උත්පත්ති 1 සහ 2 වන පරිච්ඡේදයන්හී මැවීමේ කථානාතර දෙකක් සඳහන් වන්නේ කුමක් හෙයින්ද?




ප්‍රශ්නය: උත්පත්ති 1 සහ 2 වන පරිච්ඡේදයන්හී මැවීමේ කථානාතර දෙකක් සඳහන් වන්නේ කුමක් හෙයින්ද?

පිළිතුර:
උත්පත්ති 1:1 ප්‍රකාශ කරන පරිදි “පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් (ස්වර්ගත්) පොළොවත් මැවූ සේක.” පසුව උත්පත්ති 2:4 ද්වීතියවූත් වෙනස්වූත් මැවීමේ කථාන්තරයක් ආරම්භ වන බව දක්නට ලැබේ. වෙනස්වූ මැවීමේ කථාන්තර දෙක අදහස වූ කලී මෙම පාඨයන් 2 පිළිබඳව ඇති පොදු වැරදි අර්ථ නිරූපණයන් වන නමුත් එයින් විස්තර කරන්නේ එකම මැවීමේ සිද්ධියයි. එයින් දේවල් මවනු ලැබූ අනුපිළිවෙල පිළිබඳව එකඟ නොවීමක් හට නොගන්නා අතරම එකිනෙක පිළිබඳව විරුද්ධත්වයක්ද නොමැත. උත්පත්ති 1 තුළින් “මැවීමේ දින 6” (විවේක ගත් 7 වන දින) විස්තර කරන අතර උතපත්ති 2 න් ආවරණය වන්නේ මැවීමේ සතියෙන් එක් දිනක්ය, එනම් 6 වන දිනයය. එහි කිසිඳු පරස්පරවීමක් නොමැත.

උත්පත්ති 2 හිදී කර්තෘවරයා, දෙවියන් වහන්සේ මිනිසා මැවූ 6 වන දින කරා කාලීන අනුක්‍රමයකින් පසු පසට ගමන් කරනු ලබයි. පළමු පරිච්ඡේදයේදී උත්පත්ති කථාවේ කර්තෘවරයා 6 වන දින මිනිසාගේ මැවීම ඉදිරිපත් කරනු ලබන්නේ සංක්‍රාන්තිය නොහොත් මැවීමේ උච්චතම මුදුන්කඩය ලෙසයි. ඉන්පසු දෙවන පරිච්ඡේදයේදී කර්තෘවරයා මිනිසාගේ මැවීම පිළිබඳව වැඩි විස්තර ගෙන එනු ලබයි.

උත්පත්ති 1 සහ 2 යන පරිච්ඡේදයන් අතර මූලික පරස්පර හිමිකම් 2 ක් පිළිබඳව සඳහන්වේ. පළමුවැන්න නම් ශාක ජීවිතය පිළිබඳවයි. දෙවියන් වහන්සේ වෘක්ෂලතාදිය තුන්වන දිනයේදී මැවූ බවට උත්පත්ති 1:11 හී වාර්ථාවේ. උත්පත්ති 2:5 හී සඳහන් වන පරිදි මිනිසාගේ මැවීමට පෙරාතුව ඒතාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හට නොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන් වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භුමිය වගා කරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය. එසේ නම් කුමක්ද? දෙවියන් වහන්සේ වෘක්ෂලතාදිය මැවිවේ මිනිසාගේ මැවීමට ප්‍රථම තුන්වන දිනයේද? (උත්පත්ති 1) නොඑසේ නම් මිනිසාගේ මැවීමට පසුවද? (උත්පත්ති 2) එම පාඨයන් 2 හිම “වෘක්ෂලතාදියට” කියනු ලබන හෙබ්‍රෙව් වචනය එකිනෙකට වෙනස්ය. උත්පත්ති 1:11 හී වෘක්ෂලතාදියට පොදුවේ භාවිතා කරනු ලබන වචනයක් ඇත. උත්පත්ති 2:5 හී කෘෂිකර්මය සඳහා අවශ්‍යය වන වෘක්ෂලතාදිය හා සම්බන්ධවූ වඩාත් විශේෂිත භාෂිතයක් භාවිතා කරනු ලැබේ. උදා: ඒවා සුරක්ෂිතව රැක බලා ගැනීම පිණිස උයන් පල්ලෙක් අවශ්‍යවීම. එම පාඨ ‍යෙහි පරස්පරයක් නොමැත. උත්පත්ති 1:11 හී කථා කරනු ලබන්නේ දෙවියන් වහන්සේ විසින් වෘක්ෂලතාදිය මැවීම සම්බන්ධව වන අතර උත්පත්ති 2:5 හී ප්‍රකාශ කරනු ලබන්නේ “ගොවිතැන්” කිරීමට අවශ්‍යය වන වෘක්ෂලතාදිය මැවීම අත්හිටුවා තිබුණේ මනුෂ්‍යයා මවනු ලබන තෙක්ය.

දෙවන පරස්පර හිමිකම නම් සත්ව ජීවිතයි. උත්පත්ති 1:24-35 හී වාර්ථා කරනු ලබන්නේ දෙවියන් වහන්සේ මිනිසා මැවීමට ප්‍රථමයෙන් හය වන දිනයේදී සත්ව ජීවිත මැවූ බවයි. අන් සමහරක් පරිවර්තනයන්හී උත්පත්ති 2:19 වාර්ථා කරනු ලබන්නේ දෙවියන් වහන්සේ මිනිසා මැවීමෙන් අනතුරුව සත්වයන් මැවූ බවකි. කෙසේ නමුත් යහපත් සහ සත්‍යරූපි පරිවර්තනයක උත්පත්ති 2:19-20 පිළිබඳව ප්‍රකාශ කර සිටින්නේ “ස්වාමිවූ දෙවියන් වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භුමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවු සේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය.” දෙවියන් වහන්සේ මිනිසා මවා ඉන්පසු සතුන් මවා උන් ඔහු වෙතට ගෙන ආ බව මෙම පාඨයෙන් ප්‍රකාශ නොවේ. සත්‍යය වශයෙන්ම කිවහොත් එම පාඨයෙන් ප්‍රකාශ කරනු ලබන්නේ දෙවි සමිදාණන් වහන්සේ ඒ වන විටත් සියලු සත්වයන් මවා නිම කොට තිබූ බවයි. එහි කිසිඳු පරස්පරවීමක් නොමැත. සය වන දිනයෙහි දෙවියන් වහන්සේ සතුන් මවා ඉන් අනතුරුව මිනිසා මවා උන් මිනිසා වෙත ගෙන එනු ලැබුවේ මිනිසා විසින් උන්ට නාමයන් තබන පිණිසයි. මැවීමේ කථාන්තර දෙක පෞද්ගලිකව සලකා බැලීමෙන් සහ ඒවා සැසදීමෙන් අපට පෙනී යන්නේ දෙවියන් වහන්සේ මැවිල්ලේ අනුක්‍රමය උත්පත්ති 1 හී විස්තර කරන අතර ඉතාමත්ම වැදගත් වන තොරතුරු විශේෂයෙන්ම සය වන දින පිළිබඳව උත්පත්ති 2 හී ලැහැදිලි කරනු ලබයි. මෙහි කිසිඳු පරස්පරවීමක් නොමැත, ඇත්තේ හුදෙක්ම සාමාන්‍යය තත්වයෙන් විශේෂිතවූ තත්වයකට විස්තර කරනු ලබන යම් සිදුවීමකි.



නැවතත් සිංහල මුල් පිටුවට



උත්පත්ති 1 සහ 2 වන පරිච්ඡේදයන්හී මැවීමේ කථානාතර දෙකක් සඳහන් වන්නේ කුමක් හෙයින්ද?