settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නම්, උන් වහන්සේ කෙසේද දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නේ? යේසුස් වහන්සේ තමාටම යාච්ඤා කර ගත්තාද?

පිළිතුර


යේසුස් වහන්සේ දෙවියන් වහන්සේව සිටියදී මේ පොළොවේදී උන් වහන්සේගේ පියාට යාච්ඤා කිරීම තේරුම් ගැනීමට නම්, අපි තේරුම් ගැනීමට අවශ්‍ය දෙය නම් සදාකාලික පියාණන් හා සදාකාලික පුත්‍රයා සමඟ සදාකාල සම්බන්ධතාවයක් උන් වහන්සේ මිනිස් වෙසක් ගෙන මෙම පොළොවට පැමිණීමට පෙර සිටම තිබුණි. කරුණාකර යොහන් 5:19-27 කියවන්න, විශේෂයෙන් 23 පදය කියවන්න එහි යේසුස් වහන්සේ අපට උගන්වනවා පියාණන් වහන්සේ පුත්‍රයාණන්ව එවන ලද බව (එසේම යොහන් 15:10 බලන්න). යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුනේ උන් වහන්සේ බෙත්ලහෙමේ උපත ලද දින නොවේ. උන් වහන්සේ සදාකාලයේ පුරාණයේ සිටම දෙවියන් වහන්සේගේ පුත්‍රයාව සිටියේය. අදටත් උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හා සදාකාලයටම එය එසේය.

යෙසායා 9:6 අපට පවසනවා පුත්‍රයාණන් දෙන ලද්දේය ළදරුවෙකු උපන්නේය. යේසුස් වහන්සේ නිතරම ත්‍රිත්වයේ කොටසකි, ශුද්ධාත්මයාණන් සමග. ත්‍රිත්වය නිතරම පැවතුණා, පියවූ දෙවියන් වහන්සේ, පුත්‍රවූ දෙවියන් වහන්සේ, හා දෙවියන් වහන්සේගේ ආත්මයේ, දෙවිවරු තුන්දෙනෙක් නොව, නමුත් එක දෙවියන් වහන්සේ පුද්ගලිකත්ව තුනක්. යේසුස් වහන්සේ ඉගැන්නුවා උන් වහන්සේත් උන් වහන්සේගේ පියානන් එක්කෙ‍ෙනක් බවට (යොහන් 10:30), එහි අදහස උන් වහන්සේ හා පියාණන්ගේ පැවැත්ම හා බලය එකයි යන්න. පියාණන්, පුත්‍රයාණන් හා ආත්මයාණන් යන තිදෙනා එක හා සමාන පැවැත්මක් දෙවියන් වහන්සේ තුළ ක්‍රියාත්මක වෙන. මෙම තිදෙනාට සිදුවුනා, ඉදිරියත් පවතින සදාකාල සම්බන්ධතාවයක්.

යේසුස් වහන්සේ සදාකාල දෙවියන් වහන්සේ සදාකාල දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, පාපය රහිත මිනිස් වෙසක් ගෙන එසේම දාසයකුගේ ස්වරූපයද ගත් සේක, උන් වහන්සේගේ ස්වර්ගීය මහිමය අතහැර දමා (පිලිප්පි 2:5-11). දෙවියන් වහන්සේ වූ මිනිසා සේම, උන් වහන්සේට කීකරුකම ඉගෙන ගැනීමට සිදුවිය (හෙබ්‍රෙව් 5:8) උන් වහන්සේගේ පියාණන්ට උන් වහන්සේ යක්‍ෂයා කරණකොටගෙන පරික්‍ෂාවට ලක්වන විටත්, මිනිසුන්ගෙන් බොරු චෝදනා ලබන විටත්, උන් වහන්සේගේ මනුෂ්‍යයන් විසින් එපා කිරීම, එසේම අවසානයේදී කුරුස පත්විය. උන් වහන්සේ තම ස්වර්ගීය පියාණන්ට යාච්ඤා කරන්නේ ඒවාට බලය ලැබීමට වේ (යොහන් 11:41-42) එසේම ප්‍රඥාව (මාර්ක් 1:35, 6:46). උන් වහන්සේගේ යාච්ඤා කිරීමෙන් පිළිබ්ඹු කරන්නේ උන් වහන්සේ තම පියාණන්ගේ ගැලවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියාණන් මත යැපෙන බව පෙන්වීමට වේ, එයට සාධක ලෙස යේසුස් වහන්සේගේ යොහන් 17 උත්තම පූජක යාච්ඤාව. උන් වහන්සේගේ යාච්ඤාව පිළිබ්ඹු කරන්නේ උන් වහන්සේ තම පියාණන්ගේ කැමැත්ට යටහත් වීම, පාපයේ කුලිය නම් මරණය විඳීමේදී පවා අප දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව කඩකිරීම නිසා අපට හිමිවූ (මතෙව් 26:31-46). නියත වශයෙන්, උන් වහන්සේ ශාරීරිකව සොහොනින් නැගිට්ටා, පාපයෙන් පසුතැවී උන් වහන්සේ තම ගැලවුම්කරුවා ලෙසට පිළිගන්නා අයට සමාව ලබා දීමට වේ.

පුත්‍රවූ දෙවියන් වහන්සේ පියවූ දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම කිසිම වරදක් නැත. සඳහන් කර ඇති ලෙසට, ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය වෙස ගැනීමට පෙර ඔවුනට සම්බන්ධතාවයක් විය. මේ සම්බන්ධතාවය ශුභාරංචිවල නිදර්ශණය කරනවා මන්ද ඉන් අපට දැකිය හැක පුත්‍රයාණන් තම පියාණන්ගේ කැමැත්ත ඉදිරියට ගෙන යාම, හා එය කිරීම, උන් වහන්සේගේ දරුවන්ට ගැලවීම / මිදීම ලබා ගැනීම (යොහන් 6:38). ක්‍රිස්තුස් වහන්සේ දීර්ඝ කීකරුකම උන් වහන්සේගේ පියාණන්ට තිබුණු එය ඉලක්ක කරගෙන යාම උන් වහන්සේගේ යාච්ඤා ජීවිතය තුළින්. ක්‍රිස්තුස් වහන්සේගේ යාච්ඤාව අපට උදාහරණයකි.

යේසුස් වහන්සේ මේ පොළොවේ සිටින විටදී පියාණන් වහන්සේට යාච්ඤා කිරීමෙන් උන් වහන්සේ දෙවියන් වහන්සේට වඩා අඩු නැත. උන් වහන්සේ අපට පෙන්වා දුන්නා පාපය රහිත ජීවිතයකට පවා තම දෙවි පියාගේ කැමැත්ත කිරීමට බලය ලබා ගැනීමට යාච්ඤාව කෙතරම් වැදගත්ද යන්න. යේසුස් වහන්සේ තම පියාණන්ට යාච්ඤා කිරීම උන් වහන්සේට ත්‍රිත්වය සමග ඇති සම්බන්ධකම ඔප්පු කිරීම හා අපට අවශ්‍ය ප්‍රඥාව හා ශක්තිය ලබා ගැනීමට අපි උන් වහන්සේ මත යැපී යාච්ඤා කිරීම අවශ්‍ය බවට උදාහරණයකි. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ලෙසවූ මිනිසාට යාච්ඤා ජීවිතයක් අවශ්‍යයි. එසේම උන් වහන්සේගේ අනුගාමිකයන්ටද එසේම අවශ්‍ය වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නම්, උන් වහන්සේ කෙසේද දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නේ? යේසුස් වහන්සේ තමාටම යාච්ඤා කර ගත්තාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries