settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයෙන් මා පූර්ණ වන්නේ කෙසේද?

පිළිතුර


ශුද්ධාත්මයෙන් පූර්ණවීම පිළිබඳව සාකච්ඡා කරන ප්‍රධාන පදය යොහන් 14:16, මෙහි යේසුස් වහන්සේ පොරොන්දු වෙනවා ආත්මය ඇදහිලිවන්තයා තුළ ජීවත් වෙන අතර එම ජීවත්වීම සදාකාලික හා ස්ථීර බවට. ශුද්ධාත්මයෙන් පිරීම හා වාසය කිරීම අතර වෙනස තෝරා ගැනීම ඉතා වැදගත්. ස්ථීර වාසය කිරීම ශුද්ධාත්මයාණන්ගේ තෝරාගත් ඇදහිලිවන්තයන් කොටසකට පමණක් නොව සියලුම ඇදහිලිවන්තයන්ටයි. මෙම අදහසට එකඟ වෙන බොහෝ බයිබල් පද ඇත. පළමුව, ශුද්ධාත්මයාණන්ව සියලු ඇදහිලිවන්තයන්ට කිසිම බැහැර වීමක් නොමැතිව යේසුස් වහන්සේ කරණකොට ලැබූ හා තැනන් වහන්සේය. මෙය ක්‍රියාත්මක වීමට කිසිම කොන්දේසි නැත. උන් වහන්සේ (ක්‍රිස්තුස් වහන්සේ) කෙරෙහි අදහා ගැනීමට අමතරව (යොහන් 7: 37-39). දෙවනුව, ශුද්ධාත්මය දෙනු ලබන්නේ ගැලවීම ලබන මොහොතේදීමය (එපීස 1:13). ගලාති 3:2 මේ දෙය ස්ථීර කරයි. මන්ද නම් ශුද්ධාත්ම මුද්‍රාව හා වාසය කිරීම සිදුවන්නේ ඇදහිල්ලේ ප්‍රධානම / මුල්ම අවස්ථාවේදීය. තුන්වෙනුව, ශුද්ධාත්මය ඇදහිලිවන්තයා තුළ ස්ථීරවම වාසය කරයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ මහිමාන්විත තත්වයකට පත්වීමට අනාගතයේ අත්තිකාරමක් ලෙසට ශුද්ධාත්මයාණන්ව ඇදහිලිවන්තයාට දෙනු ලැබේ (2 කොරින්ති 1:22; එපීස 4:30).

මෙය එපීස 5:18 හි සඳහන් ශුද්ධාත්මයෙන් පිරීම පිළිබඳව කථා කරන දෙයට වඩා වෙනස්ය. ශුද්ධාත්මයාණන් අප තුළ පූර්ණත්වයට පැමිණීමට නම් උන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන්ම බලා සිටිමු. එම තත්වය නිසා අපව පුරවන්න. රෝම 8:9 හා එපීස 1:13-14 එහි සඳහන් කරන්නේ සෑම ඇදහිලිවන්තයෙකු තුළම උන් වහන්සේ වාසය කරන බවත් උන් වහන්සේව ඉක්මණින් රිදවීමට ලක්වේ. එපීස 4:30, අප තුළ උන් වහන්සේගේ ක්‍රියාවලිය නිමෙන්නට පුළුවන (1 තෙසලෝනික 5:19). අප මේ දෙයට ඉඩ දෙන විට අපට උන් වහන්සේගේ පූර්ණත්වය අපට නොදැනේ. එමෙන්ම උන් වහන්සේගේ බලය අප තුළ ක්‍රියා කිරීමද අපට නොදැනේ. ශුද්ධාත්මයෙන් පිරීම අපගේ ජීවිතයේ උන් වහන්සේට ක්‍රියාත්මක වීමට නිදහස දෙයි. අපට මග පෙන්වා හික්මවීමට / පාලනය කිරීමට. උන් වහන්සේට ඵලදායි වීමට උන් වහන්සේගේ බලය යොදයි. ශුද්ධාත්මයෙන් පිරීම පිටස්තර ක්‍රියාවලියට පමණක් අඩංගු නොවේ. අපගේ ඇතුලාන්ත හැඟීම් හා අදහස් ක්‍රියාත්මක වීමට අදාල වේ. ගීතාවලිය 19:14 පවසයි, “මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.”

අපව ශුද්ධාත්මයෙන් පූර්ණවීමෙන් වෙන් කරන්නේ පාපයයි, කීකරුකම කරණකොටගෙන තමයි පිරුණාවූ ආත්මය පවත්වාගෙන යන්නේ. අපගේ ඉලක්කය ආත්මයෙන් පිරීම වූවත්, එපීස 5:18 හී ආඥා කරණ පරිදි ආත්මයෙන් පිරීමට යාච්ඤා කිරීම නම් ආත්මයෙන් පිරීම සම්පූර්ණ වීම නොවේ. දෙවියන් වහන්සේගේ ආඥා වලට කීකරුවීම ආත්මය නිදහස් කම දෙනවා අප තුළ ක්‍රියාත්මක වීමට. ආත්මයෙන් පූර්ණවීමට හා මග පෙන්වීමට අවනතවීමට නම් අපගේ පාපය සමග අප කටයුතු කල යුතුය. මන්ද අපගේ පාපිෂ්ඨ ස්වභාවය නිසා ආත්මයෙන් පූර්ණවීමට අපහසුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයෙන් මා පූර්ණ වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries