අදේවවාදය යනු කුමක්ද?




ප්‍රශ්නය: අදේවවාදය යනු කුමක්ද?

පිළිතුර:
අදේවවාදය යනු දෙවියන් වහන්සේට පැවැත්මක් නැතැයි පැවසීමයි. අදේවවාදය යනු අලුතෙන් හට ගත් සංවිධානයක් නොවේ. ගීතාවලිය 14 :1 “අඥානයා දෙවි කෙනෙක් නැතැයි සිතන් කීය. ඔව්හූ දුශචරිතයෙහි සිටිති, ඔව්හූ පිළිකුල් ක්‍රියා කළෝය.” මෙය දාවිත් තුමා ක්‍රි.පු 1000 පමණ ලියන ලදි. නූතන සංඛ්‍යාතනාම පෙන්වා දෙන්නේ මිනිසුන් විශාල ප්‍රමාණයක් අදේවවාදයට එකතු වන බවයි. 10% ලෝකය පුරාවට ඇති මිනිසුන්. එසේ නම් මිනිසුන් බොහොමයක් අදේවවාදින් හැටියට වෙනස් වන්නේ ඇයි? අදේවවාදය සැබවින්ම තර්කානුකුල තත්වයකද අදේවවාදින පවසන ලෙසට.

අදේවවාදය පවතින්නේ ඇයි ? දෙවියන් වහන්සේ තම පැවැත්ම ඔප්පු කිරීමට උන් වහන්සේ මිනිසුන්ට පෙනෙන්නේ නැත්තේ ඇයි? (අනාවරණය නොකරන්නේ ඇයි)? සැබවින්ම දෙවියන් වහන්සේ නිකම්ම ආනාවරණය උනොත්, සිතුවිල්ල මෙසේ වේ, එවිට මිනිසුන් උන් වහන්සේව පිළිගනී. නමුත් මෙතෙන තිබෙන ප්‍රශ්නය නම් දෙවියන් වහන්සේට තමාගේ පැවැත්ම ඔප්පු කිරීමක් පමණක් කිරීමට අවශ්‍ය නොවිමයි. උන් වහන්සේට අවශ්‍යවූයේ මිනිසුන් ඇදහිල්ලෙන් උන් වහන්සේව පිළිගැනීමයි (2 පේත්‍රැස් 3:9) හා ඇදහිල්ලෙන් පිළිගැනීම ඔහුගේ ගැලවීමේ ත්‍යාගයකි (යොහන් 3:16). දෙවියන් වහන්සේ තමාගේ පැවැත්ම බොහෝ අවස්ථාවේදී පරණ ගිවිසුමේදි අනාවරණය කරන ලදි (උත්පත්ති 6-9; නික්මයාම 14:21-22; 1 රාජාවලිය 18:19-31). මිනිසුන් පිළිගත්තාද දෙවියන් වහන්සේගේ පැවැත්ම? ඔව්. ඔවුන් ඔවුන්ගේ නපුරු මාර්ග වලින් ඉවතට හැරී දෙවියන් වහන්සේ වෙතට ආවාද? නැත. මනුෂ්‍යයෙකු කැමැත්තෙන් දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිනොගත්තොත්, එසේ නම් ඔහු / ඇය නියත වශයෙන්ම ක්‍රිස්තුස් යේසුස් වහන්සේව තම ගැලවුම්කරුවා හැටියට පිළිනොගනී (එපීස 2:8-9). දෙවියන් වහන්සේගේ ආශාව නම් මිනිසුන් කිතුනුවන් වීමයි, දේවවාදින් පමණක් වීම නොව (දෙවියන් වහන්සේට පැවැත්මක් තිබේ යැයි කියන අය).

බයිබලය අපට පවසනවා දෙවියන් වහන්සේගේ පැවැත්ම ඇදහිල්ලෙන් පිළිගතයුතු බවයි. හෙබ්‍රෙව් 11:6 පවසනවා, “නුමුත් ඇදහිල්ල නැතුව උන් වහන්සේව ප්‍රසන්න කරන්න නුපුලුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ලඟාවෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත්, උන් වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය.” බයිබලය අපට පවසනවා අප දෙවියන් වහන්සේව ඇදහිල්ලෙන් පිළිගන්නවා නම් අපි ආශීර්වාද ලද්දෝය. “නුඹ මා දුටු බැවින් විශ්වාස කෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාස කළා වූ අය ආශීර්වාද ලද්දෝයයි යේසුස් වහන්සේ කීසේක. (යොහන් 20:29).

දෙවියන් වහන්සේගේ පැවැත්ම ඇදහිල්ලෙන් පිළිගතයුතුය, නමුත් මෙයින් පවසන්නේ නෑ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තර්කානුකුල නොවේ යන්න නොවේ. දෙවියන් වහන්ස්ගේ පැවැත්ම පිළිබඳව බොහෝ යහපත් තර්ක ඇත. බයිබලයේ අපට පවසනවා පැහැදිලිව විශ්වයෙන් අපට දැකිය හැක (ගීතාවලිය 19:1-4), ස්වභාව ධර්මයෙන් (රෝම 1:18-22) හා අපගේම හදවත් තුළ (දේශනාකාරයා 3:11). පවසා ඇති සියලු දේ සමග, දෙවියන් වහන්සේගේ පැවැත්ම ඔප්පු කළ, එය ඇදහිල්ලෙන් පිළිගතයුතුය.

එම අවස්ථාවේදීම, අදේවවාදය පිළිගැනීමටත් එම ඇදහිල්ලමයි අවශ්‍ය. නියත ප්‍රකාශය ඉදිරිපත් කිරීමට “දෙවියන් වහන්සේට පැවැත්මක් නැත” නිසැකවම සියලුදේ දැන ගැනීමේ ප්‍රකාශය සියලුදේ දැන ගැනීම එසේම සෑම තැනම සිටීම විශ්වය තුළ සාක්‍ෂියක් දකින්ට තිබෙන සියල්ල නියත ලෙසම, කිසිම අදේවවාදියෙකු මෙවැනි ප්‍රකාශණ නොකරයි. කෙසේ වෙතත්, එම හේතුන් නිසා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේට පැවැත්මක් නොමැති බව ඔවුන් ඉදිරිපත් කරන තර්කයේදි. අදේවවාදින්ට දෙවියන් වහන්සේට පැවැත්මක් නොමැති බව ඔප්පු කිරීමට නොහැකි බවය. උදාහරණයකට, ඉරට මධ්‍යස්තව ජීවත් වන්න, හෝ බ්‍රහස්පතිගේ වළාකුලට යටින් ජීවත් වන්න හෝ නෙබුයුලාවට මදක් දුරින් සිටීම. එම ස්ථාන අපට බලා ගැනීමට හැකි ස්ථානයක් අභිබවා තිබෙන නිසා. දෙවියන් වහන්සේගේ පැවැත්මක් නැතැයි පැවසීමට නොහැක. අදේවවාදයෙකු වීමට ගතවන ඇදහිල්ලම තමයි දේවවාදයෙකු වීමට යොමු වන්නේ.

අදේවවාදය ඔප්පු කිරීමට නොහැක, දෙවියන් වහන්සේගේ පැවැත්ම ඇදහිල්ලෙන් පිළිගත යුතුය. නියත වශයෙන්ම, කිතුනුවන් දෙවියන් වහන්සේගේ පැවැත්ම තරයේ විශ්වාස කරයි. එසේම දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගැනීම ඇදහිල්ලේ තත්වයකි. එම අවස්ථාවේදීම, දෙවියන් වහන්සේ තර්කානුකුල නොවන දෙයද අපි පිළිනොගනි. අපි පිළිගන්වා දෙවියන් වහන්සේගේ පැවැත්ම පැහැදිලිව දැකිය හැක. තදින් කාවදී හා දර්ශනවාදාත්මකව හා විද්‍යාත්මකව ඔප්පු කිරීම වැදගත්ය. “අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; ගුවන්තලය උන් වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කථා කරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය” (ගීතාවලිය 19:1-4).



නැවතත් සිංහල මුල් පිටුවට



අදේවවාදය යනු කුමක්ද?