settings icon
share icon
ප්‍රශ්නය

ස්වාමින්ගේ යාච්ඤාව නම් කුමක්ද? අපි එය යාච්ඤා කළ යුතුද?

පිළිතුර


ස්වාමින්ගේ යාච්ඤාව නම් යේසුස් වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වූ යාච්ඤාවයි මතෙව් 6:9-13 හා ලූක් 11:2-4. මතෙව් 6:9-13 පවසනවා, එහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරපල්ලා:- ස්වර්ගයෙහි වැඩ සිටින අප‍ෙග් පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබග් රාජ්‍යය ඒවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා. අපේ දවස් පතා භෝජනය අපට අද දුන මැනව. අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව. අප පරීක්‍ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.” බොහෝ අය වරදවා තේරුම්ගෙන ති‍ෙබන දෙයක් නම් මේ යාච්ඤාව අප කටපාඩමින් වචනයෙන් වචනය දැන ගත යුතු බවට. සමහර අය ස්වාමින්ගේ යාච්ඤාව විජ්ජාවක් ලෙස සලකයි. හරියට වචන වලට තමාට ආවේනික බලයක් දෙවියන් වහන්සේ වෙතට යාමට ඇති ලෙසට ඔවුන් සිතයි.

බයිබලය ඊට විරුද්ධ දෙයක් උගන්වයි. දෙවියන් වහන්සේ සතුටු වන්නේ අප වචන වලින් පමණක් නොව මුළු හදවතින් උන් වහන්සේට යාච්ඤා කළ යුතු බවට. “නුමුත් නුඹ යාච්ඤා කරන කල්හි නු‍ඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන් වහන්සේට යාච්ඤා කරපන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන් වහන්සේ නුඹට විපාක දෙන සේක. තවද යාච්ඤා කිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයල්ලා. ඔව්හූ තමන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති” (මතෙව් 6:6-7). යාච්ඤාවේදී අපි අපගේ හදවත් දෙවියන් වහන්සේ ඉදිරියේ වගුරුවන්ට අවශ්‍ය වේ (පිලිප්පි 4:6-7), කටපාඩම් පදයක් ලෙස මතකයෙන් පැවසීම නොවේ.

ස්වාමින්ගේ යාච්ඤාව උදාහරණයක් ලෙස තේරුම් ගත යුතුය, යාච්ඤා කරන්නේ කෙසේද? යන්නට එහි යාච්ඤාවට “අවශ්‍ය දේ” අපට ලබා දෙනවා, එය මෙආකාර වේ. “ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි” අපගේ යාච්ඤාවේ යොමුව කාටද යන්න එහි සඳහන් කරයි-පියාණන්ට බව. “ඔබගේ නාමයට ගෞරව වේවා” ඉන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේව නමස්කාර කිරීමයි උන් වහන්සේට ප්‍රශංසාව දීමට උන් වහන්සේගේ ස්වභාවයට, “ඔබගේ රාජ්‍යය ඒවා”, “ඔබගේ කැමැත්ත ස්වර්ගය මෙන් පොළොවේද සිදු වේවා” යන පදයන් හී දෙවියන් වහන්සේගේ සැලැස්ම අපගේ ජීවිතයේ හා ලෝකයේ සිදුවීමට අපි යාච්ඤා කළ යුතුය. අපගේ තනි සැලසුම් නොවේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම සිදුවේවි යන්නට යාච්ඤා කළ යුතුය. අපගේ ආශාවන් නොවේ. අපට අවශ්‍ය දේවල් ගැන යාච්ඤා කිරීමට අපට ධෛර්ය්‍ය දී ඇත. “අපගේ දවස් පතා භෝජනය අද අපට දුන මැනව” “අපගේ ණයත් අපට කමාකළ මැනව, අප‍ෙග් ණය කාරයන්ට අප කමා කලාක් මෙන්” අපට මතක් කර දෙනවා අපගේ පාපයෙන් හැරි දෙවියන් වහන්සේ ඉදිරියේ පසු තැවෙන්න. දෙවියන් වහන්සේ අපට සමාව දුන් ලෙසට අන් අයට සමාව දීම. ස්වාමින්ගේ යාච්ඤාවේ අවසානය “අප පරික්‍ෂාවට නොපමුණුවා, නපුරෙන් අප ගලවා ගත මැනව” පාපයට විරුද්ධව ජය ගැනීමේ ආශාවෙන් උපකාරය අපේක්‍ෂාවෙන් යැදුම. යක්‍ෂයාගේ පහර වලින් ආරක්‍ෂාවීමට උපකාර යැදුම.

එසේ, එමනිසා, ස්වාමින්ගේ යාච්ඤාව අප කටපාඩමින් දෙවියන් වහන්සේට නැවත ඉදිරිපත් කිරීම නොවේ. අපි යාච්ඤා කළ යුතු අන්දම පෙන්වා දීමක් එය. ස්වාමින්ගේ යාච්ඤාව කටපාඩම් කිරීම වැරදිද? නැත, දෙවියන් වහන්සේට නැවත ස්වාමින්ගේ යාච්ඤාව කිරීම වැරදිද? නැත, ඔබගේ හදවතින්ම ඔබ එහි වචනවල ඇති අදහස සැබවින්ම පවසනවා නම් මතක තබා ගන්න, යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ අප‍ෙග් සම්බන්ධතාවය ගැන වඩා සැලකිලිමත් අපගේ හදවතින්ම කථා කිරීමයි. උන් වහන්සේ කැමති, අප එක්තරා වචනවලට ආවේනිකවම නොවේ. පිලිප්පි 4:6-7 පවසනවා, “නුඹලා කිසිවක් ගැන කණගාටු නොසිතා, සියල්ලෙහිදි ස්තුති දීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැන ගත නොහැකිවූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්‍ෂා කරනවා ඇත.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වාමින්ගේ යාච්ඤාව නම් කුමක්ද? අපි එය යාච්ඤා කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries