settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්ම බව්තිස්මය යනු කුමක්ද?

පිළිතුර


ශුද්ධාත්ම බව්තිස්මය විස්තර වන්නේ ගැලවීමේ අවස්ථාවේදී ඇදහිලිවන්තයන් මතට පතිත කරන ඒකීයත්වය කිස්තුස් වහන්සේ සමග හා අනෙක් ඇදහිලිවන්තයන් සමග ඒකීයත්වයට, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ. රෝම 6:1-4 හා 1 කොරින්ති 12:12-13 බයිබලයේ මධ්‍යස්ථ බයිබල් පද දෙක මේ මූල ධර්මය පිළිබඳව කථා කරයි. “මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන් වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්ම කරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව” (1 කොරින්ති 12:13). රෝම 6:1-4 ප්‍රකාශ කරනවා එසේවී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත් වමුද? නොහොත් ක්‍රිස්තුස් ‍ෙය්සුස් වහන්සේ තුළට බව්තීස්ම ලැබුවාවූ අප සියල්ලන් උන් වහන්සේගේ මරණයට බව්තීස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද? එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තීස්මය කරණකොටගෙන උන් වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමුව.” රෝම 6 ආත්මයාණන් වහන්සේ පිළිබඳව කෙලින්ම කථා නොකලත් එහි ඇදහිලිවන්තයාගේ තත්වයට දෙවියන් වහන්සේ ඉදිරිපිට කෙසේද? යන්න විග්‍රහ කරයි. එමෙන්ම එය කෙසේ සිදුවන්නේද යන්න 1 කොරින්ති 12 සඳහන් කරයි.

ශුද්ධාත්ම බව්තිස්මය තේරුම් ගැනීමට උපකාර වන විශේෂ කරණු තුනක් ඇත. පළමුවැන්න, 1 කොරින්ති 12:13 පැහැදිලිව ප්‍රකාශ කරන්නේ සියලු දෙනාටම බව්තිස්මය ලැබී ඇති බවත් එය හරියට සියලු දෙනාම පානය කර ඇති මෙන්ය (ආත්මයාණන්ගේ දිගු කාලීන පැවැත්ම). දෙවැන්න, දැන් ලියවිල්ලෙන් ඇදහිලිවන්තයන්ව දිරිගන්වනවා බව්තිස්මය ලැබීමට සමග / තුළ ආත්මයාණන්ගෙන්. මින් ප්‍රකාශ කරන්නේ සියලු ඇදහිලිවන්තයන්ට මෙම අත්දැකීම ලැබී ඇති බවයි. තෙවනුව, එපීස 4:5 ආත්ම බව්තිස්මය පිළිබඳව කථා කරයි. මෙම කාරණාව නම් සෑම ඇදහිලිවන්තයෙකුගේ යථාර්ථය ශුද්ධාත්ම බව්තිස්මයයි. එය හරිය. “එක ඇදහිල්ලයි” හා “එක පියාණන්.”

අවසාන වශයෙන් සාරංශය ශුද්ධාත්ම බව්තිස්මය කාරණා දෙකක් සිදු කරයි, (1) උන් වහන්සේ අපව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට බද්ධ කරයි, (2) ඉන් අපට පැහැදිලි කර දෙනවා සත්‍ය වශයෙන්ම අපගේ කුරුසපත්වීම ක්‍රිස්තුස් වහන්සේ සමග ඇති උන් වහන්සේගේ ශරීරය තුළ සිටීම යන්නෙන් අදහස් කරන්නේ අපද උන් වහන්සේ සමග උත්ථානවී ජීවිතයේ අලුත් ස්වභාවයට පත්වීමයි (රෝම 6:4). දැන් අප මෙම තත්වය ක්‍රියාවට දැමිය යුතුය. ඉන් අපගේ ශරීරය ක්‍රියාත්මක වේ. හරියාකාරව 1 කොරින්ති 12:13 හී සඳහන් පරිදි. එකම ආත්මයාණන්ගේ බව්තිස්මය සභාවේ ඒකීයත්වය පවත්වාගෙන යාමට බලපායි එපීස 4:5 හී සඳහන් පරිදි. ක්‍රිස්තුස් වහන්සේ සමග උන් වහන්සේගේ මරණයේදී සම්බන්ධවීම, තැන්පත් කිරීම, හා උත්ථානය ශුද්ධාත්ම බව්තිස්මය උපකාර කරයි. අපට පාපයේ ගිලීමෙන් වෙන්වී නැවුම් ජීවිතය තුළ ගමන් ගැනීමට (රෝම 6:1-10; කොලොස්සි 2:12).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්ම බව්තිස්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries