කිතුනුවන් සබත පැවැත්විය යුතුයැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවාද?




ප්‍රශ්නය: කිතුනුවන් සබත පැවැත්විය යුතුයැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවාද?

පිළිතුර:
කොලොස්සි 2:16-17 පාවුල්තුමා පවසනවා, “එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චය කරන්ට කිසිවෙකුට ඉඩ නාරිල්ලා. ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය, නමුත් සිරුර ක්‍රිස්තුස් වහන්සේගේය.” ඒ හා සමානව රෝම 14:5 “එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා.” මේ පරිච්ඡේද පැහැදිලි කරනවා කිතුනුවන් හට සබත පැවැත්ම ආත්මික නිදහසට අයත් බව, එය දෙවියන් වහන්සේගෙන් ආ ආඥාවක් නොවන බවට, සබත පැවැත්ම දේවවචනයේ අපට ඉදිරිපත් කළේ අප එකිනෙකාව විනිශ්චය නොකරනා පිණිසයි. සබත පැවැත්මට කිතුනුවා ඔහුගේ / ඇයගේ මනස නිරවුල්ව ස්වකැමැත්තෙන් යුතුව පැවැත්විය යුතුය.

ක්‍රියා පොතේ මුල් පරිච්ඡේදවල මුල් කිතුනුවන් වූයේ ඉතා බලවත් යුදෙව්වන්, අන්‍යජාතීන් හට ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන නිදහස් ගැලවීම ලැබුණු විට යුදෙව් කිතුනුවන් තුළ ප්‍රශ්නයක් මතු විය. අන්‍යජාතීන් විසින් පිළිපැදිය යුත්තේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හා යුදෙව් සංස්කෘතියේ ක්‍රියාකාර කම්ද? ප්‍රොපේතවරුන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයුව ඒ පිළිබඳව කථාබහ කළා යෙරුසලමේ මන්ත්‍රණ සභාවේ (ක්‍රියා 15). සාකච්චාව වූයේ “එබැවින් අනෘජාතීන් අතරෙන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නන් චංචල නොකර, රූප සම්බන්ධ දුෂ්‍යකම් වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ” (ක්‍රියා 15:19-20). අන්‍යජාතීන් හට පැවැත්වීමට බල කල යුතු දෙයක් සබත ක්‍රියා දුන් ආඥාවක් නොව එය සමහර අවස්ථාවල කිතුනුවන් හට දේව කැමැත්ත කිරීමට සබත පැවැත්විය යුතුම නම් සමහර ප්‍රොපේතවරුන් එය අතපසු කලේ ඇයි සමහර අවස්ථාවල.

සබත පැවැත්වීම විවාදයේ ඇති පොදු වැරැද්ද නම් එම දවස නමස්කාර කිරීමේ දවස සැටියට හැඳින්වීමයි. සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස් (සත්වන දින ආගමන සභාව) අය විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ සභා නමස්කාර මෙහෙය සෙනසුරාදා පැවැත්විය යුතු බවට බලාපොරොත්තු වන බවයි. සබත් දවස, එය නොවේ සබත යන ආඥාව වූයේ, සබත් ආඥාව නම් සබත් දවසේදී කිසිඳු වැඩක් නොකිරීමයි (නික්මයාම 20:8-11). දැන් ලියවිල්ලේ මෙතනදී සබත නමස්කාරයේ දවස හැටියට ආඥාකර තිබේද? ඔව්, පරණ ගිවිසුමේ, අළුත් ගිවිසුමේ හා නූතන යුගයේ යුදෙව්වන් සෙනසුරාදා නමස්කාරයේ දවස හැටියට භාවිතා කරයි. නමුත් එය සබතේ ආඥාව ලෙස අපට ගත නොහැකිය. ක්‍රියා පොතෙහි, සබත් දවසේදී මෙහෙයක් පැවැත්වීම කිසියම් විටක පැවසුවොත් එය යුදෙව් හමුවකි, කිතුනුවන් නොව.

මුල් කිතුනුවෝ මුණගැසුනේ කවදාද? ක්‍රියා 2:46-47 අපට පිළිතුරු ලබා දෙයි “තවද ඔව්හූ දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්, සෙනඟට ප්‍රිය උපදින ලෙස ක්‍රියා කරමින් පසුවුණෝය. ස්වාමින් වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක් කළ සේක.” කිතුනුවන් සෑම විටම මුණගැසෙන දවසක් තිබුනා නම්, එය සතියේ පළමු දවසි (අපේ ඉරිදා), සබත් දවස (අපේ සෙනසුරාදා) නොවේ (ක්‍රියා 20:7; 1 කොරින්ති 16:2). ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයට ගෞරව වශයෙන් ඉරිදා දවස, මුල් කිතුනුවන් නමස්කාර කළා “කිතුනු සබත” හැටියට නොව නමුත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව නැමදීමට විශේෂවූ දවසක් හැටියට.

සෙනසුරාදා නමස්කාර කිරීමේ වරදක් තිබේද යුදෙව් සබත? නියත වශයෙන්ම නැත! අපි දෙවියන් වහන්සේව සැමදාම නමස්කාර කළ යුතුය සෙනසුරාදා හෝ ඉරිදා පමණක් නොව! බොහෝ සභාවල අද ඉරිදා සෙනසුරාදා දෙකේදීම දේව මෙහෙයන් තිබේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ නිදහස ඇත (රෝම 8:21; 2 කොරින්ති 3:17; ගලාති 5:1). කිතුනුවකු සබත පැවැත්විය යුතුද, එනම් සෙනසුරාදා වැඩ නොකර සිටීම? කිතුනුවාට එසේ කිරීමට මග පෙන්වීමක් ලැබුනොත්, නියත වශයෙන්ම ඔව් (රෝම 14:5). කෙසේ වෙතත් සබත පවත්වන අය නොපවත්වන අයට විනිශ්චය නොකළ යුතුය (කොලොස්සි 2:16). එසේම, සබත නොපවත්වන අය බාදාවක් නොවිය යුතුය (1 කොරින්ති 8:9) සබත පවත්වන අයට. ගලාති 5:13-15 මුළු කාරණාම සාරංශගත කරයි, “මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කඳවනු ලැබුවහුය, එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්නෝ වෙයල්ලා. මක්නිසාද, නුඹට මෙන් නු‍ඹේ අසල්වැසියාට ප්‍රේම කරපන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණ වේ. නමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලා ගනිල්ලා.”



නැවතත් සිංහල මුල් පිටුවට



කිතුනුවන් සබත පැවැත්විය යුතුයැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවාද?