settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු පියවරුන් ගැන බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


ලියවිල්ලේ ඇති ප්‍රධානතම ආඥාව කුමක්ද? “නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මළු ශක්තියෙන්ද ප්‍රේම කරපන්න (ද්විතීය කථාව 6:5). දෙවන පදයට නැවත යොමුවීමේදී අපට කියවිය හැක “නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියළු දවස් වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන් වහන්සේගේ සියළු පණත් සහ ආඥා පවත්වන පිණිසත්, නුඹේ දවස් වැඩි වන පිණිසත්” ද්විතීය කථාව 6:5 ඉදිරියත් කියවාගෙන ගිය හොත් “මා විසින් අද නුඹට අණ කරන මේ වචන නුඹේ සිතේ තිබේවා ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා නුඹ ගෙයි හිඳින කළද, මග යන කළද, නුඹ සයනය කරන කළද, නැගිට සිටින කළද ඒවා ගැන කථා කරපන්න (6-7 පද).

ඊශ්‍රායෙල් ඉතිහාසයේ පෙන්නුම් කරනවා පියාට හොඳ දැනුමක් තිබිය යුතුය, දරුවන්ට උපදෙස් දීමට දෙවියන් වහන්සේගේ වචනයේ මාර්ග පිළිබඳව ඒවා ඔවුන්ගේ ආත්මික ජීවිතයේ වර්ධනයට හා යහපත් දිවි පෙවතක් ගත කිරීමට. ලියවිල්ලේ ආඥාවලට කීකරු ජීවිතයක් ගත කළ පියෙක් එම දෙයම කළා. මෙය අපව හිතෝපදේශ 22:6 ට යොමු කරයි, දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරපන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” “පුරුදු” කිරීම දෙමවි පියන් විසින් දරුවන්ට දෙන පළමු උපදෙසයි. උදා:- ඔහුගේ මුල් අධ්‍යාපනය, පුහුණු කිරීම නම් දරුවකු ඔහු විය යුතු පුද්ගලයා වීමට පැහැදිලි යොමු කිරීමයි. එම නිසා දරුවකුගේ මේ ආකාර මුල් අධ්‍යාපනය වැදගත් වේ.

එපීස 6:4 පියෙකුට ඇති උපදෙස් පිළිබඳ සාරාංශයකි. සුභවාදි හා අසුභවාදි දෙපැත්තම දපට පෙන්වා දෙයි. “පියවරුනි නුඹලාගේ දරුවන්ට කෝප නුපදවා ස්වාමින් වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇති කරපල්ලා.” මෙම පදයෙන් පෙන්වන අසුභවාදි පැත්ත නම් පියවරුන් දරුවන්ව අසුභවාදිව පෝෂණය කිරීම නොකළ යුතුය. ඔහුගේ දරුවන්ගේ සබධතා බිඳීම, අයුක්තිය පාෂිකත්වය හෝ අසාධාරණය ආධිපත්‍ය, දරුණු අසාධාරණ පාලනය තමයි දරුවන්ගේ නපුරු ස්වභාවයේ හදවත් ඇති කරයි. “කෝප කිරීම” නම් අපහසු තාවයට පත් කිරීම, කුපිත කිරීම, වැරදි ක්‍රමයට යොමු කිරීම. මෙය වැරදි ආත්මයක හා වැරදි ක්‍රමයක් මගින් සබධතා බිඳේ. අසාධාරණත්වය, තදින් සිටීම, නපුරු නියෝග, අනවශ්‍ය නීති, හා ආත්මාර්ථකාමි ඒකාධිපති පාලනය, මෙවැනි ක්‍රියා දරුවන්ගේ ඇල්ම මරා දමයි. ශුද්ධකමට ඇති නැඹුරත්වය අඩුවේ, එමෙන්ම ඔවුන්ට ඔවුන්ගේ දෙමව්පියන්ව ප්‍රසන්න කිරීමට නොහැකි වේ යන හැඟීම ඇති කරයි. ඥානවන්ත දෙමවිපියන් ප්‍රේමයෙන් හා මෘදුකමෙන් කීකරුකම හා අවශ්‍ය අයුරින් ඔවුන්ව හැඩ ගසා ගනී.

එපීස 6:4 හී සුභවාදි පැත්ත පරිපූර්ණ මාවතට යොමු වේ. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් දෙයි, ඔවුන්ව ගොඩ නගයි, ඔවුන්ගේ ජීවිතය දෙවියන් වහන්සේගේ මග පෙන්වීම හා දැනමුතු කමින් යුක්තව වීමට උන් වහන්සේ සමග ඔවුන්ගේ සම්බන්ධතාවය වැඩි කිරීම. අධ්‍යාපනය දීම හා විනය හැසිර වීමේ මුළු ක්‍රියා වලිය වේ. “දැනමුතුකම” නම් දරුවාට වැරුද්ද පිළිබඳව (නිර්මාණාත්මක) හා රාජකාරි (වගකීම්) මතක් කර දීම.

කිතුනු පියෙක් දෙවියන් වහන්සේගේ අතේ භාජනයකි (ආයුධයකි). මග පෙන්වීම හා විනය හැසිරවීම දෙවියන් වහන්සේ ආඥා කළ හා පරිපාලනය කරන ලෙසට විය යුතුය. එසේම එහි ආධිපත්‍ය ගනා යුත්තේ මනසේ සම්බන්ධතාවයක් ඇතිවය. එමෙන්ම හදවතේ, හා දරුවන්ගේ හෘද සාක්‍ෂිය මානුෂික පියා කිසිම විටෙක ඔහුව එකම ආධිපත්‍ය හිමිකෙනා තමයි සත්‍ය හා රාජකාරිය මෙහෙය වන්නා ලෙසට නොපෙන්විය යුතුය. එය දෙවියන් වහන්සේ ගුරුවරයා හා පාලකයා හා සියලු ඉලක්ක හා අධ්‍යනයන ගැන ආධිපත්‍ය හිමියා හැටියට පෙන්විය යුතුය.

මාටින් ලූතර් පැවසුවා, “වේවැල පසෙක ඇපල් ගෙඩියක් තබන්න, දරුවා යහපතක් කළවිට එය දෙන්න.” විනය හැසිරවීම සිදුකල යුත්තේ හොඳ අවධානයෙන් හා දීර්ඝ පුහුණුවක් හා බොහෝ යාච්ඤාවෙන්. මැඩ පවත්වා ගැනීම (හික්මවීම) විනය ගරුකවීම හා දේව වචනයෙන් උපදෙස් ලබා සිටීම, එයින් සනාථ කිරීම හා ධෛර්ය්‍ය ලැබි. කිතුනු අත්දැකීම් ලත් පාසලෙන් ඉගෙන ගන්නා ලදි. එමෙන්ම එය පරිපාලනය වන්නේ දෙමව්පියන්ගෙන්, මූලික වශයෙන් පියා, නමුත් එසේම මවගේ මගපෙන්වීම, කිතුනු විනය ළමයි දෙවියන් වහන්සේට ගරු කිරීමට යොමු කරයි. එය ඉතාමත් අවශ්‍යයි, දෙමව්පිය ආධිපත්‍යට ගෞරව කිරීම, කිතුනු තත්වය පිළිබඳව දැනුම හා තමා පාලනය (හික්මවීමේ) පුරුද්ද.

සියලුම ලියවිලි දෙවියන් වහන්සේගේ හුස්ම වේ. එමෙන්ම ඒවා ඉගැන්වීමට ඉවහල් වේ, නෙරපා දැමීමට, නිවැරදි කිරිමට, හා ධර්මිෂ්ඨකම තුළ පුහුණු කිරීමට (2 තිමෝති 3:16:17). පියෙකුගේ මුල් වගකීම දරුවාව ලියවිල්ලෙන් පෝෂණය කිරීම, පියෙක් දෙවියන් වහන්සේගේ සත්‍යතාවය හා අගය පිළිබඳව දරුවාට ඉගැන්වීමට දරණ වෙහෙස ඇගයීමට ලක්වේ. පියා හැසිරවීමේ කාරිය තුළ විශ්වාසවන්ත හෙයින්, දරුවන් දෙවියන් වහන්සේ පිළිබඳව ඉගෙන ගන්නා දෙයින් ඔවුන්ව යහපත් තත්වයකට ගෙන එයි මේ පොළවේ ජීවත් වන තුරු. ඔවුන් කරන කියන, යන ඕනම දෙයකදී, තැනකදී.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු පියවරුන් ගැන බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries