යාච්ඤාව දෙවියන් වහන්සේ සමග සන්නිවේදනය කිරීමක් වන්නේ කෙසේද?




ප්‍රශ්නය: යාච්ඤාව දෙවියන් වහන්සේ සමග සන්නිවේදනය කිරීමක් වන්නේ කෙසේද?

පිළිතුර:
දෙවියන් වහන්සේ අප සමග හා අප උන් වහන්සේ සමග කරන සන්නිවේදනයේ ස්වභාවය තේරුම් ගැනීමට, මූලික නියෝග කීපයකින් ආරම්භ කළ යුතුය. මූලික වශයෙන් දෙවියන් වහන්සේ සත්‍ය පමණක් කථා කරයි. උන් වහන්සේ කිසිවිටෙකත් මුසාව නොපවසන අතර කිසිසේත්ම කෛරාටිකයෙකු නොවේ. යෝබ් 34:12 පවසන අන්දමට “එසේය, සැබවින්ම දෙවියන් වහන්සේ දුෂ්ටකම් නොකරන සේක. සර්වපරාක්‍රමයාණෝ යුක්තිය නොපෙරළන සේක.” දෙවැනි නියෝගය නම් බයිබලය දෙවියන් වහන්සේගේම වචනයයි. “ශුද්ධ ලියවිල්ලට” ග්‍රීක වචනය (ග්රාෆ්) ය, මෙය පරණ ගිවිසුමේ ලියවිල්ල විස්තර කිරීම සඳහා 51 ක් වතාවත් අළුත් ගිවිසුමේ භාවිතා කර ඇත. 2 තිමෝති 3:16 පාවුලුතුමා මෙම වචන දේවානුභාවයෙන් බව සහතික කරයි. (ග්රාෆ්) යන ග්‍රීක වචනය අලුත් ගිවිසුමටද ප්‍රායෝගික වේ, විශේෂයෙන්ම පේදුරුතුමා පාවුලුතුමාගේ හසුන “ශුද්ධ ලියවිල්ල” යනුවෙන් 2 පේදුරු 3:16 පවසන අතර තවද පාවුලුතුමා (1 තිමෝති 5:18) හී ලූක් 10:7 පරිදි යේසුස් වහන්සේගේ වචන “ශුද්ධ ලියවිල්ල” ලෙස ගෙන හැර දක්වයි. මෙලෙස අලුත් ගිවිසුමක ලියවිල්ල විශේෂ ප්‍රභේද වලට අයිති බව අප සනාථ කළ පසු 2 තිමෝති 3:16 ද එම ලියවිල්ලට යොමු කිරීම නිවැරදි වන අතර ලියවිල්ලෙහිද ලක්‍ෂණ පාවුලුතුමා සියළු ශුද්ධ ලියවිල්ලට උපලක්‍ෂණය කරමින් පවසයි. එය “ස්වාමින් වහන්සේගේ සුසුම” හා දේවානුභාවයේ වචනය.

මෙම තොරතුරු යාච්ඤාව යන මාතෘකාවට උචිත වන්නේ කුමක් නිසාද? අප දැන් දෙවියන් වහන්සේ සත්‍ය කථා කරන බවත් බයිබලයේ වචන උන් වහන්සේගේ ආත්මානුභාවයෙන් බවත් සනාථ කර ගත් නිසා දෙවියන් වහන්සේ සමග ඇති සන්නිවේදනය සම්බන්ධයෙන් තර්කානුකුලව මතු සඳහන් වන නිගමනයන් දෙකට අපට එළඹිය හැක. පළමු කොට දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ඇහුම්කන් දෙන බව බයිබලය පවසන බැවින් (ගීතාවලිය 17:6, 77:1; යෙසායා 38:5), මනුෂ්‍යා දෙවියන් වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවය පැවැත්වීම තුළ ඔහු දෙවියන් වහන්සේට කථා කරන කල්හී, උන් වහන්සේ ඔහුට ඇහුම්කන් දෙන බව මනුෂ්‍යයාට විශ්වාස කළ හැක. දෙවනුව, බයිබලය දෙවියන් වහන්සේගේ වචන බැවින්, මනුෂ්‍යා දෙවියන් වහන්සේ සමග නිවැරදි සම්බන්ධතාවය තුළ සිටිමින් බයිබලය කියවන කල්හී ඔහු ඇත්ත වශයෙන්ම ස්වාමින් වහන්සේගේ හඬට සවන් දෙන බව මනුෂ්‍යයාට විශ්වාස කළ හැක. යහපත් සන්නිවේදනයක් උදෙසා මනුෂ්‍යයාත් දෙවියන් වහන්සේත් අතර ඇති නිවැරදි සම්බන්ධතාවය තුන් ආකාරයකින් ප්‍රත්‍යක්ෂ කළ හැක. ප්‍රථමයෙන් පාපයෙන් හැරීම හෝ පශ්චාත්තාපය වීමය. ගීතාවලිය 27:9 හී උදාහරණයක් ලෙස, දාවිත් ඔහුට කන් දෙන්නටත්, ඔහු කෙරෙහි කෝපයෙන් අහක් නොවන ලෙසත් ස්වාමින් වහන්සේට කරන ආයාචනය ගත හැක. මෙලෙස මනුෂ්‍යයාගේ පාපය හේතුකොට ගෙන දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ මුහුණ හරවා ගන්නා බව අපි දන්නා අතර එම පාපය මනුෂ්‍යයාටත් දෙවියන් වහන්සේ අතර ඇති සන්නිවේදනයට බාධා පමුණුවයි. තවත් උදාහරණයක් ලෙස යෙසායා 59:2 හී ඇත. යම් තැනකදී යෙසායා මිනිසුන්ට මෙසේ පවසයි “නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය. උන් වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන් වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙව්වේය.” එබැවින් පශ්චාත්තාප නොවූ පාපයන් හේතුකොටගෙන අප ජීවිතයේ දෙවියන් වහන්සේත් සමග තිබෙන්නාවූ සන්නිවේදනයට බාධා ඇති කරයි. තවද දෙවියන් වහන්සේත් සමග සන්නිවේදනයට බැගෑපත් හදවත් අවශ්‍යය. දෙවියන් වහන්සේ මේ වචන යෙසායා 62:2 පවසයි, “මුලු විශ්වය මැව්වේ මම, එබැවින් සියලු දේ මාගේය, යටහත් කුළුණු සිත් ඇති මාගේ වචනය කීකරුවන මිනිසා මට ප්‍රිය මනාප වේ.” තුන්වැනි කරුණ නම්, ධර්මිෂ්ඨ ජීවිතයකි. පාපයෙන් හැරීමට මෙය ධනාත්මක පැත්තක් වන අතර නිරූපිත වශයෙන් යාච්ඤාවේ ප්‍රතිඵලයක් ලෙස ලකුණු කර ඇත. යාකොබ් 5:16 පවසන අන්දමට, “දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත්ය, ඵලදායකය.”

දෙවියන් වහන්සේට අපගේ කථනය කට හඬින්, මනසින් හෝ ලියන ලද්දක් විය හැකිය. උන් වහන්සේ අපට කන්දෙන බවත් අප යාච්ඤා කළ යුතු දේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් එම යාච්ඤාව කිරීමට මග පෙන්වන බවත් විශ්වාස කළ හැක. එලෙසම ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ දුර්වලකමේදී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැයි අපි නොදනිමු, එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේම වචන වලින් කිය නොහැකි සුසුම්ලෑම් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේකැයි රෝම 8:26 පවසයි. ස්වාමින් වහන්සේ පෙරලා නැවත අපට සන්නිවේදනය කරන ආකාරය දුර මෙන් වූවත්, විශේෂ ක්‍රියාවන් හෝ තීරණ ගැනීම උදෙසා අපව මග පෙන්වීමට දෙවියන් වහන්සේ නිරතුරුවම ඉඳුරා සිතුවිලි මනස තුලට පහළ කරතැයි විශ්වාස කරනවාට වඩා අප බැලිය යුත්තේ දෙවියන් වහන්සේ මූලිකවම ශුද්ධ ලියවිල්ල තුලින් අපට කථා කරන ලෙසය. අපට ආත්ම-වංචනයට හැකියාවක් ඉඩ කඩ හැකි බැවින් අප මනසට ඇතුල්වන ඕනෑම සහ සියලු සිතුවිලි දෙවියන් වහන්සේගෙන් යැයි අදහස බාර ගැනීම ඥාණවන්ත නොවේ. යම් අවස්ථාවල අපගේ ජීවිතයේ විශේෂ ගැටළු හේතුකොටගෙන දෙවියන් වහන්සේ ඝෘජුවම ශුද්ධ ලියවිල්ල තුලින් අපට කථා නොකරන අතර එම සිද්ධීන් හමුවේ බයිබලය සම්බන්ධ අමතර හෙළිදරව් සෙවීමට පෙළඹීම වටහා ගත හැක. කෙසේ හෝ මෙවැනි අවස්ථාවල, දෙවියන් වහන්සේ බයිබලය සම්බන්ධව අපට දැනටමත් දී ඇති මූලධර්ම පිළිබඳ පිළිතුරු සෙවීම සඳහා අප අපවම මුළාවට විවෘත කර ගැනීමක් සහ / හෝ ස්වාමින් වහන්සේගේ මුඛයට වචන යෙදීමෙන් වැළකී සිටීම නැණවත්ය.

කරුණාවන්තකම ඉල්ලන්නන්ට එය දෙන බව ස්වාමින් වහන්සේ පොරොන්දුවී ඇති බැවින්, නිවැරදි තීරණයන්ට එළඹීම කරණකොටගෙන ඥාණවන්තකම උදෙසා මහත් සේ සැලකිල්ලෙන් යාච්ඤා කිරීමද යෝග්‍යය. “නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලාවා, එවිට ඔහුට දෙනු ලැබේ” (යාකොබ් 1:5). යාච්ඤාව දෙවියන් වහන්සේ සමග සන්නිවේදනයක් වන්නේ කෙසේද? යාච්ඤාව නම් ස්වර්ගීය පියාණන්ට අප හදවතින් කථා කිරීම හා නැවතත් දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ වචන තුලින් අපට කථා කරන අතර අපව ආත්මයාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් මග පෙන්වයි.



නැවතත් සිංහල මුල් පිටුවට



යාච්ඤාව දෙවියන් වහන්සේ සමග සන්නිවේදනය කිරීමක් වන්නේ කෙසේද?