දේවදූතයන් ස්ත්‍රීද? පුරුෂද?




ප්‍රශ්නය: දේවදූතයන් ස්ත්‍රීද? පුරුෂද?

පිළිතුර:
කිසිම සැකයක් නැත ලියවිල්ලේ දූතයන් පිළිබඳව කථා කරන විට නිතරම පුරුෂාකාරයෙන් ආමන්ත්‍රණය කරයි. අළුත් ගිවිසුමේ “දේවදූතයන්ට” භාවිතා කරන ග්‍රීක් වචනය නම්, ඒන්ජලොස්, එය පුරුෂාකාරයෙන් වේ. නමුත් ස්ත්‍රී පුරුෂභාව දූතයෙකුගේ නොපවති. ව්‍යාකරනවල ලිංගභේදයන් තුන් ආකාරය පුරුෂ (ඔහු-ඔහු-ඔහුගේ) ස්ත්‍රී (ඈ-ඇය-ඇයගේ) උදාසීන (ඌ-උගේ) දේවදූතයන් දේවදූතයන්ව මින් කිසිවක් ආමන්ත්‍රණය නොකරයි. පුරුෂාකාරයෙන් මිස, බයිබලයේ දූතයන් පිළිබ්ඹුවන බොහෝ අවස්ථාවල කිසිම විටක “ඇය” හෝ “ඌ” ලෙස කිසිම විටක ආමන්ත්‍රණය නොකරයි, ඉදිරියටත් දූතයන් පිළිබ්ඹුවන අවස්ථාවේදී ඔවුන් පුරුෂාකාරයෙන් පිළිබ්ඹු විය (උත්පත්ති 18:2; 16; එසකියෙල් 9:2). කිසිම අවස්ථාවක දේවදූතයන් ස්ත්‍රී ස්වරූපයෙන් ඇවිත් නැත.

බයිබලයේ නම් කර ඇති දේවදූතයන් මිඛායෙල්, ගාබ්‍රියෙල්, ලුසුෆර් සියලු දෙනාට තිබුනේ පිරිමි නම් ඒවගේම ඔවුන් අයත් වන්නේ පුරුෂ ගණයට. එළිදරව් 12:7 “මිඛායෙල් හා ඔහුගේ දූතයන්” ලූක් 1:29 “නමුත් ඈ ඔහුගේ (ගාබ්‍රියෙල්ගේ) කීමට බොහෝ සෙයින් කැළඹී”, යෙසායා 14:12 “ලුසිෆර් අලුයම් පුත්‍රය” දූතයන් පිළිබඳව ඇති අනෙක් බයිබල් කොටස්වල පුරුෂාරෝපණයෙන් කථා කරයි. විනිශ්චකාරයා 6:21 දූතයා සේවකයන්ව අතෙහි රඳවා ගත්තා සෙකරියා දූතයාගෙන් ප්‍රශ්නයක් ඇසුවා ඊටපසු ඔහු උත්තර දුන් බවට වාර්ථා කරයි (සෙකරියා 1:19). එළිදරව් පොතේ දේවදූතයන්ව නිතරම ආමන්ත්‍රණය කර ඇත “ඔහු හා ඔහුගේ” (එළිදරව් 7:1; 10:1, 5; 14:19; 16:2, 4, 17; 19:17; 20:1).

දේවදූතයන්ට ලිංගභේදයක් නැති බවට සමහරු පවසන්නේ මතෙව් 22:30 වැරදියට වටහා ගැනීම හේතුවෙනි, එහි පවසන්නේ ස්වර්ගයේ කිසිඳු විවාහයක් සිදු නොවන බව මන්ද “අප ස්වර්ගයේ සිටින දේවදූතයන් මෙන් වන” බව ස්වර්ගයේ විවාහයක් නොමැත යන ප්‍රකාශ සමහරු සිතන්නේ දේවදූතයන්ට ලිංගභේදයක් නොවන බවයි. මක්නිසාද ලිංගභේදය අවශ්‍යවන්නේ උපද්දවීමටයි. විවාහයක් හා උපද්දවීමක් නොමැති නම් ලිංගභේදයක්ද අවශ්‍ය නොවනු ඇත. නමුත් මෙයට ලියවිල්ලෙහි කිසිම සාදකයක් නැත, විවාහයක් නැත යන්නෙන් ලිංගභේදයක් නැතැයි අදහස් නොකරනු ඇත. දේවදූදතයන්ව පුරුෂභාවයෙන් ආමන්ත්‍රණය කරන බොහෝ බයිබල් පද ලිංගභේදයක් නැතැයි පැවසීමට විරුද්ධ වේ. මේ ලිංගභේද ලිංගිකත්වය හා පටලවා නොගත යුතුය. පැහැදිලිවම ස්වර්ගයේදී ලිංගිකත්වයක් ඇත්තේම නැත. එය විවාහයක් නැත යන්නට පහසුවෙන් සම්බන්ධ වේ. නමුත් කිසිමවිටක “විවාහයක් නැත” යන්නෙන් “ලිංගභේදයක් නැතැයි” පැවසිය නොහැක

ලිංගභේදය එසේනම් ලිංගිකත්වය සම්බන්ධව තේරුම් ගත යුක්තක් නොවන බව පැහැදිලිය. දේවදූතයන්ව පුරුෂාරෝපණයෙන් ආමන්ත්‍රණය කිරීමට හේතුව ආධිපත්‍ය පෙන්වීමට මිස ලිංගිකත්වය විදහාපෑමට නොව. දෙවියන් වහන්සේ තමාවද පුරුෂාරෝපණයෙන් හඳුන්වනු ලබයි. මේ ලිංගභේදය බොහෝ වැරදි තේරුම් ගැනීම් වලට යොමු කරයි. එනම් “මව / පියා දෙවියන් වහන්සේ” හා ශුද්ධාත්මයාණන්ව “ඒක / එය” ලෙස හඳුන්වන අතර එය උන් වහන්සේ ගැන ලියවිල්ලේ ඇති දෙය ගණන් නොගැනීමකි (යොහන් 14:17; 15:16; 16:8; 13-14). කිසිමවිටක බයිබලයේ ශුද්ධාත්මයාණන්ව “එය” කියා හෝ අප්‍රාණික දෙය ලෙසද නොපවසයි, ආධිපත්‍ය පිළිබඳව දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැලැස්ම සභාවේ හා නිවසේ පුරුෂයන්ව ආධිපත්‍යයෙන් ප්‍රේමයෙන් හා ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට යොමු කරයි. හරියටම දෙවියන් වහන්සේ කරනාසේ, ඉතින් ස්වර්ගීක සත්වයන් පුරුෂාරෝපණයෙන් මිස වෙන අයුරින් ආමන්ත්‍රණය නුසුදුසුය, මන්ද දෙවියන් වහන්සේ ඔවුන්ට උන් වහන්සේගේ බලය ක්‍රියාත්මක කිරීමට අණදී තිබේ (2 රාජාවලිය 19:35), උන් වහන්සේගේ පණිවිඩ ගෙනයාමට (ලූක් 2:10), හා පොළොවේ උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටීමට.



නැවතත් සිංහල මුල් පිටුවට



දේවදූතයන් ස්ත්‍රීද? පුරුෂද?