settings icon
share icon
ප්‍රශ්නය

මගේ ගැලවීම ගැන මට සහතිකයක් ලැබෙන්නේ කෙසේද?

පිළිතුර


ගැළවීමේ සහතිකය නම්, සරලව කිවහොත්, ඔබ ගැලවී ඇති බව නිසැකවම දැන සිටීමයි. ඉතිහාසය පුරා බොහෝ කිතුණුවන් ඔවුන්ගේ ගැලවීම පිළිබඳ සහතික වීම සඳහා ඔවුන්ගේ අරගල ගැන ලියා ඇත. ගැටලුව වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බොහෝ අනුගාමිකයින් ගැලවීමේ සහතිකය සොයමින් සිටින්නේ වැරදි ස්ථානවල වීමයි.

දෙවියන්වහන්සේ අපගේ ජීවිත තුළ කරන දේවල්, අපගේ අධ්‍යාත්මික වර්ධනය, යහපත් ක්‍රියා සහ දේව වචනයට කීකරු වීම අපගේ කිතුණු ගමන තුළ පැහැදිලි වන පරිදි ගැළවීමේ සහතිකය සෙවීමට අපි නැඹුරු වෙමු. මේ දේවල් ගැලවීම පිළිබඳ සාක්ෂි විය හැකි නමුත්, ඒවා අපගේ ගැලවීම පිළිබඳ සහතිකය මත පදනම් විය යුතු දේ නොවේ. ඒ වෙනුවට, දෙවියන්වහන්සේගේ වචනයේ වෛෂයික සත්‍යය තුළ අපගේ ගැලවීම පිළිබඳ සහතිකය සොයා ගත යුතුය. අපගේ ආත්මීය අද්දැකීම් නිසා නොව දෙවියන්වහන්සේ ප්‍රකාශ කර ඇති පොරොන්දු මත පදනම්ව අප ගැළවී සිටින බවට අපට නිසැක විශ්වාසයක් තිබිය යුතුය.

ඔබට ගැලවීම පිළිබඳ සහතිකයක් ලබා ගත හැක්කේ කෙසේද? 1 යොහන් 5:11-13 සලකා බලන්න: “සහ සාක්ෂිය මෙයයි: දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය ලබා දී ඇත, මේ ජීවිතය උන්වමහන්සේගේ පුත්‍රයා තුළ ඇත. පුත්‍රයා ඇති තැනැත්තාට ජීවනය ඇත; දෙවියන්වහන්සේගේ පුත්‍රයා නැති තැනැත්තාට ජීවනය නැත. දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ නාමය අදහන ඔබට මම මේ දේවල් ලියන්නේ ඔබට සදාකාල ජීවනය ඇති බව ඔබ දැන ගන්නා පිණිසය” (අවධාරණය එකතු කර ඇත). පුත්‍රයා සිටින තැනැත්තා කවුද? උන්වහන්සේව විශ්වාස කළ අයයි (යොහන් 1:12). ඔබට යේසුස්වහන්සේ සිටී නම්, ඔබට ජීවිතය ඇත. තාවකාලික ජීවිතයක් නොව සදාකාලික ජීවිතයක්. තවද, 1 යොහන් 5:13 ට අනුව, ඔබට මෙම සදාකාල ජීවනය ඇති බව ඔබට දැනගත හැක.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ ගැළවීම පිළිබඳ සහතිකයක් අපට තිබීමයි. අප සැබවින්ම ගැළවී ඇත්දැයි සෑම දිනකම කල්පනා කරමින් හා කරදර වෙමින් අපගේ කිතුණු ජීවිතය ගත නොකළ යුතුය. ඒ නිසා තමයි බයිබලයේ ගැලවීමේ සැලැස්ම මේ තරම් පැහැදිලි වෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න (යොහන් 3:16; ක්‍රියා 16:31). යේසුස්වහන්සේ මිය ගියේ ඔබේ පාපවලට වන්දි ගෙවීමට බවත් නැවත උත්ථාන වූ බවත් ඔබ විශ්වාස කරනවාද (යොහන් 3:16; රෝම 5:8; 2 කොරින්ති 5:21)? ගැලවීම සඳහා ඔබ උන්වහන්සේව පමණක් විශ්වාස කරනවාද? මෙම ප්‍රශ්නවලට ඔබේ පිළිතුර “ඔව්” නම්, ඔබ ගැලවී ඇත! සහතිකය යනු සැකයෙන් නිදහස් වීමයි. දෙවියන්වහන්සේගේ වචනය හදවතට ගැනීමෙන්, ඔබගේ සදාකාලික ගැලවීමේ යථාර්ථය ගැන ඔබට සැකයක් නැත.

තමන්ව විශ්වාස කරන අයට යේසුස්වහන්සේම සහතික වෙනවා. “කිසිවෙකුට ඒවා මාගේ අතින් උදුරා ගත නොහැක. ඒවා මට දුන් මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ට වඩා උතුම් ය. කිසිවෙකුට ඒවා මාගේ පියාණන්වහන්සේගේ අතින් උදුරා ගත නොහැක” (යොහන් 10:28-29). සදාකාල ජීවනය යනු එයයි - සදාකාලිකයි. ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ විසින් දෙන ලද ගැළවීම නමැති දීමනාවය ඔබෙන් ඉවතට ගත හැකි කිසිවෙක් නැත, ඔබම නොවේ.

දෙවියන්වහන්සේගේ වචනය ඔබට පවසන දෙයින් ප්‍රීති වන්න: සැක කරනවා වෙනුවට අපට විශ්වාසයෙන් ජීවත් විය හැක! අපගේ ගැලවීම කිසිදා ප්‍රශ්නයට ලක් නොවන බවට ක්‍රිස්තුස්වහන්සේගේම වචනයෙන් අපට සහතික විය හැක. අපගේ ගැලවීම පිළිබඳ සහතිකය පදනම් වී ඇත්තේ දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට ලබා දී ඇති පරිපූර්ණ හා සම්පූර්ණ ගැලවීම මතය. ඔබ ඔබේ ගැලවුම්කරුවා ලෙස ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරනවාද? පිළිතුර “ඔව්” නම්, ඔබට ගැලවීම සහතිකයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මගේ ගැලවීම ගැන මට සහතිකයක් ලැබෙන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries