settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයෙහි ඇති පොත් වල කතෘන් කව්ද?

පිළිතුර


අවසානයේදී (කෙසේවෙතත්), සමාන්‍ය මනුෂ්‍ය කතෘන්ට ඉහළින්, බයිබලය ලියනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින්ය. 2 තිමෝති 3:16 අපට පවසනවා බයිබලය දෙවියන් වහන්සේ “පිටකල හුස්මක්” ලෙසට. දෙවියන් වහන්සේ බයිබලය ලියූ මිනිස් කතෘන්ව පාලනය කළා, උන් වහන්සේට අවශ්‍ය දේ ඔවුන්ගේ වචනින් හා සෛලයන් ලියනා විටදී. ඔවුන් වාර්ථා කළේ නිසැකවම දෙවියන් වහන්සේට අවශ්‍යව හා දෙවියන් වහන්සේ පැවසූ දේ වේ. බයිබලය දෙවියන් වහන්සේගේ අනු ලේඛනයක් නොව, එය සම්පූර්ණයෙන්ම දේව අනුභාවයෙන් මග පෙන්වීම ඇතිව ලියූවකි.

මානුෂික ලෙස කථා කර කළ, බයිබලය විවිධ පසුබිම් වලට අයත්වූ කතෘන් 40 කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති අතර එයට අවුරුදු 1500 ක කාලයක්ද ගත වෙන්ට ඇත. යෙසායා අනාගතවකතෘ කෙනෙක්, එස්රා පූජකයෙක්, මතෙව් සුංගම් අය කරන්නෙක්, යොහන් මසුන් අල්ලන්නෙක්, පාවුල් කූඩාරම් සාදන්නෙක්, මෝසෙස් එ‍නෙඩේරෙක්, ලූක් වෛද්‍යවරයෙක්. ශත වර්ෂ 15 කට ආසන්න කාල පරතරයක සිටි කතෘන් ලියුවත්, බයිබලයේ එකඳු පොතක්වත් අනෙකට පරස්පර විරෝධි හෝ වරදක් සඳහන් නොවේ. කතෘන් විවිධ කෝන වලින් දැක ඇත, නමුත් ඔවුන් සියලු දෙනාම ප්‍රකාශ කරන්නේ එකම සත්‍ය දෙවියන් වහන්සේ ගැනය. එසේම ගැලවීමට එකම මාර්ගය-යේසුස් ක්‍රිස්තුස් වහන්සේ (යොහන් 14:6; ක්‍රියා 4:12). බයිබලයේ පොත් කිහිපයක එහි කතෘ ගැන සඳහන් කරයි. බයිබල් විශාරදයින් විසින් කතෘන් යැයි හඳුන්වා දී ඇති කතෘන් හා එම පොත් කිහිපයක් පහත සඳහන් වේ. එසේම ලියූ කාල වකවානුවද ඇත.

උත්පත්ති, නික්මයාම, ලෙවි කථාව, ගණන් කථාව, ද්විතිය කථාව=මෝසෙස්-ක්‍රි.පූ 1400
යොෂුවා=යොෂුවා-ක්‍රි. පූ. 1350
විනිශ්චයකාරයාගේ පොත, රූත්,1 සාමුවෙල්, 2 සාමුවෙල්=සාමුවෙල්, නාතාන්, ගාද්-ක්‍රි. පූ.100-900
1 රාජාවලිය, 2 රාජාවලිය=යෙරමියා-ක්‍රි. පූ 600
1 ලේකම්, 2 ලේකම් එස්රා, නෙහෙමියා=එස්රා-ක්‍රි. පූ. 450
එස්තර්=මොර්දෙකායි-ක්‍රි. පූ 400
යෝබ්=මෝසෙස්-ක්‍රි. පූ 1400
ගීතාවලිය=නොයෙක් කතෘන් සිටියා, බොහෝමයක් දාවිත්-ක්‍රි. පූ 100-400
හිතෝපදේශ, දේශනාකාරයා, සලමොන්ගේ ගීතිකාව=සලමොන්-ක්‍රි. පූ 900
යෙසායා=යෙසායා-ක්‍රි. පූ 700
යෙරමියා, විලාප ගී=යෙරමියා-ක්‍රි. පූ 600
එසකියෙල්=එසකියෙල්-ක්‍රි. පූ 550
දානියෙල්=දානියෙල්-ක්‍රි. පූ 550
හොෂෙයා=හොෂෙයා-ක්‍රි. පූ 750
යෝවෙල්=යෝවෙල්-ක්‍රි. පූ. 850
ආමෝස්=ආමෝස්-ක්‍රි. පූ 750
ඔබදියා=ඔබදියා-ක්‍රි. පූ 600
යෝනා=යෝනා-ක්‍රි. පූ 700
මීකා=මීකා-ක්‍රි. පූ. 700
නාහුම්=නාහුම්-ක්‍රි. පූ. 650
හබකුක්=හබකුක්-ක්‍රි. පූ. 600
ශෙපනියා=ශෙපනියා-ක්‍රි. පූ. 650
හග්ගයි=හග්ගයි-ක්‍රි. පූ 520
සෙකරියා=‍ෙසකරියා-ක්‍රි. පූ. 500
මාලාකි=මලාකි-ක්‍රි. පූ. 430
මතෙව්=මතෙව්-ක්‍රි. ව. 55
මාර්ක්=යොහාන් මාර්ක්-ක්‍රි. ව. 50
ලූක්=ලූක්-ක්‍රි. ව. 60
යොහන්=යොහන්-ක්‍රි. ව. 90
ක්‍රියා=ලූක්-ක්‍රි. ව. 65
රෝම, 1 කොරින්ති, 2 කොරින්ති, ගලාති එපීස. පිලිප්පි. කොලොස්සි, 1 තෙසලෝනික, 2 තෙසලෝනික, 1 තිමෝති, 2 තිමෝති, තීතස්, පිලමොන්=පාවුල්-ක්‍රි. ව. 50-70
හෙබ්‍රෙව්=කතෘන් නොදනි, බොහෝවිට පාවුල්, ලූක් බර්ණබස් හෝ අපොලොස්-ක්‍රි. ව. 65
යාකොබ්=යාකොබ්-ක්‍රි. ව. 45
1 පේත්‍රැස්, 2 පේත්‍රැස්=පේත්‍රැස්-ක්‍රි. ව. 60
1 යොහන්, 2 ‍ෙයාහන්, 3 යොහන්=යොහන්-ක්‍රි. ව. 90
යූද් (යූදස්)=යූද්-ක්‍රි. ව. 60
එළිදරව්=යොහන්-ක්‍රි. ව. 90

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයෙහි ඇති පොත් වල කතෘන් කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries