settings icon
share icon
ප්‍රශ්නය

ස්වාමින්ගේ දූතයා නම් කව්ද?

පිළිතුර


“ස්වාමින්ගේ දූතයාගේ”නියමිත හඳුන්වාදීමක් බයිබලයේ දී නැත. ඒ කෙසේ වෙතත්, බොහෝ වැදගත් නිදසුන් කිහිපයක් ඇත ඔහුගේ හැඳින්වීම සඳහා. අළුත් හා පරණ ගිවිසුමමේ පද ඇත “ස්වාමින්ගේ දූතයන්” හැඳින්වීමට “ස්වාමින්ගේ දූතයන්” හා “ස්වාමින්ගේ දූතයා” ඉංග්‍රීසි භෂාවේ “ද” යන වචනය භාවිතා කරන කල එහි අර්ථය දේවදූතයන් රාශියකින් විශේෂිතවූ කෙනෙකු ආමන්ත්‍රණය කිරීමට භාවිතා කිරීමකි. ස්වාමින්ගේ දූතයා දෙවිදුන් ලෙස කථා කරයි, තමාව දෙවියන් වහන්සේ සමග හඳුන්වා දෙයි. එසේම දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරකම් වල වගකීම ක්‍රියාත්මක කරයි (උත්පත්ති 16:7-12, 21:17-18, 22:11-18; නික්මයාම 3:2; විනිශ්චකාරයා 2:1-4; 5:23, 6:11-24, 13:3-22; 2 සාමුවෙල් 24:16; සෙකරියා 1:12, 3:1; 12:8). මේ පිළිබ්ඹුවීම් වලින් බොහෝමයක් දුටු අය තම ජීවිත පිළිබඳව බියට පත්විය මන්ද ඔවුන් “ස්වාමින් වහන්සේ” ව දුටු නිසා එය ඉතා පැහැදිලියි සමහර අවස්ථාවල, ස්වාමින්ගේ දූතයා නම් දෙවියන් වහන්සේ දැකීමක් වේ. දෙවියන් වහන්සේව ශරීරයක් ඇතුව දෑකීම.

ස්වාමින්ගේ දූතයා පිළිබ්ඹුවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස් වේශය ගැනීමත් සමග අවසන් වේ. අළුත් ගිවිසුමේ බොහෝ අවස්ථාවල දේවදූතයන් පිළිබඳව කථා කරයි. නමුත් “ස්වාමින්ගේ දූතයා” පිළිබඳව අළුත් ගිවිසුමේ කිසිම විටක කථා නොකරයි. එයින් පැහැදිලි වන දෙය නම් ස්වාමින්ගේ දූතයා නම් ක්‍රිස්තුස් වහන්සේ මිනිස් වෙසින් ඒමට පෙර සිටීම වේ. යේසුස් වහන්සේ තම දීර්ඝ පැවැත්ම පිළිබඳව කථා කරයි. “ආබ්‍රහම්ටත් පෙර” (යොහන් 8:58), එයින් පැහැදිලියි උන් වහන්සේ ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් සිටි බවට. තත්වය කුමක් වූවත්, ස්වාමින්ගේ දූතයා නම් ක්‍රිස්තුස් වහන්සේ ශරීරයක් ගැනීමට පෙර ස්වභාවය (ක්‍රිස්තු දර්ශනය) හෝ පියවූ දෙවියන් වහන්සේ පිළිබ්ඹුවීමක් හෝ (දේවාවිශ්කරණය) කෙසේ හෝ එය ඉතාමත් පැහැදිලියි “ස්වාමින් වහන්සේගේ දූතයා” නම් දෙවියන් වහන්සේගේ ශාරීරික හැඳින්වීම සඳහා ආමන්ත්‍රණය කිරීමක් බවට.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වාමින්ගේ දූතයා නම් කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries