settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු භාවනාව යනු කුමක්ද?

පිළිතුර


ගීතාවලිය 19:14 හී සඳහන් වන්නේ “මාගේ පර්වතයද මිදුම්කාර වූ ස්වාමිනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.” එසේ නම් කිතුනු භාවනාව යනු කුමක්ද? කිතුනුවන් භාවනා කළ යුත්තේ කෙසේද? නමුත් “භාවනාව” යන වචනය අසීමිත ක්‍රියාවන් කිරීමෙහි ශක්තියක් බවට මිත්‍යා විශ්වාසයක් පවතියි. යම් පුද්ගලයින්ට භාවනාව යනු විශේෂ ආකාරයකට හිඳ ගැනීමෙන් කරන්නාවූ ක්‍රියාවලියක් වන අතර තවත් සමහරෙකුට එය ආත්මික ලෝකය හා දරන්නාවූ සහාභාගිකමේ ක්‍රියාවලියකි. නමුත් මේ එකකින්වත් කිතුනු භාවනාව පිළිබඳව පැහැදිලි ස්ථානයක් ලබා නොදෙයි.

කිතුනු භාවනාව තුළ අනෙක් මිත්‍යාවන් වලදී මෙන් කිසිඳු ක්‍රියාවලියක් පදනම සේ ගනු නොලබයි. මේ අතරම විවිධවූ භාවනා වර්ග අයත් වන අතර, ඔවුන් තුළ අපට “දෙවියන්ගේ හඬ ඇසිය” යුතු වන්නේ වචනය තුලින් නොව භාවනාව තුලින් වූ පෞද්ගලික එළිදරව්වීමෙන් බව මතයයි. යම් භාවනාවක් තුළ අති විශාල ජනකායක් සිටින අතර ඔවුන්ගේ සිතුවිල්ල වන්නේ ඔවුන්ට දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන බවයි. නමුත් ඔවුන් විසින්ම විරුද්ධ කථා කියමින් සභාව තුළ අසීමිත භේදයක් ඇති කිරීමට හේතු වෙයි. කිතුනුවන් හට දේවවචනය තම හිතුමතේට වගකීම් විරහිතව යොදාගත නොහැකිය. කෙසේ දයත් “දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” (2 තිමෝති 3:16). බයිබලය තුලින් පමණක් අපට අපගේ සියළු යහපත් ක්‍රියා සඳහා මුළුමනින්ම සූදානම්වීමට උපකාර කරන්නේ නම් ඒ වෙනුවට වෙනත් මිත්‍යා විශ්වාසයක් ආදේශ කර ගනු ලබන්නේ මක්නිසාද?

කිතුනු භාවනාව යනු හුදු දේවවචනය හා දෙවියන් වහන්සේ පිළිබඳව එළිදරව් කිරීමකි. මෙය තේරුම් ගත් දාවිත්තුමා ප්‍රකාශ කර සිටින්නේ “ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන් වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නාවූ (ගීතාවලිය 1:2) මනුෂ්‍යයන් ආශීර්වාද ලද්දවුන් බවයි. කිතුනු භාවනාව යනු දේවවචනය ඉගෙනගැනීමට අප යොමුකර ගැනීම ශුද්ධාත්මයාණන් වහන්සේ තුල දේවවචනය ඉගෙන ගැනීමට හා තේරුම් ගැනීමට යාච්ඤා කිරීම හා සියළු සත්‍යතාවයන් කරා අපව යොමු කිරීමට දෙවියන් වහන්සේ බයිබලය තුළ පොරොන්දුවීද ඇත (යොහන් 16:13). එසේ නම් මේ සත්‍යතාවයන් ක්‍රියාවට යොදවමින් අපගේ ක්‍රියාවන් දෙවියන් වහන්සේ හා එහි ඉගෙනගැනීමට යොමු කල යුත්තේ අපගේ දෛනික ක්‍රියාවලියක කොටසක් වශයෙනි. මෙම ක්‍රියාවලිය මගින් අප ආත්මික වර්ධනයකට මෙන්ම දේවවචනය මූලික කර ගත් දෙයින් මුහුකුරා යෑමට ශුද්ධාත්මයාණන් වහන්සේ තුලින් නග පෙන්වනවා ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු භාවනාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries