settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයට තවත් පොත් එකතු කිරීම සිදු කළ හැකි දෙයක්ද?

පිළිතුර


දෙවියන් වහන්සේ විසින් බයිබලයට තවත් එළිදරව් කිරීම් එකතු කරයි යන්න විශ්වාස කිරීමට කිසිදු සාධකයක් නැත. බයිබලය ආරම්භ වන්නේම මිනිසා ගැන-උත්පත්ති-එසේම අවසාන වන්නේද මිනිසා පිළිබඳවය. එය අපි-එළිදරව් ලෙස හඳුන්වයි. ඒ අතරතුරේදී සියලුදේ මනුෂ්‍යයාගේ උන්නතිය සඳහා වන අතර එමගින් දෙවියන් වහන්සේගේ සත්‍යතාවයෙන් පූර්ණව එදිනෙදා ජීවිතය ගැන කීමටය. මෙය 2 තිමෝති 3:16-17 දක්නට ලැබේ, “දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටවත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.”

බයිබලයට තවත් පොත් එකතු කළහොත් ඉන් අදහස් වන්නේ, අද අප සතු බයිබලය අසම්පූර්ණ එකක් බවටයි. එසේම අප විසින් දැන ගත යුතු සියල්ල ඉන් අපට නොපවසන බවය. එළිදරව් පොතට ආවේනික වූ පදයක් වූවත් එළිදරව් 22:18-20 බයිබලයට යමක් එකතු කිරීම පිළිබඳව ඉතා වැදගත් සත්‍යතාවයක් සඳහන් කරයි: “මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි, එනම්: යමෙක් ඒ වචන වලට යමක් එකතු කරන්නේ නම්, දෙවියන් වහන්සේ මේ පොතෙහි ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචන වලින් යමක් අහක් කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්‍ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක යනුයි.”

අපට අවශ්‍ය සියලුදේ බයිබලයේ ඇති පොත් 66 තුළ අඩංගුව ඇත. ජීවිතයේ එකඳු තත්වයක්වත් නැත බයිබලයෙන් පිළිතුරු දීමට නොහැකි. උත්පත්තියෙන් ආරම්භවූ දෙය එළිදරව්වෙන් අවසාන වේ. බයිබලය සැබවින්ම සම්පූර්ණ හා සෑහේ. දෙවියන් වහන්සේට බයිබලයට යමක් එකතු කිරීමට හැකිද? නියත වශයෙන්ම ඔව්. කෙසේ වෙතත්, එයට අවශ්‍යතාවයක්ද නැත. බයිබලානුකුලව හා දේවධර්මානුකුලව විශ්වාස කිරීමට උන් වහන්සේ එසේ කරන්ට යන බව හෝ උන් වහන්සේ විසින් එසේ කිරීමට අවශ්‍යතාවයක් තිබේද යන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයට තවත් පොත් එකතු කිරීම සිදු කළ හැකි දෙයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries