settings icon
share icon
ප්‍රශ්නය

නියම කරගත් කටයුත්ත හෝ ආලය කිරීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


“නියම කරගත් කටයුත්ත හෝ ආලය කිරීම” යන වචන බයිබලයේ උපුටා කථා නොකලත් විවාහයට පෙර කාලයේදී අපි සිටිය යුතු කළයුතු දේ පිළිබඳව කිතුනුවන් වන අපට යම් මූලධර්ම කිහිපයක් ඇත. කෙසේ වෙතත් අපි තෝරා ගැනීම කිරීමට පෙර අප ලෝකාකාර සිතීමෙන් ඉවත් විය යුතුය. මන්ද දෙවියන් වහන්සේගේ ක්‍රමය ලෝකයේ ක්‍රමයට වඩා වෙනස් නිසා (2 පේත්‍රැස් 2:20). ලෝකයේ ක්‍රමයට සහකරු / සහකාරිය තෝරා ගැනීම අප‍ෙග් අවශ්‍යතාවය හැටියට වේ. නමුත් වැදගත්ම දේ තමයි කැපවීමකට පැමිණීමට පෙර ඔහුගේ / ඇයගේ චරිත ගුණාංග තේරුම් ගැනීම. එම පුද්ගලයා ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය තුළ නැවත ඉපද සිටිනවාද යන්න අප ස්ථීරව දැන සිටීම වැදගත් (යොහන් 3:3-8) හා ක්‍රිස්තුස් වහන්සේගේ සමානත්වයට ඔහු හෝ ඇය සම ආශාවක් දක්වනවා නම් (පිලිප්පි 2:5). ආලය කිරීම හෝ කටයුත්තක් නියම කිරීම අවසානයේදී වන්නේ කෙ‍ෙනකුට ජීවන සහකරුවකු සොයා දීමයි. බයිබලයේ අපට පවසනවා, කිතුනුවන් වශයෙන් අපි නොඇදහිලිවන්තයෙකු විවාහ කර නොගත යුතු බව (2 කොරින්ති 6:14-15) මන්ද මේ ලෝකයේ දේවල් අපව ක්‍රිස්තුස් වහන්සේගේ සම්බන්ධතාවය තුළ දුර්වල කර අපගේ කල් ක්‍රියාව හා තත්වය වියවුල් කරයි.

කෙනෙකු සම්බන්ධතාවයකට කැපවෙලා සිටී නම්, එය යෝජනා හෝ ආලය කිරීම හෝ වේවා වැදගත් දෙය නම් මේ සියල්ලට වඩා දෙවියන් වහන්සේට ආදරය කිරීමයි (මතෙව් 10:37). යම් කෙනෙකුගේ ජීවිතයේ යම් කිසි කෙනෙකු ඉතාම වැදගත්ම පුද්ගලයා වීම හෝ “සියල්ලම” රූප නමස්කාරයට සමානය එය පාපයකි (ගලාති 5:20; කොලොස්සි 3:5). එසේම, අපට අපගේ ශරීර විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්මෙන් කිලිටි කර ගත නොහැක (1 කොරින්ති 6:9; 13; 2 තිමෝති 2:22). ලිංගික අපචාරය දෙවියන් වහන්සේ විරුද්ධව ඇති පාපයක් පමණක් නොව එ යඅපගේ ශරීරවලට විරුද්ධය (1 කොරින්ති 6:18). අපි අපට ආදරය හා ගෞරව කරන සේ අන් අයට ආදර ගෞරවය කිරීම වැදගත් (රෝම 12:9-10), එමෙන්ම එය යෝජිත හා ආලය කිරීම යන දෙවර්ගයටම අයත් සත්‍යතාවයකි. යෝජිත හෝ ආලය කිරීම හෝ වේවා විවාහයට යහපත් අත්තිවාරමක් නම් මේ බයිබලානුකුල මූලධර්ම අනුගමනය කිරීමයි. එය අපගේ ජීවිතයේ අප විසින් ගත හැකි ඉතාම වැදගත් තීරනයකි. මන්ද දෙදෙනෙක් විවාහ වනවිට දෙදෙනා එකිනෙකාට මත යැපෙනවා. එමෙන්ම එක මාංශයක් වෙනවා, දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද ස්ථීර හා නොකැඩෙන ලෙසට (උත්පත්ති 2:24; මතෙව් 19:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

නියම කරගත් කටයුත්ත හෝ ආලය කිරීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries