, එසකියෙල් 28:12-15. එළිදරව් 12:4 හී සාතන් ඔහු සමග දේව දූතයන් 1/3 ක් සමගම පහතට හෙලනු ලැබුවා ඔහුගේ පව් කිරීමත් සමගම යන දේ පැහැදිලි කරයි. යූද් 6 හී පව් කළ දූතයන් ගැන සඳහන් කරයි. බයිබලයේ පවසනවා යක්‍ෂයන් නම් සාතන් සමග වැටුනු දූතයන් බව, දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළ.

සාතන් හා ඔහුගේ යක්‍ෂයන් දැන් දෙවියන් වහන්සේව අනුගමනය කරන හා නමස්කාර කරන ජනතාව රවටා විනාශ කිරීමට උත්සහ දරයි (1 පේත්‍රැස් 5:8; 2 කොරින්ති 11:14-15). යක්‍ෂයන් අශුද්ධ ආත්ම ලෙසට හඳුන්වයි (මතෙව් 10:1), අපිරිසිඳු ආත්ම (මාර්ක් 1:27), හා සාතන්ගේ දූතයන් (එළිදරව් 12:9). සාතන් හා ඔහුගේ යක්‍ෂයන් ලෝකය රවටයි (2 කොරින්ති 4:4), කිතුනුවන්ට පීඩා කරයි (2 කොරින්ති 12:7; 1 පේත්‍රැස් 5:8) හා ශුද්ධ දූතයන් සමග පොරබඳියි (එළිදරව් 12:4-9). යක්‍ෂයන් ආත්මයක් නමුත් ඔවුනට ශරීරයක් තුළ දිස්විය හැක 2 කොරින්ති 11:14-15). යක්‍ෂයන් / වැටුනු දූතයන් දෙවියන් වහන්සේගේ විරුද්ධ වාදීන්ය. නමුත් ඔවුන් පරාජිත සතුරෝ. අප තුළ සිටින තැනැන් වහන්සේ ලෝකයේ සිටින තැනැත්තාට වඩා බලවත් (1 යොහන් 4:4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යක්‍ෂයන් පිළිබඳව බයිබලයේ සඳහන් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries