settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේට සහෝදර සහෝදරියන් සිටියාද? (ලේ නෑයෝ)

පිළිතුර


යේසුස් වහන්සේගේ සහෝදරයන් බයිබලයේ බොහෝ පදවල සඳහන් කර ඇත. මතෙව් 12:46; ලූක් 8:19 හා මාර්ක් 3:31 හි සඳහන් කර ඇත යේසුස් වහන්සේව මුණගැසීමට උන් වහන්සේගේ මැණියෝ හා සහෝදරයෝ ආ බවට. බයිබලය අපට පවසනවා යේසුස් වහන්සේට සහෝදරයන් හතර දෙනෙක් සිටි බවට. යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් (මතෙව් 13 :55), එසේම බයිබලය අපට පවසනවා යේසුස් වහන්සේට සහෝදරියන් සිටිය බවට, නමුත් ඔවුන්ගේ නම් වත් ගණනවත් සඳහන් කර නැත (මතෙව් 13 :56). යොහන් 7 :1-10 හි උන් වහන්සේගේ සහෝදරයන් මංගල්‍යයට සහභාගි විය උන් වහන්සේ පසෙකින් සිටියදී. ක්‍රියා 1 :14 උන් වහන්සේගේ සහෝදරයන් හා මව ගෝලයන් සමග යාච්ඤා කළ බව සඳහන් කරයි. ගලාති 1 :19 සඳහන් කරනවා යාකොබ් යේසුස් වහන්සේගේ සහෝදරයා බව. කෙසේ වෙතත් මේ සියලු පදවල සඳහන් කර ඇති දෙය නම් යේසුස් වහන්සේට අර්ධ උපන් සහෝදර සහෝදරියන් සිටියා.

සමහර රෝමානු කතෝලික අය පවසනවා මේ “සහෝදරයන්” සැබවින්ම ඥාති සහෝදරයන් බවට. කෙසේ වෙතත් සෑම තත්වයකම “සහෝදරයන්” යන ග්‍රීක් වචනය භාවිතා කර ඇති වචනය ඥාති සහෝදරයන් ආමන්ත්‍රණය කිරීමටද භාවිතා කරයි. එහි සමාන අර්ථ ශාරීරික සහෝදරයන්ට. “ඥාති සහෝදරයා” ආමන්ත්‍රණය කිරීමට ග්‍රීක් වචනයක් ඇත. නමුත් එය භාවිතා කර නැත. ඉදිරියටත්, ඔවුන් යේසුස් වහන්සේගේ ඥාති සහෝදරයන් නම් ඔවුන් මරියතුමි සමග සිටියා යැයි බොහෝවිට සඳහන් කර ඇත්තේ ඇයි? ඇය යේසුස් වහන්සේගේද මවයි. යේසුස් වහන්සේගේ මෑණියෝ හා සහෝදරයෝ උන් වහන්ස්ව මුණ ගැසීමට ආ අවස්ථාවල ඒ ආ සහෝදරයෝ උන් වහන්සේගේ අර්ධ සහෝදරයන්ට අමතරව වෙනත් ඥාති සහෝදරයන් බවට බයිබල් කොටසේ සඳහන් කර නැත.

රෝමානු කතෝලිකයන්ගේ දෙවැනි තර්කය නම් ඒ යේසුස් වහන්සේගේ සහෝදර සහෝදරියන් යෝසෙප්ගේ පළමු කසාදයේ දරුවෝ බවයි. එයට මූලික හේතුව යෝසෙප් මරියාට වඩා වයසින් මුහුපුරා ගිය කෙනෙකු නිසා. ඔහු මීට පෙර විවාහවී සිටීමට ඉඩ කඩ ඇති අතර බොහෝ දරුවන්ද සිටිය හැකි බව. එසේම මරියා විවාහවීමට පෙර කනවැන්දු පුරුෂභාවය ලබා තිබෙන්නට ඇති යැයි පවසයි. මෙයට බයිබලයේ කිසිඳු සඳහනක් නැත. මෙහි ඇති ප්‍රශ්නය නම් යෝසෙප් මරියාව විවාහ කර ගැනීමට පෙර විවාහවී දරුවන් සිටිය බවට බයිබලයේ කිසිම තැනක නොපැවසීමයි. මරියා සමග විවාහවීමට පෙර යෝසෙප්ට පළමු විවාහයෙන් දරුවන් හය දෙනෙක් සිටියා නම් යෝසෙප් හා මරියාගේ බෙත්ලහෙමට යන ගමනේ ඔවුන් ගැන සඳහන් නොකළේ ඇයි (ලූක් 2:4-7) හෝ මිසරයට ගිය ගමනේදී වත් (මතෙව් 2:13-15) හෝ ඔවුන් නැවත නාසරෙත් නුවරට එන විටවත් (මතෙව් 2:20-23).

සැබවින්ම මේ සහෝදරයන් යෝසෙප්ට හා මරියාට දාව උපන් දරුවන් බවට කිසිදු සැකයක් නැත. යේසුස් වහන්සේට අර්ධ සහෝදර සහෝදරියන් නැතැයි පවසන අය එසේ කරන්නේ බයිබලයට අනුකුලව නොවේ, නමුත් මරියා කන්‍යාවකව සිටියදී ගැබ් ගත් බව නිසැක සේම, එයත් බයිබලයට අනුකුල නැති බවද අපට පෙනේ “නමුත් ඈ පුත්‍රයෙකු වදන තුරු ඔහු ඈ නොහැදින්නේය. ඔහු උන් වහන්සේට යේසුස් යන නාමය තැබීය” (මතෙව් 1:25). යේසුස් වහන්සේට අර්ධ සහෝදර සහෝදරියන් සිටියා ඔවුන් යෝසෙප්ට හා මරියාට දාව ඉපදුන අය වේ. එය දේව වචනය පැහැදිලිව විස්තර කරනා දෙයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේට සහෝදර සහෝදරියන් සිටියාද? (ලේ නෑයෝ)
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries