settings icon
share icon
ප්‍රශ්නය

ලෞකික (මාංශික) කතුනුවා යනු කුමක්ද?

පිළිතුර


සැබෑ කිතුනුවෙක් ලෞකික විය හැකිද? මෙම පැණයට පිළිතුරක් දීමට ප්‍රථමයෙන් “කානල්” නැතහොත් “මාංශික / ලෞකික” යන වචනයේ තේරුම පැහැදිලි කර ගත යුතුය. “කානාල්” ප

ඉංග්‍රීසි වචනය ග්‍රීක බසින් “සාර්කිකෝස්” වන අතර එහි අර්ථය කායික / මාංශික යන්නයි. මෙම වචනය පිළිබඳව 1 කොරින්ති 3:1-3 හී ද සඳහන් වේ. මෙම පදය තුල පාවුල්තුමා විසින් පාඨකයින් අමතා ඇත්තේ “සහෝදරයෙනි යනුවෙනි. මෙහිදී පාවුල්තුමා විසින් කිසිවිටකත් ඔවුන්ව ලෞකීක ගණයට දමා කථා කරන්නේ නැත. ඒ අනුව ගත් කළ කිතුනුවන් අතරද ලෞකික කිතුනුවන්ද සිටිය හැකි බවට පැවසිය හැක. කිසිවෙකු පව් රහිත නොවන බව බයිබලයේ පැහැදිලිවම සඳහන් වේ (1 යොහන් 1:8). අපි පාපයක් කරන සෑම අවස්ථාවකම අප ලෞකික නැතහොත් මාංශික ගණයට අයත් වේ.

නමුත් මෙහිදී අප වටහා ගත යුතු කරුණ නම් කිතුනුවෙක් හට තාවකාලිකව ලෞකීකත්වය තුළ සිටිය හැකි අතරම සැබෑ කිතුනුවෙකු සදාකාලිකවම ලෞකූකත්වය තුළ රැඳෙන්නේ නැත. යම් පුද්ගලයෙක් විසින් “ලෞකීක කිතුනුවා” යන සංකල්පය විකෘති කර දක්වා ඇත්තේ යමෙකු ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නම් එවිට ලෞකීක ජීවිතය කරා ජීවත්වීමට හැකිායව පවතින බවත් නමුත් මෙහිදී නව මැවිල්ලක් පිළිබඳව යෝ යේසුස් වහන්සේ තුළ නැවත ඉපදීමක් පිළිබඳව සඳහන් නොකරයි (2 කොරින්ති 5:17). මෙම සංකල්පය කිසිවිටකත් බයිබලානුකුල නොවේ. යාකොබ් 2 හී පැහැදිලිවම සඳහන් වන්නේ ඇදහිල්ල යහපත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බවයි. ඒ අතරම එපීස 2:8-10 හී මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටුකර නොගන්න ඒක ක්‍රියාවලින් නොවේ යනුවෙන් සඳහන් වේ. අභියෝග හා පසුබටවූම් මධ්‍යයේ කිතුනුවෙක් ලෞකීක තත්වයට පත්විය හැකිද? ඔව්, සැබෑ කිතුනුවෙක් මාංශිකත්වයේම රැඳී සිටියිද? නැත.

දේව වචනය තුළ සදාකාලිවූ රැකවරණයක් පිළිබඳව සඳහන් වන අතර මාංශික කතුනුවන් හටත් ගැලවීමට පත්විය හැක. ගැලවීම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. එය දෙවියන් වහන්සේගේ ත්‍යාගයක් වන අතර යලි නොගන්නාවූ ත්‍යාගයකි (යොහන් 10:28; රෝම 8:37-39; 1 යොහන් 5:13 බලන්න). 1 කොරින්ති 3:15 සඳහන් වන ආකාරයට මාංශිකවූ කිතුනුවන් හටද තම ගැලවීම සහතික කර ඇත. යම් කෙනෙකුගේ කර්මාන්තය ඇවී යන්නේ නම් ඔහුට අලාභ වන්නේය. නමුත් ඔහුම ගැලවෙන්නේය, එහෙත් ගිනි මැදින් දැවුනාක් මෙන්ය. මෙහිදී ප්‍රශ්නය වන්නේ යමෙක් කිතුනුවෙක් යැයි කියා ගනිමින් මාංශිකවූ ජීවිතයක් ගත කිරීමට නොවන අතර, වැදගත් වන්නේ ඔහු සැබවින්ම පළමුවර ගැලවීමට පැමිණියේද යන වගයි (1 යොහන් 2:19).

තමන්ගේ හැසිරීම තුළ ලෞකීක හා මාංශික ජීවිතයක් ගත කරන්නාවූ කිතුනුවන් හට දෙවියන් වහන්සේ විසින් ඔවුන්ව ප්‍රේමයෙන් යුතුව විනයක් කරා ගෙන ඒමට (හෙබ්‍රෙව් 12:5-11) අපේක්‍ෂා කළ හැකි අතර ඒ තුලින් මිදී යහපත් ජීවිතයක් කරා පා නැගීමට අවනත විය හැක. අපට ගැලවීම ලඟා කර දීම තුලින් දෙවියන් වහන්සේගේ අපේක්‍ෂාව වන්නේ පියවරෙන් පියවර අප ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට පත් කිරීමයි (රෝම 12:1-2), ආත්මිකත්වය වර්ධනය වීම හා මාංශිකත්වය හීන වීමේ ක්‍රියාවලිය පවිත්‍ර කිරීම ලෙස හැඳින්වේ. අපි අප‍ෙග් පාපයන්ගෙන් මිදීම ලබනතාක් කල් මාංශිකත්වය පැතිරී යන අතර යමෙක් සත්‍ය වශයෙන්ම කිතුනු විශ්වාසය මත රඳා පවතී නම් මාංශිකත්වයට විරුද්ධවීම ඔහුගේ අරමුණ වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලෞකික (මාංශික) කතුනුවා යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries