සබත් දවස කවදාද? සෙනසුරාදාද? ඉරිදාද? කිතුනුවන් විසින් සබත් දවස පැවැත්විය යුතුද?




ප්‍රශ්නය: සබත් දවස කවදාද? සෙනසුරාදාද? ඉරිදාද? කිතුනුවන් විසින් සබත් දවස පැවැත්විය යුතුද?

පිළිතුර:
බොහෝ විට ප්‍රකාශ වුන දේ නම් “දෙවියන් වහන්සේ සබත හඳුන්වා දුන්නේ ඒදන් උයනේදී” මක්නිසාද සබත හා මැවිල්ල අතර ඇති සම්බන්ධය නික්මයාම 20:11. දෙවියන් වහන්සේ හත්වෙනි දවසේදී නිවාඩු ගත්තත් (උත්පත්ති 2:3) හී අනාගත සබත් නීතියක් ගැන ඇඟවීමක්, බයිබලානුකුල වාර්ථා සබත ගැන ඊශ්‍රායෙල් සෙනඟ මිසර දේශයෙන් ඉවත්වීමට පෙර වාර්ථාවී නැත. දැන් ලියවිල්ලේ කිසියම් හෝඩුවාවක් ඇද්ද සබත තැබීම ගැන ආදම් සිට මෝසෙස් දක්වා.

දෙවියන් වහන්සේගේ වචනය පැහැදිලිව ප්‍රකාශ කරන දෙය නම් සබත පැවැත්වීම දෙවියන් වහන්සේ හා ඊශ්‍රායෙල් විශේෂ සලකුණක්. “එබැවින් ඊශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ පරම්පරාවල නිරන්තර ගිවිසුමක් කොට සබත් පවත්වමින් සබත් දවස රක්‍ෂා කළ යුතුය. එය සදාකාලයටම මා සහ ඊශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ලකුණක්ය. මක්නිසාද ස්වාමින් වහන්සේ අහසත් පොළොවත් සදවසකින් සාදා සත්වෙනි දින නැවතී නිවාඩු ගත් සේකැයි කියාපන්නැයි කී සේක” (නික්මයාම 31:16-17).

ද්විතිය කථාව 5, නැවත දස පනත ඊළඟ පරම්පරාවට ඊශ්‍රායෙලයේ ඉදිරිපත් කරනවා. මෙන්න, සබත පැවැත්වීමට ආඥා කිරීමෙන් පසු 12-14 පදවල මෝසෙස් හේතුව දෙනවා, හේතුව ඊශ්‍රායෙල් සෙනගට (ජාතියට) සබත දීමේ හේතුව ගැන. “නුඹත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේ බලවත් හස්තයකින්ද දිගු කළ බාහුවකින්ද නුඹ එතැනින් පිටතට ගෙනා බවත් සිහි කර පන්න. එබැවින් නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේ සබත් දවස පවත්වන්ට නුඹට අණ කළ සේක” (ද්විතිය කථාව 5:15).

දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගට සබත දීමට හේතුව ඔවුන් මැවිල්ල මතක තබා ගැනීම අවශ්‍ය නිසා නොවේ, නමුත් ඔවුනට ඔවුන්ගේ මිසර වහල්කම හා දෙවියන් වහන්සේ විසින් ඔවුන්ව ගලවා ගැනීම මතක තබා ගැනීමට. සබත තැබීමේ ඉල්ලීම ගැන සිහයට ගන්න: ඒ සබත් ආඥාවට යටත්ව සිටින කෙනෙකුට ඔහුගේ නිවස අත හැර යාමට බැහැ සබත් දවසේදී (නික්මයාම 16:29), ඔහුට ගිනි මෙලවිය නොහැක (නික්මයාම 35:3), එමෙන්ම ඔහුට තව කෙනෙකුට වැඩ පැවරිය නොහැක (ද්විතිය කථාව 5:14). සබත් ව්‍යවස්ථාව කඩන මනුෂ්‍යකු මරණයට සුදුසුය (නික්මයාම 31:15; ගණන් කථාව 15:32-35).

අළුත් ගිවිසුමේ කොටස් පරික්‍ෂා කිරීමෙන් අපට අපට වැදගත් කරුණු හතරක් ඉදිරිපත් කරයි: 1) ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන ස්වරූපය හඟවන අවස්ථාවක් එය නිතරම සතියේ පළමු දවසයි (මතෙව් 28:1, 9, 10; මාර්ක් 16:9; ලූක් 24:1; 13, 15; යොහාන් 20:19; 26). 2) සබත ගැන සඳහන් වන එකම අවස්ථාව ක්‍රියා සිට එළිදරව් දක්වා ඇත්තේ ඉවැන්ජලිස්ත හේතුවට යුදෙව්වන්ට හා එය සකස් කරන්නේ සිනගෝගයේ (ක්‍රියා 13-14 පරිච්ඡේද). පාවුල් ලියුවා, “යුදෙව්වරුන් දිනා ගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු විය (1 කොරින්ති 9:20). පාවුලු සිනගෝගයට ගියේ නැත ශුද්ධවන්තයන් සමග සමාගම් පවත්වන්නටත්, ගුණ වර්ණනා කරන්ටත්, නමුත් නැති වුනාවූ අයට ගැලවීම පිළිබඳ ප්‍රකාශ කිරීමට. 3) පාවුලු ප්‍රකාශ කළා “මෙතැන් පටන් මම අන්‍ය ජාතීන් වෙතට යමි” (ක්‍රියා 18:6). 4) යෝජනා කිරීම වෙනුවට සබත් දවස ගැන විශ්වාසය ඇතිවීම, අළුත් ගිවිසුමේ ඉතිරිය වෙනත් දෙයක් හඟවයි (ඉහත සඳහන් කරුණු 3 බැහැරලීමේ එකක් සමග කොලොස්සි 2:16).

4 වන කරුණ දෙස උවමනාවෙන් බැලුවොත් එහි සඳහන් කරන්නේ අළුත් ගිවිසුමේ ඇදහිලිවන්තයන්ට කිසිම බල කිරීමක් නෑ සබත පැවැත්වීමට, එමෙන්ම එයින් ඉරිදා අදහස ගැන ඉදිරිපත් කරයි. “ක්‍රිස්තියානි සබත” එයත් ලියවිල්ලේ නැත. ඉහත කථා කළා මෙන් සබත ගැන කථා කරන අවස්ථාවක් ඇත. පාවුලු අන්‍ය ජාතීන්ට අවධානය දුන් පසු. “එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චය කරන්ට කිසිවෙකුට ඉඩ නාරිල්ලා. ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය, නමුත් සිරුර ක්‍රිස්තුස් වහන්සේගේය (කොලොස්සි 2:16-17). යුදෙව් සබත ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී අහෝසි කළා. “අපට විරුද්ධව, අපට එදිරිව තිබුණවූ නියෝග වල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණ ගසා අහක් කළ සේක (කොලොස්සි 2:14).

මේ අදහස පිළිබඳව අළුත් ගිවිසුමේ බොහෝ වර සඳහන් කර ඇත. “එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුම් යැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා. දවස සලකන්නා ස්වාමින් වහන්සේ උදෙසා ඒක සලකන්නේය” (රෝම 14:5-6 ඒ). “නුමුත් දැන් නුඹලා දෙවියන් වහන්සේ ඇඳින ගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන් වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම් වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසෙට නැවත හැරෙන්නේ කොහොමද? නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය” (ගලාති 4:9-10).

නමුත් සමහරු ප්‍රකාශ කරනවා කොන්ස්ටන්ටයින්ගේ නියෝගය ක්‍රි.ව. 321 “වෙනස්විය” සබත සෙනසුරාදා වෙනුවට ඉරිදා. මුල් සභාව නමස්කාරය උදෙසා රැස්වුනේ මොන දවසේද? ලියවිල්ලේ කිසිම අවස්ථාවක සබත් (සෙනසුරාදා) රැස්වීමක් සහභාගිත්වය හා නමස්කාරය පිණිස රැස්වුනා යැයි නොපවසයි. කෙසේ වෙතත් සතියේ පළමු දවස ගැන පැහැදිලිව සඳහන් කර ඇත. උදාහරණයකට: ක්‍රියා 20:7 සඳහන් කරන දෙය නම් “සතියේ පළමු වෙනිදා අපි රොටි කඩන්ට රැස්වූ කළ” 1 කොරින්ති 16:2 පාවුලු කොරින්තියේ ඇදහිලිවන්තයන්ව පොළඹවනවා “සතියේ පළමු වැනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණ සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබා ගනීවා.” පාවුල් මේ ප්‍රජාව “සේවයක්” ලෙස ආමන්ත්‍රණය කරන අතර 2 කොරින්ති 9:12 මේ සම්මාදම ඉරිදා නමස්කාර මෙහෙය සමග සම්බන්ධව ඇති අතර එය කිතුනු රැස්වීමක්. ඓතිහාසික ඉරිදා,සෙනසුරාදා නොව, සාමාන්‍යයෙන් හමුවන දවසක් විය කිතුනුවන්ට සභාව වේ. එය පළමු ශත වර්ෂයේ සිට පුරුද්දක් විය.

සබත දුන්නේ ඊශ්‍රායෙල් වරුන්ට, සභාවට නොව. සබත තවමත් සෙනසුරාදා, ඉරිදා නොව, එමෙන්ම එය වෙනස් වූයේද නැත. නමුත් සබත පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවෙන් එකක්, ඒ වගේම කිතුනුවන් ඒ ව්‍යවස්ථාවේ බැඳීමෙන් මිදිලා (ගලාති 4:1-26; රෝම 6:14). සබත පැවැත්වීමට කිතුනුවන්ගෙන් ඉල්ලුවේ නැත-එය සෙනසුරාදා හෝ ඉරිදා වූවත්. සතියේ පළමුදා, ඉරිදා, ස්වාමින් වහන්සේගේ දවස (එළිදරව් 1:10) නව මැවිල්ල සමරයි, අපගේ උත්ථානවූ හිස ලෙස ක්‍රිස්තුස් වහන්සේ. අපි බැඳිලා නැත මොසෙයික සබත නිවාඩු ගැනීමට. නමුත් දැන් උත්ථානවූ සමිඳුන්ට සේවය කිරීමට නිදහස්. පාවුලුතුමා සෑම කිතුනුවෙකුටම තනි තනිව පවසනවා කිතුනුවා තීරණය කළ යුතුය සබත් විවේකය පවත්වනවාද කියලා. “එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුම් යැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා” (රෝම 14:5). අපි ඉන්නේ දෙවියන් වහන්සේට සැමදාම නමස්කාර කරන්ටයි, සෙනසුරාදා හෝ ඉරිදා පමණක් නොව.



නැවතත් සිංහල මුල් පිටුවට



සබත් දවස කවදාද? සෙනසුරාදාද? ඉරිදාද? කිතුනුවන් විසින් සබත් දවස පැවැත්විය යුතුද?