settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු ඥානවාදය නම් කුමක්ද?

පිළිතුර


සත්‍ය වශයෙන්ම කිවහොත් කිතුනු ඥානවාදය නම්වූ දෙයක් නොමැත, මන්දයත් සත්‍යය ක්‍රිස්තියානිය සහ ඥානවාදය අනෝන්‍ය විශේෂිත විශ්වාස ක්‍රමයන් වේ. ඥානවාදයේ මූලධර්ම කිතුනුවෙක් වීමේ අදහසට ප්‍රතිවිරුද්ධවේ. එසේ හෙයින් සමහර ආකාරවල ඥානවාදය ක්‍රිස්තියානි බවට අයිතිවාසිකම් පෑවත් ඇත්ත වශයෙන්ම කිවහොත් එය කිතුනු නොවේ.

පළමු සියවස් 3 හීදී මුල් සභාවට බලපෑම් ඇති කළ අති භයානකම මිථ්‍යාදෘෂ්ඨිය සමහරවිට ඥානවාදය විය හැක. ප්ලෝටෝ වැනි දර්ශනවාදීන්ගේ ආභාෂය ලැබූ ඥානවාදය පදනම් වී ඇත්තේ ව්‍යාජ පරිශ්‍රයන් දෙකකිනි. ප්‍රථමයෙන්ම ආත්මය සහ කාරණය නමැති ද්වෛතවාදය එය සරණ කොට ගනී. ඥානවාදය තරයේ ප්‍රකාශ කර සිටින්නේ කාරණය සහජයෙන්ම දුෂ්ට බවත් ආත්මය යහපත් බවත්ය. මෙම ආකල්පනයේ ප්‍රතිඵලයක් ලෙස ඥානවාදීන් විශ්වාස කරන්නේ ශරීරය තුළින් කුමක් කළත් ඉතාමත් දළම පාපය වූවත්, එහි කිසිඳු අර්ථයක් නොමැති වන්නේ සැබෑ ජීවිතය පැවතෙන්නේ ආත්මික ක්ෂේත්‍රයේ වැවිනි.

දෙවනුව, ඥානවාදීන් කිහිප දෙනෙකු විසින් පමණක් දන්නාවූ උසස්වූ දැනුමක් “උත්කෘෂ්ට සත්‍යයකට” හිමිකම් පායි. ඥානවාදය පැවත එන්නේ “දැන ගැනීමට” යන අර්ථය ඇති ඥෝසිස් නම් ග්‍රීක වචනයෙන්ය. ඥානවාදීන් හිමිකම් පාන්නාවූ මෙම උසස් වූ දැනුම දේවවචනයෙන් ලබා ගත් දෙයක් නොව නමුත් යම්කිසි ගුප්ත උසස් සාමාන්‍යය පැවැත්මකින්ය. ඥානවාදීන් තමන්ව දකින්නේ දෙවියන් වහන්සේ පිළිබඳව තමන්ට ඇති උත්කෘෂ්ටවූ ගැඹුරුවූ දැනුම හේතුකොටගෙන අනෙකුත් සියල්ලටම වඩා උසස්වූ වරප්‍රසාද ලත් පන්තියක් ලෙසය.

ක්‍රිස්තියානි සහ ඥානවාදය අතර ඇති අනුරූපතාවයේ අදහස හෙළා දැකීම පිණිස ඔවුන්ගේ විශ්වාසයන් පිළිබඳ ඇති මතවාදයන්ගේ ඉගැන්වීම් සසදා බැලිය යුතුවේ. ගැළවීම යන කාරණය සලකා බලන කළ ඥානවාදය උගන්වනු ලබන්නේ ගැළවීමෙහි ප්‍රතිලාභය ලැබෙන්නේ යම් කෙනෙකු අන්ධකාරයේ මායාවන් වලින් නිදහස් කරනු ලබන දිව්‍යයමය දැන ගැන්ම අත්පත් කර ගැනීමෙන්ය. ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සහ එතුමන්ගේ මූල්‍ය ඉගැන්වීම් අනුගමනය කරන බවට ප්‍රකාශ කර සිටියත් ඥානවාදීන් සෑම වාරයකදීම උන් වහන්සේට ප්‍රතිවිරුද්ධවේ. යේසුස් වහන්සේ ගැළවීම ලබා ගත හැක්කේ දැනුමෙන් බව කිසි විටක ප්‍රකාශ කළේ නැත, පාපයෙන් නිදහස ලැබීමට උන් වහන්සේ ගැළවුම්කාරයාණන් ලෙස ඇදහිල්ලෙන් යුතුව පිලිගත යුතු වේ. මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙණ ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ (එපීස 2:8-9). එපමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේ විසින් ගැළවීම නොමිලේ පිරිනමනු අතර විශේෂ එළිදරව්වක් ඇති තෝරාගත් අයවලුන්ට පමණක් නොව සියල්ලන්ටම එය ලබා ගත හැක (යොහන් 3:16).

ක්‍රිස්තියානිය තරයේ ප්‍රකාශ කර සිටින්නේ ඇත්තේ එකම සත්‍යය මූලාශ්‍රයක් බවත්, එය වූ කලී දේවවචනය වන අතරම එය දේව අනුග්‍රහය ලත්, මුලා නොවූ, ජීවමාන දෙවියන් වහන්සේගේ වචනයය. එය එකම නොවරදින සුළු ඇදහිල්ලේ සහ පුහුණුවේ නියමයයි (යොහන් 17:17; 2 තිමෝති 3:15-17; හෙබ්‍රෙව් 4:12). එය දෙවියන් වහන්සේ විසින් මිනිස් වර්ගයාට එළිදරව්වීමක් ලෙස ලියන ලද සහ කිසිවිටක මිනිසාගේ සිතුවිලි අදහස් රචනා හෝ දර්ශන තුලින් අවලංගු කළ නොහැක. අනෙක් අතින් ඥානවාදීන් විසින් “ඥානවාදීන්ගේ සුභාරංචිය” ලෙස හඳුන්වන අනේක විධ මුල් මිථ්‍යාමතික රචනා භාවිතා කරනු ලබයි, ඒවා “බයිබලයේ නැති වූ පොත්” ලෙසට හිමිකම් පාන ව්‍යාජ ලේඛන සංචිතයකි. ස්තුතිවන්ත ලෙස මුල් සභාවේ පියවරුන් මෙම ඥානවාදීන්ගේ ආවර්තිත ලිපි යේසුස් වහන්සේ, ගැළවීම, දෙවියන් වහන්සේ සහ අන් සියළු තීරණාත්මක කිතුනු සත්‍යතාවයන් පිළිබඳ ව්‍යාජ මතවාදයන් සරණ කොට ගන්නාවූ වංචනික ව්‍යාජ ලේඛන ලෙස ඒකමතිව හඳුනා ගනු ලැබූහ. ඥානවාදීන්ගේ සුභාරංචිය සහ දේවවචනය අතර අප්‍රමාණ පරස්පරවීම් ඇත. මෙම ඥානවාදි කිතුනුවන් ලෙස හැඳින්වෙන්නන් දේවචනයෙන් ගෙන හැර දක්වන කල්හී ඔවුන් බයිබල් පද සහ එම පදයන් හී කොටස් ඔවුන්ගේ චින්තනයට අනුකුල වන සේ නැවත ලිවීමක් කරනු ලබති, මෙම භාවිතය ශුද්ධ ලියවිල්ල මගින් අවවාද කොට ඇති මෙන්ම දැඩි ලෙස තහනම් කරන ලද්දක් වේ (ද්විතීය කථාව 4:2; 12:32; හිතෝපදේශ 30:6; එළිදරව් 22:18-19).

ක්‍රිස්තියානි සහ ඥානවාදය ප්‍රබල ලෙස වෙනස් වන්නාවූ තවත් කොටසක් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් පුද්ගලයාය. ඥානවාදීන් විශ්වාස කරනු ලබන්නේ ශරීරමය දේහය තාත්වික නොවුනු බවත්, එය ශරීරමය ලෙස පෙනෙන්නට තිබුනු එකක් බවත්, එතුමන්ගේ ආත්මය බව්තිස්මයේදී උන් වහන්සේ කෙරෙහි පතිතවූ බවත්, එතුමන්ගේ කුරුසි පත් වීමට ප්‍රථමයෙන් එය එතුමන්ගෙන් බැහැරවූ බවත්ය. මෙවැනි මතයන් යේසුස් වහන්සේගේ සත්‍යය මනුෂ්‍යත්වය විනාශ කරනවා පමණක් නොව ප්‍රායශ්චිත්තයතටත් එසේම වේ. යේසුස් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ පමණක් නොව සැබෑ මනුෂ්‍යයෙක්ද (ශාරීරිකව සැබෑවූ) වන අතර සැබවින්ම දුක් විඳ කුරුසිය මත මැරුණේ පිළිගතවූ පාපයට ආදේශන යාග පූජාවක් වන පිණිසය (හෙබ්‍රෙව් 2:14-17). යේසුස් වහන්සේ පිළිබඳ ඇති බයිබලය හා සම්බන්ධ මතය තහවුරු කරන්නේ උන් වහන්සේගේ සම්පූර්ණ මනුෂ්‍යත්වය මෙන් පරිසමාප්ත දේවත්වයයි.

ඥානවාදය පදනම් වී ඇත්තේ ගුප්ත, ප්‍රතිභාන, විෂයබද්ධ, අභ්‍යන්තර, චිත්තවේගිම සත්‍යය උපගමනයකට වන අතර එය අළුත් දෙයකි. එය සාතන් දෙවියන් වහන්සේ සහ එතුමන් කථා කළ වදන් පිළිබඳ ප්‍රශ්න කළ සහ ආදම් සහ ඒවට ඒවා ප්‍රතික්ෂේප කොට ඔහුගේ බොරුව පිළිගැනීමට ඒත්තු ගැන්වූ ඒදන් උයන දක්වා ගමන් කරන ඉතා පැරණි දෙයක් වේ. ඔහු ඒ දේම අදත් කරනු ලබයි සිහි ඇතිව අවදිව ඉඳිල්ලා, ඔබගේ විරුද්ධ කාරයා වූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය (1 පේත්‍රැස් 5:8). ඔහු තවමත් දෙවියන් වහන්සේ සහ දේවවචනය පිළිබඳ ප්‍රශ්න කරන අතර ඔහු අල්ලාගෙන සිටින්නේ නිවට, ශුද්ධ ලියවිල්ල පිළිබඳ කිසි දැනුමක් නැත්තවුන් හෝ අනෙකුත් අයට වඩා විශේෂ අසහාය සහ ශ්‍රේෂ්ඨ වීමට පෞද්ගලික එළිදරව්වීමක් සොයන කෙනෙකි (1 තෙසලෝනික 5:21) හී සඳහන් කරන ආකාරයට “සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලා ගනිල්ලා” යයි ප්‍රකාශ කළ අපෝස්තුළු පාවුලුව අනුගමනය කරමු, මෙසේ අපට කළ හැක්කේ එකම සත්‍යය වන දේවවචනය හා සමග සසදමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු ඥානවාදය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries