settings icon
share icon
ප්‍රශ්නය

දසයෙන් කොටස දීම සම්බන්ධව ශුද්ධ බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

පිළිතුර


බොහෝ කිතුණුවන් දසයෙන් කොටස දීම සම්බන්ධයෙන් ව්‍යාකුලත්වයකට පත්ව ඇත. බොහෝ දේවස්ථානවල (සභාවල) දසයෙන් කොටස දීම සම්බන්ධයෙන් වැඩි අවධාරනයක් යොමු කරන අතර, සමහර කිතුණුවන් දසයෙන් කොටස දීම ගැන බයිබලයේ සඳහන් අවවාද නොතකා, දෙවියන් වහන්සේට පූජාවක් ඔප්පු කිරීම ප්‍රතික්‍ෂේප කරති. දසයෙන් කොටස දීම / දසයෙන් කොටස දීමෙන් අදහස් වන්නේ සතුටක් ලබාගැනීම සහ ආශීර්වාද ලබාගැනීමය. එහෙත් මෙය සභාව තුළ දකින්නට ලැබෙන්නේ ඉතා දුර්ලබව වීම කණගාටුවට කරුණකි.

දසයෙන් කොටස දීම පරණ ගිවිසුමේ අදහසකි. සෑම ඊශ්‍රායලියෙකුටම දසයෙන් කොටස දීම නීතිමය අවශ්‍යතාවයක් වේ. ඔවුන්ගේ භුමියේ ඵලයෙන් හා උපයන සෑම දෙයකින්ම 10% ක් දේව මාලිගාව වෙනුවෙන් දිය යුතුව තිබුණා (ලෙවී කථාව 27 : 30; ගණන් කථාව 18 : 26; විතීය කථාව 14 : 24; 2 වංශාවලිය 31 : 5). සමහරු පරණ ගිවිසුමේ දසයෙන් කොටස දීම පූජකයන් හා ලෙවියන් විසින් පූජනීය කටයුතු පවත්වාගෙන යාමට යන වියදම් සපයා ගැනීම සඳහා පනවන ලද බදු ක්‍රමයක් ලෙසට වටහාගෙන ඇත. එහෙත් අළුත් ගිවිසුමේ කොතැනකවත් දසයෙන් කොටස දීම ගැන අණ කිරීමක් හෝ කිතුණුවන් දසයෙන් කොටස දිය යුතු යයි නීතියකට යටත් කර හෝ නැත. පාවුල්තුමා විසින් ඇදහිලිවතුන් තමන්ගේ ඉපයීම් වලින් (ආදායමෙන්) කොටසක්, සභාව පෝෂණය කිරීම වෙනුවෙන් වෙන් කලයුතු බව දක්වා ඇත (1 කොරින්ති 61 : 1-2).

අළුත් ගිවිසුමේ කොතැනකවත් අපගේ ආදායම් වලින් ප්‍රතිශතයක් වෙන් කරන ලෙසට දක්වා නැත. නමුත් 1 කොරින්ති 16 : 2 අනුව යම්කිසිවක් “තම තමා ලඟ තබා ගනිල්ලා” කියා සඳහන් කර ඇත. කිතුණු සභාව අනිවාර්‍යයෙන්ම 10% ක ගණන පරණ ගිවිසුමෙන් ලබාගෙන එය “නිර්දේශික අවමයක්” වශයෙන් කිතුණුවන්ට ඔවුන්ගේ දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත. අළුත් ගිවිසුමේ නියමිත ගණනක් හෝ ප්‍රතිශතයක් හඳුන්වාදී නැතත් දීමේ ඇති වැදගත්කමේ හා ඉන් ලැබෙන වාසි ගැන කථා කරයි. ඔවුන් දිය යුත්තේ තමන්ගේ ඉපයීම්වලට (ආදායම් වලට) සරිලන පරිද්දෙනි. මේ අනුව දසයෙන් කොටසට වඩා දීම හෝ දසයෙන් කොටසට වඩා අඩුවෙන් දීම හෝ විය හැක. මේ සියල්ල කිතුණුවාගේ හැකියාව සහ සභාවේ අවශ්‍යතා මත රඳා පවතී. මේ සියලු කිතුණුවෙක්ම ප්‍රථමයෙන්ම උනන්දුවෙන් යාච්ඤා කර දසයෙන් කොටස දීම ගැන සහ කොපමණ මුදලක් දිය යුතුද යන්න පිළිබඳව දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ලබාගතයුතුය (යාකොබ් 1 : 5). “කණගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක (2 කොරින්ති 9 : 7).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දසයෙන් කොටස දීම සම්බන්ධව ශුද්ධ බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries