අපගේ ගැලවීම සදාකාලිකව සුරක්‍ෂිත නම්, එසේ නම් බයිබලය පළමු ධර්මය / භක්තිය හැරයාමට විරුද්ධව අනතුරු අඟවන්නේ ඇයි?




ප්‍රශ්නය: අපගේ ගැලවීම සදාකාලිකව සුරක්‍ෂිත නම්, එසේ නම් බයිබලය පළමු ධර්මය / භක්තිය හැරයාමට විරුද්ධව අනතුරු අඟවන්නේ ඇයි?

පිළිතුර:
බයිබලයේ භක්තිය හැරයාම පිළිබඳව කථා කරන්නේ සැබෑ හැරීම සිදුවී ඇත් දැයි බලන මිනුම් දණ්ඩ නම් පෙනෙන ඵල වලිනි. යොහන් බව්තිස්ත මිනිසුන්ව යොර්දාන් නදියේ බව්තිස්ම කරනු ලැබූ අවස්ථාවේ තමන් ධර්මිෂ්ඨ යැයි සිතා සිටි අයට ඔහු අනතුරු හැඟෙව්වා “පසුතැවිල්ලට සුදුසු ඵල උපදවාපල්ලා” (මතෙව් 3:8). යේසුස් වහන්සේ සෑම ගසක්ම එහි ඵල වලින් දැන ගත හැකි යන මාතෘකාව යටතේ කන්ද උඩ දේශනා කරන විට උන් වහන්සේට ඇහුම්කන් දුන් සියල්ලන්ට උන් වහන්සේ අනතුරු ඇඟෙව්වා (මතෙව් 7:16) එසේම යහපත් ඵල නොදරන සියලු ගස් කපා ගින්නට හෙලනු ලබන බවත් (මතෙව් 7:19).

මේ අනතුරු ඇඟවීම් වල අරමුණ නම් “පහසු ඇදහිලිධර්ම” වලට විරුද්ධවය. වෙනත් වචන වලින්, යේසුස් වහන්සේව අනුගමනය කිරීම ඔබ කිතුනුවකු යැයි පැවසීමට වඩා වැඩි යමක් ඇත. ඕනෑම කෙනෙකුට ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරුවා හැටියට ප්‍රකාශ කළ හැක. නමුත් සැබවින් ගැලවීම ලැබූ අය තුළ ඵල දැකීමට හැකි වේ. දැන් කෙනෙකු ප්‍රශ්නයක් ඇසිය හැක, “ඵල යැයි අදහස් කරන්නේ කුමක්ද?” ක්‍රිස්තියානි ඵල පිළිබඳ පැහැදිලි උදාහරණයක් ගලාති 5:22-23 පාවුල්තුමා ශුද්ධාත්මයාණන්ගේ ඵල ගැන කථා කරයි: ප්‍රේමය, ප්‍රීතිය, සමාදාණය ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම. තවත් කිතුනු ඵල ඇත (ප්‍රශංසාව, ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආත්ම දිනා ගැනීම), නමුත් මේ ලැයිස්තුවේ යහපත් කිතුනු ගුණාංග පිළිබඳව සාරංශයක් දෙයි. සැබෑ කිතුනුවන් ඔවුන්ගේ කිතුනු ගමන වර්ධනයකර ගන්නවාත් සමගම මෙවැනි ගුණාංගද ඔවුන්ගේ ජීවිතයට එකතු කර ගනිති (2 පේත්‍රැස් 1:5-8).

එය මේ සත්‍යතාවයි, ඵල දරණ ගෝලයන් සදාකාල සුරක්‍ෂිතභාවය ඇති අතර අවසානය දක්වා ගමන් කරයි. මෙය දරන්නාවූ බොහෝ බයිබල් කොටස් ඇත රෝම 8:29-30 “රන් දම්වැල” ගැලවීම ලැබීමට දෙවියන් වහන්සේගේ පෙර දැන ගැන්ම අනුව පෙර නියම කර ඇත්තාවූ, කැඳවනු, ධර්මිෂ්ඨකරනු හා මහිමයට පත් කරනු ලැබූ-කිසිදු නැතිවීමක්ද සදා නොවේ. පිලිප්පි 1:6 හී පවසනවා අප තුළ දෙවියන් වහන්සේ ආරම්භ කළ වැඩය උන් වහන්සේම නිම කරනු ඇත. එපීස 1:13-14 හී අපට උගන්වනවා දෙවියන් වහන්සේ අපව ශුද්ධාත්මයාණන්ගෙන් මුද්‍රා කර ඇත අපගේ උරුමයේ සහතිකයක් වශයෙන් දෙනු ලබනවා එය අපි ලබනා තෙක්. යොහන් 10:29 සහතික කරනවා කිසිවෙකුට දෙවියන් වහන්සේගේ අතින් ගත නොහැකි බවයි,. බොහෝ ලියවිලි තිබෙනවා එම දෙයම පවසනවා සැබෑ ඇදහිලිවන්තයන් සදාකාලිකව ඔවුන්ගේ ගැලවීම තුළ සුරක්‍ෂිතයි.

මුල් ධර්මය හැරීමට එරෙහිව ඇති අනතුරු ඇඟවීම ප්‍රාථමික අවශ්‍යතා දෙකක්ම ආවරණය කරයි. පළමුව ඔවුන් සැබෑ ඇදහිලිවන්තයන්ට අවවාද කරනවා ඔවුනට සහතික කර ගන්න කියා ඔවුන්ගේ “කැඳවීම හා තෝරා ගැනීම.” පාවුල්තුමා අපට පවසනවා 2 කොරින්ති 13:5 හී අප ඇදහිල්ල තුළ සිටිනවාද යන්න සෝදිසි කර බැලීමට. සැබෑ ඇදහිලිවන්තයන් ඵල දරන්නන් හා ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නන් නම්, අපට ගැලවීමේ සාධක දැකිය හැක. කිතුනුවන් ඵල දරනවා ඔවුන්ගේ කීකරුකමේ මට්ටම මත පදනම්වීම හා ඔවුන්ගේ ආත්මික දීමනා. නමුත් සියලු කිතුනුවන් ඵල දරනවා එසේම අප තමා-පරීක්‍ෂාකර ගැනීම මත සාධක සොයා බැලිය යුතු වේ.

කිතුනු ජීවිතයේ කාලවකවානු තිබේ ඵල දැකීමට නොහැකි වන. ඒ පාපය හා අකීකරුකම ඇති අවස්ථාවන්ය. මෙවැනි අකීකරුකමේ කාල දීර්ග වන විට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ දුන් අපගේ ගැලවීමේ සුරක්‍ෂිතභාවය අපට අහිමි වේවිද? එමනිසා තමයි දාවිත් ගීතාවලිය 51 හී යාච්ඤා කලේ ඔහුව “ගැලවීමේ ප්‍රීතිය” කරා ගෙන යන්ට කියා (ගීතාවලිය 551:12). අපට ගැලවීමේ ප්‍රීතිය අහිමි වෙනවා අප පාපය තුළ ජීවත් වන විට. එමනිසා තමයි බයිබලයේ අපට පවසන්නේ “නුඹලා ඇදහිල්ලේ සිටිනවාද කියා නුඹලාම පරීක්‍ෂා කර බලාපල්ලා, නුඹලාවම සෝදිසි කර බලාපල්ලා” (2 කොරින්ති 13:5). සැබෑ කිතුනුවකු තමාව සෝදිසි කර වර්ථමාන ඵල දැරීමක් නොදුටුව හොත් දෙවියන් වහන්සේ වෙතට නැවත හැරී පසු තැවිය යුතුය.

දෙවන කරුණ මුල් ධර්මයෙන් හැරීම ගැන අවධානය යොමු කරන දෙය නම් ඔවුන්ගේ හැරීම් වලින් අප ඔවුන්ව හඳුනා ගන්නවා. මුල් ධර්මයෙන් හැරීම නම් කෙනෙකු තමාගේ ඇදහිල්ලෙන් හැරීම, එය ඉතා පැහැදිලියි බයිබලයේ මුල් ධර්මය හැරීම නම් මනුෂ්‍යයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ල පිළිබඳව ප්‍රකාශ කිරීමයි. නමුත් කිසිම විටක උන් වහන්සේව ගැලවුම් කරුවාණන් ලෙසට සැබවින්ම පිළිනොගෙන සිටි. මතෙව් 13:1-9 (වපුරන්නාගේ උපමාව) මේ කරුණු හොඳින් පැහැදිලි කරනවා. ඒ උපමාවේ, වපුරන්නා බීජ වපුරනවා, ඉන් පිළිබ්ඹු කරන්නේ උන් වහන්සේගේ වචනයයි. බීජය වපුරනවා බිම් වර්ග 04 ක: මග අසල, පස් නැති ගල් බිම් වල, කටු අතර සහ සරු බිමෙහි. මේ බිම් 04 හතර ආකාර ප්‍රතිචාර ලියවිල්ල කෙරෙහි දක්වන, පළමු එක එකවරම එපා කිරීම අනෙක් තුන තවත් තුන් ආකාර ප්‍රතිචාර වේ. ගල් බිම හා කටු අතර බිම පිළිබ්ඹු කරන්නේ ශුභාරංචිය ඉක්මනින්ම යොමුවී නමුත් පීඩාවන් ආ කළ (ගල් බිම) හෝ ලෞකික දේවල් තමාව පහත් කළ (කටු අතර), ඔවුන් ඉවතට යනවා මේ ප්‍රතිචාර දෙක ගැන යේසුස් වහන්සේ පවසනවා ඔවුන් ශුභාරංචිය පිළිගත් නමුත් ඔවුන් කිසි ඵල දැරීමක් නොකරන බවයි. මන්ද බීජය (ශුභාරංචියේ) කිසිම විටක කාවැදී නැත හදවතේ ගැඹුරට. හතරවෙනි පස පමණයි “සූදානම්ව” තිබුණේ දෙවියන් වහන්සේ විසින් එයිට විතරයි හැකියාව තිබුණේ බිලය ලබාගෙන ඵල දැරීමට. නැවතත් යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනි, ස්වාමිනි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය” (මතෙව් 7:21).

සැබවින්ම බයිබලයේ මුල් ධර්මය අත් හැරීමට එරෙහිව කථා කරන අතර එම අවස්ථාවේදීම සැබෑ ඇදහිලිවන්තයෙක් කිසිම විටක ධර්මය අත්නොහරි යන්න පැවසීම අසාමාන්‍ය වේ. කෙසේ වෙතත් ලියවිල්ලේ මෙයයි පවසන්නේ 1 යොහන් 2:19 විශේෂයෙන්ම පවසන්නේ ධර්මය අත් හරින්නෝ සැබෑ ඇදහිලිවන්තයෝ නොවන බවයි. ධර්මය හැරීමට විරුද්ධව ඇති බයිබලානුකුල අනතුරු ඇඟවීම්, එමනිසා අනතුරු ඇඟවීමක් වනවා “ඇදහිල්ල” තුළ සිටින්නන්ට එය සැබවින්ම එය ලබා නොගෙන තිබුන නමුත්. හෙබ්‍රෙව් 6:4-6 සහ හෙබ්‍රෙව් 10:26-29 හී ආඥා කරනවා “බොරුවට අඟවන ඇදහිලිවන්තයන්” ඔවුන්ව පරීක්‍ෂා කර බැලිය යුතු අතර ඔවුන් මුල් ධර්මය අත් හැරීම ගැන අවධානය යොමු කරනවා නම් ඔවුන් සැබවින්ම ගැලවීම ලබා නැත. මතෙව් 7:22-23 “බොරුවට අඟවන ඇදහිලිවන්තයන්” වන අයව දෙවියන් වහන්සේ එපා කරන්නේ ඔවුන්ට ඇදහිල්ල මදිකම නිසාම නොව නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ව කිසි දිනක නොදැන සිටි නිසාය.

බොහෝ අය යේසුස් වහන්සේ සමග හැඳින්වීමට කැමතියි. ඔවුනට සදාකාල ජීවනය හා ආශීර්වාද අවශ්‍ය නැති? කෙසේ වෙතත්, යේසුස් වහන්සේ අපට පවසනවා ගණන් තැබීමට ගෝලත්වයේ වටිනාකම (ලූක් 9:23-26, 14:25-33). එම වටිනාකම සැබෑ ඇදහිලිවන්තයන් ගණන් කර ඇත, මුල් ධර්මය හරින්නෝ එසේ නොකරයි. මුල් ධර්මය හරින්නෝ නම්, ඔවුන් ඇදහිල්ල අත් හරින කළ දෙන සාධක නම් ඔවුන් කිසි විටක පළමුවෙන් ගැලවීම ලබා ඇති බවට (1 යොහන් 2:19). මුල් ධර්මය හැරීම ගැලවීම නැතිවීම නොව, නමුත් ගැලවීමේ ක්‍රියාවලිය කිසිම විටක ජීවිතය තුළ ක්‍රියාත්මක නොවීමයි.



නැවතත් සිංහල මුල් පිටුවට



අපගේ ගැලවීම සදාකාලිකව සුරක්‍ෂිත නම්, එසේ නම් බයිබලය පළමු ධර්මය / භක්තිය හැරයාමට විරුද්ධව අනතුරු අඟවන්නේ ඇයි?