මිනිස් ක්ලෝන පිළිබඳව කිතුනු අදහස කුමක්ද?




ප්‍රශ්නය: මිනිස් ක්ලෝන පිළිබඳව කිතුනු අදහස කුමක්ද?

පිළිතුර:
මේ මිනිස් ක්ලෝන යන විශය පිළිබඳව බයිබලයේ විශේෂයෙන් කථා නොකරන අතර, නමුත් ඒ තත්වයට ආලෝකයක් ගෙන දෙන ලියවිලි පාඨ ඇත. මේ ක්ලෝන තුළ ජාන (ඩී එන් ඒ) හා කළල සමග කටයුතු කරයි. පළමුව, ගර්භයේ ජීවියාගෙන් කොටසක් ජාන පරීක්‍ෂණයකට ගනී. ඒවා තුළ රඳාපවතින දේ ජාන විද්‍යයාවේ තොරතුරු රඳයි. ඊට පසු එය ගර්භයේ ඇති කළලය මත පතිතවේ. ඒ ජානමය තොරතුරු ලත් ජීව විද්‍යාව තමා සතුව තිබූ ජානමයි, දේ ඉවතලා අළුත් දේ එකතු කර ගනී. ව්‍යාජ කළලයක් නිර්මාණය වේ. කෙසේ වෙතත්, ගර්භයේ ඵලය අළුත් ජාන වර්ග එපා කර මියැ දේ. එසේම ආරම්භ ජානයන් තමාගේ ශරීරයෙන් බැහැර කිරීමෙන් ඒ කළලයට ජීවත්වීම අපහසුය. බොහෝ අවස්ථාවල උත්සහය දරන විට නැවත තැන්පත් කිරීමට බොහෝ ජීව බිංදු එක්කාසුකළ යුතුය. සාර්ථකව ජානමය තත්වයන් විසඳා ගැනීමට. ව්‍යාජ ජීවියෙක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන අතර (උදාහරණය: ඩොලී නම් බැටළුවා) වෙනස්කම් නොමැති සාර්ථක ව්‍යාජ ජීවියා නිර්මාණය කිරීම, මහත් සේ කෘශය.

මිනිස් ක්ලෝනය පිළිබඳ කටයුත්ත කිතුනු කෝනයෙන් බැලූවිට බොහෝ ලියවිල්ලේ මූලධර්මයන්ට ආලෝකයක් වේ. පළමුව, මිනිසා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති අතර අනෙක් ජීවින්ගේ ස්වභාවයට සමානවේ උත්පත්ති 1:26-27 සඳහන් කරනවා අනෙක් ජීවින්ගේ ස්වභාවයට සමාන මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේගේ ස්වභාවයට පැහැදිලිවම මිනිස් ජීවිතය වටිනා වස්තුවක් එය මිලදී ගැනීම හෝ විකිණීම කල හැක්කක් නොව. සමහර අවස්ථාවල කෙනෙකුගේ ක්ලෝන තව කෙනෙකුට තැන්පත් කිරීමට භාවිතා කරයි. කෙනෙකුගේ ජාන ගෙන ව්‍යාජ අවයවයන් නිර්මානය කිරීමෙන් අවයවයන් පාකිරීම අඩුවේ. නමුත් ඉන් මිනිස් ජීවිතයේ වටිනාකම අඩු කරයි. මේ ක්ලෝන පිළිබඳ ක්‍රියාවලිය මිනිස් කළලය / ගර්බය උපයෝගි කර ගනියි. මේ සෛල තුල අළුත් අවයව නිපදවිය හැකිසේම, ඒ ජාන පද්දතිය හරහා බොහෝ කළල විනාශද කල හැක. මේ ක්ලෝන ගතකිරීම තුලින් “විසිකිරීමක්” මිනිස් කළල වල “විනාශවූ ද්‍රව්‍ය” ලෙසට හඳුන්වයි. ඒවාට අවස්ථාවක් දෙනවා මේ රූප ස්වභාවයට ඒමට.

බොහෝ මිනිසුන් කළලයක් ඇතිවීමක් සමගම මිනිස් ජීවිතය ආරම්භ නොවන බව විශ්වාස කරයි. ඒ නිසා ඒ කළල නියම මිනිස් ජීවයක් නොවන බව. බයිබලය වෙනස් ආකාරයෙන් උගන්වයි. ගීතාවලිය 139:13-16 හී පවසනවා “මක්නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත් සේක. මාගේ මවු කුසෙහි මාව වැසූ සේක. මම ඔබට ස්තුති කරන්නෙමි; මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මානාකොට දනියි. මා රහසින් මවනු ලැබ; පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල; මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය. ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය. ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියන ලද්දෝය; ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදන ලද්දේය.” කතෘ දාවිත් පවසනවා ඔහු ඉපදීමටත් පෙර දෙවියන් වහන්සේ ඔහුව දත් බවට. ඔහු මිනිසකුගේ ස්වභාවයට පැමිණීම එන්නේ දෙවියන් වහන්සේ අනාගතයක් සැලසුම් කිරීමත් සමගය.

ඉදිරියට, යෙසායා 49:1-5 හී පවසනවා දෙවියන් වහන්සේ යෙසායාව අනාගතවකතෘ කෙනෙකු හැටියට කැඳවන්නේ ඔහු ඔහුගේ මවගේ ගර්බයේ සිටින විටය. එසේම යොහන් බවිතිස්ත ශුද්ධාත්මයෙන් පූර්ණවුනේද ගර්බයේදීමය (ලූක් 1:15). මෙය ජීවිතය ආරම්භ වන්නේ පිළිසිඳ ගැනීමත් සමගය යන්නට බයිබල් සාධක. එයට ආලෝකයක් ලෙස, මිනිස් ක්ලෝන මිනිස් කළල විනාශ කිරීමත් සමගම, එය බයිබල් කෝනය සමග එකඟ නොවේ.

මිනිසා මවන ලද්දක් නම්, මැවුම්කරුවකු සිටිය යුතුය, එවිට මැවීම මැවුම්කරුට ගණන් දිය යුතුය. ප්‍රසිද්ධ කල්පනයක් නම් ජීව විද්‍යාව හා මානව විද්‍යාවට අනුව මිනිසා ගණන් දිය යුත්තේ ඔහුටමය, ඔහුගේ ආධිපත්‍යයට වඩා දෙයක් නැත. නමුත් බයිබලය වෙනස් අයුරින් උගන්වයි. දෙවියන් වහන්සේ මිනිසාව මවා පොළොවෙහි වගකීම ඔහුට දුන් බව (උත්පත්ති 1:28-29, 9:1-2). මේ වගකීම හේතුවෙන් දෙවියන් වහන්සේට ගණන් දිය යුතුය. මිනිසා තමා ගැන මුළු ආධිපත්‍ය තිබෙන්නා නොව. එසේම මිනිස් ජීවිතයේ අගය නියම කිරීමේ හැකියාව ඔහුට නැත. එසේම කළල විනාශ කිරීම හෝ ඒ වැනි කිසිවක් කිරීමටවත්. බයිබලයට අනුව මිනිස් ජීවිතය ගැන සම්පූර්ණ අයිතිය ඇත්තේ දෙවියන් වහන්සේටයි. ඒ දේවල් පාලනය කිරීමට යාම නම් දෙවියන් වහන්සේගේ තැන ගැනීමයි. මිනිසාට එය කළ නොහැකිය.

අප මිනිසා තවත් ජීවියෙක් එය අසහාය මැවිල්ලක් ලෙස නොසිතුව හොත්, එයට අළුත් වැඩියාව අවශ්‍ය යන්ත්‍රයක්සේ ගණන් ගැනීමට අපහසු නැත. නමුත් අප රසායන ද්‍රව්‍යවත් යන්ත්‍රවත් නොව. බයිබලය උගන්වනවා දෙවියන් වහන්සේ අපව මැව්වේ එකිනෙකාට විශේෂ සැලැස්මක් ඇතිව. ඉදිරියටත් උන් වහන්සේගේ පුත්‍රයා තුළ (ක්‍රිස්තුස් වහන්සේ) පුද්ගලීක සබඳතාවක් ගැන උන් වහන්සේ කථා කරයි. මිනිසාට මිනිස් ක්ලෝනය යන ස්ථානය පිළිබඳ කිසි පාලනයක් නැතැයි සිතන කොට්ටාසයක්ද සිටි. යහපත් සිතුම් පැතුම් තමයි මිනිස් ක්ලෝනය ප්‍රයෝජනයට ගන්නේ යයි සිතීම මෝඩකමක්. මිනිසාට මිනිස් ක්ලෝනයේ වගකීම් දැරීම හෝ විනිශ්චය දැරීම ක්‍රියාත්මක කිරීමට නොහැක.

ක්ලෝනයක් වූ මිනිසකු උපකල්පනය කරනවා මිනිස් ක්ලෝනය දවසක සාර්ථක බවටත්, ආත්මය ඈත්විය හැකි බවත්, උත්පත්ති 2:7 පවසනවා “ස්වාමිවූ දෙවියන් වහන්සේ භුමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙලූසේක එවිට මනුෂ්‍යයා “ජීවමාන ප්‍රාණයක්” වූ සේක.” මෙන්න හැඳින්වීමක් ජීවමාන ප්‍රාණයක් දෙවියන් වහන්සේ මැවීම පිළිබඳව. ප්‍රාණය නම් අපිය අපට තිබෙන දේ නොව (1 කොරින්ති 15:45). ප්‍රශ්නය නම් මේ මිනිස් ක්ලෝන තුළින් කුමන ආකාර ජීවමාන සාදයිද යන්නයි? පැහැදිලි ලෙසටම පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නොවෙයි එය. එනම් මිනිසකු සාර්ථක ලෙස ක්ලෝන ගත වුනොත්, ක්ලෝනයක් මිනිසා වගේම වේ. සදාකාලික ආත්මයක් ඇත, අනෙක් මිනිසුන් මෙන්ම.



නැවතත් සිංහල මුල් පිටුවට



මිනිස් ක්ලෝන පිළිබඳව කිතුනු අදහස කුමක්ද?