settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේගේ මරණයත් උත්ථානයත් අතරතුර උන් වහන්සේ නිරයට ගියාද?

පිළිතුර


යේසුස් වහන්සේගේ මරණයත් උත්ථානයත් අතර කාලය තුළ උන්වහන්සේගේ ආත්මය / ප්‍රාණය නිරයට ගියාද? මෙම ප්‍රශ්නය හේතුවෙන් වියවුලක් ඇතිවී ඇත. මෙම අදහස පැමිණෙන්නේ අපොස්තුලුවරුන්ගේ දර්ශණයෙන් එහි සඳහන්ව ඇත්තේ “උන් වහන්සේ පාතාලයට බැස්ස සේක.” සමහර පද පවා එහි පරිවර්ථනයට අනුකුලව ඒ මත රඳා පවතී. යේසුස් වහන්සේ “පාතාලයට” යාම පිළිබඳව කථා කරන මෙම තත්වය පිළිබඳ අධ්‍යනය කරන විට ඉතාම වැදගත්ම දෙය නම් මරණයේ යථාර්ථය පිළිබඳව දේව වචනයේ සඳහන් කරන්නේ කුමක් දැයි බැලීම.

හෙබ්‍රෙව් ලියවිලි වල මරණයේ රාජධානිය පැහැදිලි කිරීමට පාවිච්චි කරන වචනය “ෂෙයොලේ” (Sheol) එයින් අර්ථවත් වන්නේ “මළවුන්ගේ ස්ථානය” යන්නයි. නැති නම්“ප්‍රාණයෙන් ආත්මය වෙන්වීම” සිදුවන ස්ථානය. අළුත් ගිවිසුමේ ග්‍රීක් භාෂාවෙන් පාතාලය හඳුන්වනු ලබන නම “හේදිසිය” “Hades” එහි අර්ථයද “මළවුන්ගේ ස්ථානය” යන්නයි. අනෙක් ලියවිලි වල අළුත් ගිවිසුමේ සඳහන් කරන පරිදි ෂෙයොලේ / හේදිසිය යනු තාවකාලික ස්ථානයක් යන්නයි. අවසාන උත්ථානය හා විනිශ්චය (තීන්දුව) සිදුවන තුරු ඔවුන්ගේ ආත්මය ඇති එළිදරව් 20:11-15 මෙම ස්ථාන දෙක වෙන්කර පැහැදිලි කර දෙයි. පාතාලය (ගිනි විල) එය සදාකාලික හා විනිශ්චයේ අවසාන ස්ථානයයි. විනාශ වෙන අයට “හේදිසිය” තාවකාලික ස්ථානයක් එසේ නම් උන් වහන්සේ පාතාලයට ගියේ නැත. මන්ද පාතාලය යනු අනාගතයේ සිදුවීමක්. එහි ක්‍රියා වලිය සිදුවන්නේ සුදු සිංහාසන විනිශ්චයෙන් පසුවයි (එළිදරව් 20:11-15).

ෂෙයොල / හේදිසිය කොට්ඨාශ දෙකක රාජධානි (මතෙව් 11:23; 16:18; ලූක් 10:15; 16:23; ක්‍රියා 2:27-31), ගැලවුනාවූ හා නොගැලවුනාවූ අයගේ සීමා මායිමයි. ගැලවුනාවූ අයගේ සීමා මායිම “පාරාදීසයයි” හා “ආබ්‍රහම්ගේ ළපැත්තයි.” ගැලවුනාවූවන් හා නොගැලවුනාවූවන් වෙන්ව සීමා මායිම වෙන්වී ඇත්තේ “මහත් කුහරයකින්” (ලූක් 16:26). යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවාගත් විට උන් වහන්සේ පාරාදීසයේ සිටිය යුතු අයව උන් වහන්සේ සමග ගෙන යයි (එපීස 4:8-10). විනාශවන්නවුන් ෂෙයොල දෙපස / හේදිසිය වෙනස් නොවේ එලෙසම පවතී. සියලු නොඇදහිලිවතුන් (මිය ගිය) එම ස්ථානයේ සිටිනවා ඔවුන්ගේ අවසාන විනිශ්චයට මුහුණදීමට ඉදිරියේදී. යේසුස් වහන්සේ ෂෙයොලට / හේදිසියට ගියාද? ඔව්, එපීස 4:8-10 හා 1 පේත්‍රැස් 3:18-20 අනුව.

බයිබලයේ සමහර පද දෙස බැලූ විට යම් අපැහැදිලි තත්වයක් ඇත. උදා:- ගීතාවලිය 16:10-11 “මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්නට නාරින සේක; ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්නට නොදෙන සේක. ඔබ මට ජීවන මාර්ගය දක්වන සේක. ඔබ අබිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණ කම ඇත්තේය. ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.” “පාතාලය” හරි පරිවර්ථනය නොවේ. එය “මිනී වල” හෝ “ෂෙයොල” විය යුතුය. ඊට අවුරුදු ගණනකට පසුව යේසුස් වහන්සේ කුරුසියේදී උන් වහන්සේගේ පසෙක සිටි සොරාට “අද දවසේ නුඹ මා සමග පාරාදීසයේ සිටින්නට යනවා යැයි පැවසුවා.” ඔහුගේ ශරීරය සොහොනේ විය. ඔහුගේ ප්‍රාණය / ආත්මය පාරාදීසයට ගියා. ෂෙයොල / හේදිසියේ රාජධානිය. ඊට පසු පාරාදීසියේ සිටි මිය ගිය ධර්මිෂ්ඨ සියලු දෙනා රැගෙන සවර්ගයට ගියා. අවාසනාවට බොහෝ බයිබල් පරිවර්ථන වල ෂෙයොල / හේදිසිය පාතාලය පිළිබඳව පරිවර්ථකයන් පරිවර්ථනය කර ඇති දේ නිවැරදි නැත (හෙබ්‍රෙව් භාෂාවෙන් ග්‍රීක් භාෂාවට).

සමහරු යේසුස් වහන්සේ පාතාලයට ගියා කියන දෙය මේ විදිහට දකිනවා. එහි ඇති දුක්විඳීම උන් වහන්සේ වින්දේ අපගේ පාපය උඳෙසා කියලා නමුත් එය බයිබලයට අනුකුල නැත. අපගේ මිදීමට උන් වහන්සේ කුරුසියේදී වින්ද වේදනාවන් මරණයට සෑහේ. උන් වහන්සේ හෙලූ රුධිරය ප්‍රමාණවත් අපගේ පාපයෙන් මිදීමට (1 යොහන් 1:7-9). උන් වහන්සේ ඒ කුරුසගසේ එල්ලී සිටින විට සියලු මනුෂ්‍යය සංහතියේම පාපය උන් වහන්සේ මත ගත්තා. “උන් වහන්සේ අප වෙනුවෙන් පාපය උනා.” 2 කොරින්ති 5:21 ප්‍රකාශ කරනවා “අප උන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන් වහන්සේ) සැලැස්සූ සේක.” මෙම පාපයේ බරපතලකම / දෝෂාරෝපණය අපට වටහා දෙයි ගෙත්සමෙනෙ උයනේ උන් වහන්සේ කෙතරම් පොර බදින්ට ඇද්ද? පාපයේ කුසලානය සමග මන්ද එය කුරුසියේදී ඔහු මත වගුරන්ට යන හෙයින්.

යේසුස් වහන්සේ කුරුසියේදී මහත් හඬින් මොරගැසූ විට “මාගේ දෙවියනි ඔබ මා අත් හැරියේ මන්ද?” එම මොහොතේ තමයි උන් වහන්සේ පියාණන්ගෙන් වෙන්වුනේ පාපයේ කුසලානය උන් වහන්සේ මත පතිතවූ නිසා. ඊට පසු උන් වහන්සේ ආත්මය හෙළු සේක. “පියාණනි ඔබගේ දෑතට මාගේ ආත්මය භාර දෙමි.” අප වෙනුවෙන් උන් වහන්සේගේ දුක් විඳීම සම්පූර්ණ විය. උන් වහන්සේගේ ආත්මය / ප්‍රාණය හේදිසියේ පාරාදීසය පැත්තට ගියා. යේසුස් වහන්සේ පාතාලයට ගියේ නැත. උන් වහන්සේගේ දුක් විඳීම අවසන් වුනා උන් වහන්සේගේ මරණයත් සමග පාපයේ කුලිය ගෙවන ලදී. ඊට පසු උන් වහන්සේ උත්ථානයටත් ඔසවා ගැනීමටත් බලා සිටියා. යේසුස් වහන්සේ පාතාලයට ගිය සේක්ද? නැත. යේසුස් වහන්සේ ෂෙයොලට / හේදිසියට ගිය සේක්ද? ඔව්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේගේ මරණයත් උත්ථානයත් අතරතුර උන් වහන්සේ නිරයට ගියාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries