settings icon
share icon
ප්‍රශ්නය

අපි පරණ ගිවිසුම ඉගෙන ගත යුත්තේ ඇයි?

පිළිතුර


බයිබලය යනු ඉදිරියට යන (ප්‍රගතිශීලි) එළිදරව්වක් (ප්‍රකාශනයක්). ඔබ ඕනෑම අනර්ඝ පොතක පළමු භාගය අතහැර අවසන් භාගය කියවා අවසන් කිරීමට තැත් කරන්නේද, එවිට ඔබ හට අදාළ කථාවේ චරිතයන්, පසුබිම හා අවසානය පිළිබඳව නිශ්චිතව වටහා ගැනීමට අපහසු වේ. ඒ ආකාරයටම අළුත් ගිවිසුමද සම්පූර්ණයෙන්ම වටහා ගැනීමට හැකි වන්නේ, එය පරණ ගිවිසුම තුළ තිබෙන්නාවූ සිදුවීම, චරිත, නීති, පූජාවන්, ගිවිසුම් සභා පොරොන්දු පදනම් කොට ගෙන එය අත්තිවාරම වශයෙන් යොදාගෙන ඇති බව වටහා ගත් විටය. යම් අයුරකින් අපට අළුත් ගිවිසුම පමණක් තිබුණේ නම් සුභාරංචි පොත් තුළ යුදෙව්වන් මෙසියස් වහන්සේගේ පැමිණීම අපේක්‍ෂා කරන්නේ මන්ද යන වග අපට නොතේරෙනු ඇත. පරණ ගිවිසුම නොමැතිව මෙසියස් වහන්සේ පැමිණීමට හේතුවද අපට දැන ගත නොහැකිය (යෙසායා 53 බලන්න), ඒ වගේම නාසරෙත්හි යේසුස් මෙසියස් වහන්සේ බවට එතුමා ගැන ඉදිරිපත්වී ඇති අනාගත වාක්‍ය තුලින් නිගමනය කිරීමටද නොහැකි වේ (උදා: එතුමාගේ උපන් ස්ථානය (මීකා 5:2), මරණයේ හේතුව (ආකාරය) (ගීතාවලිය 22; විශේෂයෙන් 1,7-8; 14-18 ආදි පදයන් ගීතාවලිය 69:21), එතුමන්ගේ උත්ථානය (ගීතාවලිය 6:10), හා එතුමන්ගේ සේවයට අදාල බොහෝ කාරණා (යෙසායා 52:13, 9:2 ආදිය).

පරණ ගිවිසුම නොමැතිව, අළුත් ගිවිසුම තුළ සඳහන් වන්නාවූ යුදෙව් සංස්කෘතිය පිළිබදව වටහා ගැනීමට හැකියාවක් හිමි නොවේ. පරිසිවරුන් විසින් දෙවියන් වහන්සේ විසින් දුන්නාවූ ගිවිසුමට ඔවුන්ගේම කොටස් හා ඔවුන්ගේ සංස්කෘතිය එයට එකතු කළ බවට දැන ගැනීමට නොහැකි හා ඒ වගේම යේසුස් වහන්සේ විසින් ඉතා බිඳුනු සිතකින් යුක්තව දේව මාලිගාව පවිත්‍ර කරනු ලැබුවේ ඇයිද යන වගද වටහා ගැනීමට අපට අසීරු වේ. එපමණක් නොව යේසුස් වහන්සේ විසින් බොහෝ පිරිස් (මනුෂ්‍ය හා අමනුෂ්‍ය) හැසිරවීමේදී ගත්තාවූ එම ප්‍රඥාවට අපටද උපයෝගි කර ගත හැකි බවට අපට නොතේරෙයි.

පරණ ගිවිසුමකින් තොරව බයිබලය දේව වචනය පමණක් බවත් එය මනුෂ්‍යයාගේ වචනය නොවන බවත් වටහා ගෙන ඒ තුළින් කියවෙන්නාවූ අනාගත වාක්‍යයන් බොහෝමයක් මග හැරී යාමටද ඉඩ ප්‍රස්ථාව තිබුණි (ප්‍රධාන හා සුළු අනාගතවාක්‍යයන් පිළිබඳව විමසා බලන්න) (උදා: දානියෙල් 7 සහ පසුව එන පරිච්ඡේදයන්). මෙම අනාගත වාක්‍යයන් තුළ ඝෘජුවම ජාතියේ නැගීම හා වැටීම, ඔවුන් විනාශ වන්නේ කෙසේද, නැවත ඔවුන් නගා සිටුවනු ලබයිද, ඉන්පසුව බල පවත්නාවූ පාලනය, කුමන ආකාරයේ දැවැන්ත චරිත ඉන් පසුව හිස ඔසවයිද, (සයිරස්, මහා ඇලෙක්සැන්ඩර්, ආදිය), ඔවුන්ගේ මරණයට පසුව අදාල රාජ්‍යයන්ට සිදුවන සිදුවීම් ආදියයි. මෙම විස්තරාත්මක අනාගත වාක්‍යයන් සිදුවීමෙන් අනතුරුව ලේඛන ගත කිරීම සිදුවිය.

පරණ ගිවිසුම තුළ හා එහි ඇති ප්‍රමාදී චරිත තුළින් බොහෝ පාඩම් අපට කියා දෙයි. එම චරිත හා ජීවිත ඇගයීම තුළින් අපට මොන දෙයක් තුළ වූවත් දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට අදිටන් කර ගත හැක (දානියෙල් 3), එපමණක් නොව සුළු දේවල් හමුවේ, පසුබෑමට ලක් නොවී (දානියෙල් 1) සිට පසුව මුහුණ පෑමට සිදුවන්නාවූ විශාල අභියෝගයන්ට විශ්වාසවන්තව මුහුණ දීමට හැකියාව ලැබේ (දානියෙල් 6). ඒ වගේම යමෙකුට දොස් පැවරීමට ඉක්මන් නොවී, අප අතින් කලින් සිදු වුනාවූ පාපයන් අවංකව කියා දීමද ඉගෙන ගැනීමට හැකියාව හිමි වේ (1 සාමුවෙල් 15). පාපයන් තමාගේ ජීවිතයේ විහිලුවක් හෝ ක්‍රීඩාවක් නොකර ගනිමින් එහි පසු විපාකය යමෙක් මරණය කරා ගෙන යන බවට වටහා ගැනීමද (විනිශ්චයකාරයා 13-16 බලන්න). ඒ වගේම දෙවියන් වහන්සේ විසින් දෙන්නාවූ පොරොන්දුවේ දේශය මෙන්ම, එතුමන් හා පාරාදීසයේ ගත කරන්නට අපගේ ඇති අපේක්‍ෂාවන් පිළිබඳව අප විශ්වාස කිරීමට (කීකරු වීමට) ඉගෙන ගැනීමට හැකියාව හිමි වේ (ගණන් කථාව 13). තවද අපගේ පාපයන් පිළිබඳව ගැඹුරටම සිතීම, අපව පාපයක් තුළට පාවා දීමක් බව වටහා ගැනීම (උත්පත්ති 3; යොෂුවා 6-7). අපගේ පාපයන්ගේ විපාක අපට පමණක් නොව අපගේ ලඟින් සිටිනා අයටත් බලපාන්නාසේම, අපගේ ජීවිත තුළ සිදුවන යහපත් ක්‍රියාද අප අවට සිටින අයට එකසේම බලපාන බවත් වටහා ගත යුතු කරුණකි (උත්පත්ති 3; නික්මයාම 20:5-6).

අළුත් ගිවිසුම මගින් පොන්වා නොදෙන තරම් අති විශාල ඥාන (නුවණ) ප්‍රමාණයක් පැරණි ගිවිසුම තුළ අන්තර්ගත වේ. මෙවැනිවූ බොහෝ ප්‍රමාණයක් ගීතාවලිය හා හිතෝපදේශය පොත් තුළ අන්තර්ගත (අඩංගු) වේ. මෙම ප්‍රඥාවන්ත තතු මගින් අප අපගේ ගුරුවරුන්ට වඩා ප්‍රඥා සම්පන්න වන්නේ කෙසේද යන බවත්, අපව ඉදිරියට යෑමට වෙර දරණ පාපයන් හඳුනා ගැනීමටත් (ඇමක් යට සඟවා ඇති බිලි කොක්ක හඳුනා ගැනීමට හැකිවීම), හා ලෝකයේ ජීවිතය මගින් අප සපුරා ගන්නාවූ දේ (කිසිවක් නැත) ආදිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. මම අඥානයෙකු (මෝඩයෙකු) බවට හඳුනා ගන්නේ කෙසේද (සදාචාරාත්මක අඥානයෙක්)? මම මනුෂ්‍යයින්ව අනවධාන ලෙස ඉවත් කරන්නේ කෙසේඳ? සදාකාලික දියුණුව සඳහා මාර්ග විවෘත කර ගන්නේ කෙසේද? ජීවිතයට අරුතක් ලඟා කර ගන්නේ කෙසේද? යන ගැටළු සඳහා පිළිතුරු ලබා ගත හැකි වන්නේ යමක් ඉගෙන ගැනීමට පිපාසය ඇති අයකු හට පමණි.

පැරණි ගිවිසුමකින් තොරව දේශපාලනික අයුරින් දත්ත අයුතු ලෙස යොදා ගනිමින් විපරිවර්තනය, මුළු මහත් සත්වයාගේ මැවුම්කරු ලෙස හඳුන්වාදීම යන දෝෂයට විරුද්ධව නැගී සිටීමට හැකියාවක් නොලැබෙනු ඇත (මෙලොව ඇති සියලු දේ දෙවියන් වහන්සේ විසින් දින 6 ක් තුළ මවනු ලැබූ බවට විශ්වාස නොකිරීම). ඒ වගේම විවාහය හා පවුල යනු දෙවියන් වහන්සේ විසින් යහපත් දරුවන් බිහි කිරීමටත්, සමාජය මගින් අයුතු ලෙස යොදා ගැනීම හා වැරදි අයුරින් ක්‍රියා කිරීම නැති කර දැමීමේ අරමුණකින් සැලසුම්කර ඇති බව මිස විවාහය හා පවුල යනු පරිණාමනය වන සමාජයේ අංකුරයක් නොවන බවට වටහා ගැනීමයි.

පැරණි ගිවිසුමකින් තොරව දෙවියන් වහන්සේ වසින් යුදෙව් ජනයාට දුන්නාවූ පොරොන්දු ඉෂ්ඨ කරන්නාවූ ආකාරය පිළිබඳව වටහා ගැනීමට හැකියාවක් නොලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පීඩා කාලය වසර 7 ක් බවත්, දෙවියන් වහන්සේගේ පළමු පැමිණීම ප්‍රතික්ෂේප කළ නමුත් එතුමන්ගේ දෙවන පැමිණිම අපේක්‍ෂා කරන්නාවූ යුදෙව් ජාතියත් සමග ඝෘජුවම කටයුතු කරන ආකාරය පිළිබඳව වටහා ගැනීමට හැකියාව අහිමි වනු ඇත. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ අනාගතයේදී අධිපතිකම් කරන්නාවූ වසර 1000 එතුමන් යුදෙව් ජනතාව හට දුන් පොරොන්දුව හා සැසදෙන ආකාරයත්, එයට අන්‍ය ජාතිකයින් සූදානම් වන ආකාරයත් වටහා ගැනීමට අසීරු වනු ඇත. තවද බයිබලයේ අවසාන භාගය මගින් බයිබලය ආරම්භයේදී තිබුණාවූ යම් ගැටළු සහගත ස්ථානයන් නිරාකරනය කරන ආකාරයත්, දෙවියන් වහන්සේ විසින් ආරම්භයේදී ස්ථාපිත කරන ලද පාරාදීසය නැවත් මෙලොව තුල ස්ථාපනය කරන අයුරුත්, එතුමන් සමග සුහදත්වයෙන් සමීපව යලිත් ඒදන් උයන තුළ මෙන් ප්‍රීතියෙන් ගත කිරීමේ අවස්ථාව උදාවන ආකාරය පිළිබඳව නිවැරදි දැක්මක්ද හිමි වනු ඇත.

සාරාංශයක් කොට ගත් කළ, පැරණි ගිවිසුම යනු අපගේ ජීවිත පැරණි ගිවිසුම තුළ ඇති චරිත දෙස බලමින් ඉගෙන ගන්නාවූ කැඩපතක් බඳුය. ඒ තුලින් දෙවියන් වහන්සේ යනු කව්ද? හා එතුමන්ගේ පුදුම ක්‍රියා මෙන්ම එතුමා විසින් නිර්මාණය කරන ලද ගැලවීමද වටහා ගැනීමට හැකිය. ඒ මගින් පීඩනයට හා පීඩාවට පත් බොහෝ අයට සහනයක් සලසා දෙනු ඇත (විශේෂයෙන් ගීතාවලිය බලන්න). පුන පුනා කියවෙන්නාවූ අනාගතවාක්‍යය මගින් බයිබලය යනු ධර්මානුකුලව ලියැවුනු පොත් අතර ඇති අසහය පොතක් ලෙසට සැලකිය හැකි අතර, ඒ තුළින් පමණක් බයිබලය යනු දේවානුභාවයකින් යුක්තව ලියැවුණු දෙවියන් වහන්සේගේ වචනය බවට පෙන්නුම් කර දක්වයි. ඒ තුළ ඇති එක් එක් පිටුවක් මගින් ක්‍රිස්තුස් වහන්සේ බලවන්ත බව විදහා දක්වයි. අළුත් ගිවිසුම මගින් ව්‍යංගයෙන් හා ගෙනහැර දැක්වීම් වලට ඔබ්බෙන්, ඥානය වඩාත් ලෙස මෙහි ඇතුලත් වේ. කෙටියෙන් කිවහොත් ඔබ තවමත් මෙහි පිටු අතර ගැඹුරටම ගමන් කිරීමට ඉදිරිපත් වී නොමැතිද එසේ නම් දෙවියන් වහන්සේ ඔබ උදෙසා සිටින බව ඔබ කිසිදා වටහා නොගනු ඇත. ඔබ මෙය කියවන විට ඔබට නොතේරෙන බොහෝ දේ ඒ තුළ තිබෙනු ඇතත්, ඔබ ඉදිරියෙන් ඉදිරියට යනවිට ඔබ හට ඉගෙන ගැනීමට ඒ තුළින් බොහෝ දේ ඉස්මතු වනු ඇත. ඔබ විසින් මෙ පොත අධ්‍යයනය කිරීමත් සමග ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාවත් අයැද සිටීම මගින් ඔබට වටිනා දායාදයන් සොයා ගැනීමට ඉවහල් වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපි පරණ ගිවිසුම ඉගෙන ගත යුත්තේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries