settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්ට විරුද්ධව ඇති අවමානය කුමක්ද?

පිළිතුර


ශුද්ධාත්මයට අවමන් කිරීම පිළිබඳව මාර්ක් 3:22-30 හා මතෙව් 12:22-32 හී සඳහන් වේ. අවමන් කිරීම යන දෙය “ගෞරවයක් නොමැති කමේ අඩුපාඩුව” ලෙස වේ. මෙය දෙවියන් වහන්සේට ශාප කිරීම හා සමානය. එසේත් නැති නම් දෙවියන් වහන්සේට සම්බන්ධ දේවල් පහත් කිරීම. එමෙන්ම දෙවියන් වහන්සේ ඉදිරියේ පව්කාර දේවලට මුල් තැන දීමයි. උන් වහන්සේ ඉදිරියේ කළ යුතු යහපත් දේවල් නොකර සිටීමයි. මෙම අවමන් කිරීම, කෙසේ වෙතත්, විශේෂිත දෙයක් “එය ශුද්ධාත්මයට විරුද්ධව පව් කිරීම / අවමන් කිරීම”ලෙස හඳුන්වයි මතෙව් 12:31 හී. මතෙව් 12:31-32 හී, පරිසිවරු බිඳිය නොහැකි සාක්‍ෂි හා සාධක ඉදිරිපත් කරා යේසුස් වහන්සේ හාස්කම් කළේ ශුද්ධාත්ම බලය කරණකොට කීම වෙනුවට දෙවියන් වහන්සේ යක්‍ෂා වේසයෙන් “බෙල්සෙබුබ්” (මතෙව් 12:24). දැන් බලන්න මාර්ක් 30:30 යේසුස් වහන්සේ පැහැදිලිව පවසනවා ඔවුන් “ශුද්ධාත්මයාණන්ට අවමාන කළේ කෙසේද” යන්න.

අවමානය වූයේ යේසුස් වහන්සේ යක්‍ෂාවේසව ඇති බව කෙනෙකු පැවසීමයි. ශුද්ධාත්මයෙන් පූර්ණ යැයි නොපැවසීම. ශුද්ධාත්මයාණන්ට අවමන් කරන තවත් ක්‍රම ඇත. නමුත් මෙය සමාව දීමට නොහැකි පාපයක්. පිළිතුරු වශයෙන් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව ඇති මෙම පාපය අද නැවත කළ නොහැක. යේසුස් වහන්සේ පොළොවේ නැත. නමුත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩිවී සිටියි. කිසිම කෙනෙකුට සාක්‍ෂිදැරීමට නොහැක උන් වහන්සේ හාස්කම් කරන්නේ සාතන්ගේ බලයෙන් ශුද්ධාත්මයෙන් නොවේය කියලා. ගැලවීම ලබපු මනුෂ්‍යකුගේ වෙනස්වූ ජීවිතය තුළ සිදුවන හාස්කම් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන නොවේ සාතන්ගේ බලයෙන් විය හැකිද?

අද ආත්මයාණන්ට නින්දා කරන දෙයට කිසිම සමාවක් දිය නොහැකි පාපයකි, නොඇදහිල්ල තුළ ඉදිරියට යාමයි. නොඇදහිල්ල තුළ ජීවත්වී මිය ගිය කෙනෙකුට සමාවක් නැත. ශුද්ධාත්මයාණන් කෙතරම් ඔබට ඇඟෙව්වත් යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට එය නොකර සිටීමත් සමාව දිය නොහැකි පාපයකි. යොහන් 3:16 හී සඳහන් දේ මතක් කරන්න “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” එම පරිච්ඡේදයේම ඉදිරියට යන විට “පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි” (යොහන් 3:36). එකම කොන්දේසිය නම් උන් වහන්සේ කෙරෙහි අදහන අය අතරේ නැති අයට කිසිම සමාවක් නැත. මන්ද “ඔහු පුත්‍රයාණන්ව ප්‍රතික්ෂේප කරයි.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්ට විරුද්ධව ඇති අවමානය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries