settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපයට මැරෙන්නට ප්‍රථමයෙන් මනුෂ්‍යයන් ගැලවුනේ කෙසේද?

පිළිතුර


මනුෂ්‍යයාගේ වැටීමත් සමග, ගැලවීමේ ප්‍රධානම සන්ධිස්ථානය වුනේ නිතරම ක්‍රිස්තුස් වහන්සේගේ මරණයයි. කිසිවෙකු නැත, කුරුසියට පෙර හා කුරුසියට පසුවත් කිසිවෙකුට ගැලවීම ලැබීමට නොහැක. ඒ ඓතිහාසික අත්‍යවශ්‍යම සිදුවීම නොමැතිව. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය අතීතයේ පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන්ගේ හා අනාගතයේ අළුත් ගිවිසුමේ ශුද්ධවන්තයන්ගේ පාපයන් වලට කුලිය ගෙව්වා.

ගැලවීමට අවශ්‍ය ප්‍රධාන කරුණ නම් ඇදහිල්ලයි. ඇදහිල්ලෙන් ගැලවීමේ අරමුණ නිතරම දෙවියන් වහන්සෙයි. ගීතිකා කරුවා මෙසේ සඳහන් කරයි, “උන් වහන්සේ සරණකොටගන්න සියල්ලෝ ආශීර්වාද ලද්දෝය” (ගීතාවලිය 2:12). උත්පත්ති 15:6 පවසනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කරා ඒ නිසා උන් වහන්සේ ඔහුව ධර්මිෂඨ යයි ගණන් ගනු ලැබුවා (රෝම 4:3-8 බලන්න). පරණ ගිවිසුමේ පූජා ඔප්පු කිරීම් වලින් පාපය ඉවතට ගත්තේ නැත, හෙබ්‍රෙව් 10:1-10 පැහැදිලිව උගන්වනවා. කෙසේ වෙතත් එය මනුෂ්‍ය සංහතිය උදෙසා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලේ වැගිරුවේ.

කාල වකවානුවල වෙනස් කම් ඇති කර ඇත්තේ ඇදහිලිවන්තයන්ගේ ඇදහිල්ලයි. ඒ වන තුරු දෙවියන් වහන්සේ මනුෂ්‍යාට දී ඇති සෑම එළිදරව්වක් මත රඳා පවතියි ඇදහිලිවන්තයා විශ්වාස කළ යුතු දෙය. මෙය ඉදිරියට යන එළිදරව්ව ලෙස හඳුන්වයි. ආදම් දෙවියන් වහන්සේ උත්පත්ති 3:15 දුන් පොරොන්දුව විශ්වාස කරා. එනම් ස්ත්‍රියගේ බීජය සාතන්ව පරාජය කරයි. ආදම් උන් වහන්සේව විශ්වාස කරා, එය ඔහු ඇයට තැබූ නමින්ම සනාථ වේ (20පදය), ඒ වගේම ඔහුගේ පිළිගැනීම දෙවියන් වහන්සේද පිළිගත්තා. ඒ නිසා උන් වහන්සේ ඔවුනට හම් වලින් ඇඳුමක් සාදා දුන්නේ (21 පදය). ඒ මොහොත වන විට ආදම් දැන සිටියේ එපමණයි, නමුත් ඔහු එය විශ්වාස කරා.

ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කලා ඔහුට ලැබුණ පොරොන්දුව හා අළුත් එළිදරව්වීම උත්පත්ති 12 සහ 15 තුළ. මෝසෙස්ට පෙර කිසිම ලියවිල්ලක් ලියා නැත, නමුත් මනුෂ්‍යාට උන් වහන්සේ එළිදරව් කළ දේ වලට වග කිව යුතුව තිබුණා. පරණ ගිවසුම පුරාවටම, ඇදහිලිවන්තයන් ගැලවීම ලැබුවේ ඔවුන් විශ්වාස කළා දවසකදී දෙවියන් වහන්සේ ඔවුන්ගේ පාපිෂ්ඨ ස්වභාවය ගැන බලා ගනී කියලා. අද අප ආපස්සට බැලුවොත් උන් වහන්සේ අපගේ පාප ගැන බලලා ඉවරයි කල්වාරි කුරුසියේදී (යොහන් 3:16; හෙබ්‍රෙව් 9:28).

ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ කිතුනුවන්ට මොනවා වෙයිද? කුරුසියට හා උත්ථානයට පෙර, ඔවුන් විශ්වාස කලේ මොනවාද? ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ පාප වලට මිය යන මුළු පින්තාරුව ඔවුන් සැබවින්ම තේරුම් ගත්තාද? උන් වහන්සේගේ සේවයෙහි අග භාගයේ “එතැන් පටන් යේසුස් වහන්සේ තමන් යෙරුසලමට ගොස් වැඩි මහල්ලන්ගෙන්ද, නායක පූජකයන් ගෙන්ද, ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්ට පටන් ගත් සේක” (මතෙව් 16:21). මෙම පණිවිඩයට ගෝලයන්ගේ ප්‍රතිචාරය කුමක්ද”? “එවිට පේත්‍රුස් උන් වහන්සේ කැඳවා තරවටු කරන්ට පටන් ගෙන, ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරු වේවා. ඔබට කිසිකලකත් එසේ සිඳ්ධ නොවන්නේ යයි කීවේය” (16:22). පේත්‍රැස් හා අනෙක් ගෝලයන් සම්පූර්ණ සත්‍ය දැන සිටියේ නැත. තවත් ඔවුන් ගැලවී සිටියේ ඔවුන් විශ්වාස කරා දෙවියන් වහන්සේ පාපයේ ප්‍රශ්නය බලා ගනී කියලා. ඔවුන් සැබවින්ම දැන සිටියේ නෑ උන් වහන්සේ කරන්න යන්නේ කෙසේද කියලා. ආදම්, ආබ්‍රහම් මෝසෙස්, දාවිත් පවා දැන සිටියේ නැත. නමුත් ඔවුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරා.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයට පෙර සිටියාවූ මනුෂ්‍යයන්ට වඩා අද අපට එළිදරව් ඇත, අප සම්පූර්ණ පින්තාරුව දන්නවා. “දෙවියන් වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස් වලින්ද බොහෝ අන්දම් වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථා කරවා, මේ දවස්වල කෙළවරදී තමන් වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථා කෙරෙවු සේක. උන් වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළ සේක, උන් වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූ සේක” (හෙබ්‍රෙව් 1:1-2). අපගේ ගැලවීම තවමත් රඳා පවතින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය මතයි. අපගේ ගැලවීමට තවමත් අවශ්‍ය දේ ඇදහිල්ලයි. අපගේ ඇදහිල්ලේ අවශ්‍යකතාව තවමත් දෙවියන් වහන්සේ. අද අපගේ ඇදහිල්ලේ ප්‍රධානම සංධිස්ථානය නම් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මැරුණු බවයි. උන් වහන්සේ තැන්පත් කරනු ලැබුවා, තුන්වෙනිදා උත්ථාන විය (1 කොරින්ති 15:3-4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපයට මැරෙන්නට ප්‍රථමයෙන් මනුෂ්‍යයන් ගැලවුනේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries