settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු ආචාර ධර්ම යනු කුමක්ද?

පිළිතුර


කිතුනු ආරාච ධර්ම පිළිබඳව කොලොස්සි 3:1-6 මනාව විග්‍රහ කොට ඇත. “ඉඳින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිටුවනු ලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයන්න. එහි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වැඩ හිඳින සේක. පොළොවේ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකන්න. මක්නිසාද නුඹලා මළහුය. නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සඟවා තිබේ. අපේ ජීවනය වන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වන කළ නුඹලාත් උන් වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වන්නහුය. එබැවින් පොළොවේ තිබෙන නුඹලගේ අවයවයන් එනම් වෛශ්‍යකමත්, අපිරිසිදුකමත්, කාමරාගයත්, නපුරු තෘෂ්ණාවත්, රූප වැඳීමවූ තන්නාහවත් නසන්න. මේ දේවල් නිසා දෙවියන් වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.”

“කල යුතුදේ” හෝ “නොකල යුතුදේ” පිළිබඳව ලැයිස්තුවකට වඩා බයිබලය තුලින් අපගේ ජීවිත ගෙවිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙනු ලබන අතර කිතුනු ජීවිතයක් ගත කළ යුත්තේ කෙසේද යන වග එහි සඳහන් වේ. ජීවිතය තුල අපට මුහුණ දීමට සිදුවන සෑම දෙයක්ම එහි අන්තරගත නොවන අතර, එසේ නම් අප මුහුණ දෙන ආචාර ධාර්මික උභතෝකෝටියකට මෙය උපකාරි වන්නේ කෙසේද යන වග ගැටළුවක් වේ. මෙම පැනයට පිළිතුර වන්නේ කිතුනු ආචාර ධර්මයයි.

විද්‍යාව තුල ආචාර ධර්ම විග්‍රහ කරනු ලබන්නේ “සදාභාරාත්මක මූලධර්ම රාශියක්” ලෙසය. එසේ නම් කිතුනු ආචාර ධර්ම වල මූලාරම්භය, කිතුනු විශ්වාසය පදනම් වී ඇති බවට අපට නිගමනය කල හැකිය. දෙවියන් වහන්සේ තුල අප පුද්ගලයින් ලෙස මුහුණ දීමට සිදුවන්නාවූ සෑම සිදුවීමක්ම ඇතුලත් නොවන නමුත් ඒ තුල පවතින්නාවූ මූලධර්මයන් තුලින් අපට යම් යම් ගැටළු සඳහා විසදඳුම් ලබා ගැනීමට හැකියාව ලැබේ.

උදාහරණයක් ලෙසට බයිබලය තුල මත්ද්‍රව්‍ය පරිහරණය කිරීම සඳහා නිශ්චිතවම යමක් පැහැදිලි කොට නැත. නමුත් ශුද්ධ ලියවිල්ලේ ඇතුලත් වන යම් මූලධර්මයන් මත පදනම්ව මත්ද්‍රව්‍ය පරිහරණය වැරදි ක්‍රියාවක් බවට අපි දනිමු. මේ සඳහා කරුණක් ලෙසට 1 කොරින්ති 6:19-20 සඳහන් කරන්නේ “නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මාළිගාව බව නොදනිමුද? නුඹලා නුඹලාටම අයිති නැත, මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරපල්ලා” යනුවෙනි. මත්ද්‍රව්‍ය පාවිච්චිය මගින් ශරීරයේ අවයවයන් පිරිහෙන අතර එය කිසිසේත් දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නේ නැත. එපමණක් නොව දෙවියන් වහන්සේ විසින් පනවා ඇති බලයන් අප අනුගමනය කල යුතු බවට රෝම 13:1 හි සඳහන් වේ. මත්ද්‍රව්‍ය ආදිය සඳහා සමාජය තුල ඉඩ සෑදීම මගින් අප දෙවියන් වහන්සේගේ බලයට යටත් වීමක් සිදු නොවන අතර එතුමන්ගේ බලය අභිබවා යෑමක් වැනිය.

දේවචනය තුළ ඇතුලත් වන්නාවූ මූලධර්මයන්ට අනුව ඕනෑම කිතුනුවකු හට තමන් මුහුණ දෙන්නාවූ තත්වය මත සිට විසඳුමක් ලබා ගැනීමට හැකි අතර විටෙක එය ඉතා පහසු කාර්යයක් වන අතර උදාහරණයක් ලෙස කොලොස්සි 3 වන පරිච්චේදය. තවත් අවස්ථාවන්වලදී මදක් ගැඹුරින් හැදෑරීමක් කිරීමට සිදුවේ. මේ සඳහා අප දෙවියන් වහන්සේට යාච්ඤා කල යුතු අතර, එවිට ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් දැන ගැනීම අපට නිදහස් කරනු ලබයි. “නමුත් මගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සැනසිලිකාරයාණන් වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවන සේක” (යොහන් 14:26). “නුඹලා ගැන වනාහි, නුඹලා උන් වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑ කරන්නේ නැත, එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන් වහන්සේ තුළ පැවතියල්ලා” (1 යොහන් 2:27). එසේ නම් අප දේවවචනය තුළ පවතින යම් පදයක් උදෙසා යාච්ඤා කරන්නේ නම් එවිට ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අපට අපට එය තේරුම් කර දෙන සේක. ඒ තුලින් උන් වහන්සේ අපගේ ගැටළුවලට පිළිතුර ආදාළ පදයේ ඇතුලත් වන මූලධර්මයන්ගෙන් විසඳුම අපට පෙන්වා දෙනු ලබන්නේ නිසැකවමය.

තවත් වරක් ප්‍රකාශ කලහොත් බයිබලය තුළ අපට මුහුණ දීමට සිදුවන සෑම සිදුවීමක්ම ආවරණය නොකරන නමුත්, කිතුනු ජීවිතයක් ගත කිරීමට හැකි වන තරම් දේ ඒ තුළ අඩංගු වේ. අපගේ ගැටළුවට අදාළ පිළිතුරට නිශ්ච්තවම යමක් ඒ තුළ ඇතුලත් නොවේ නම් එවිට අප එහි ඇතුලත් මූලධර්මයන්ට අවධානය යොමු කල යුතුයි. අදාළ දේ පිළිබඳව යාච්ඤා කොට ශුද්ධාත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම අප මේ සඳහා ඉල්ලූ විට එවිට උන් වහන්සේ අපට එහි මූලධර්මයන් හා අපට ගත යුතු දේ පිළිබඳව අපගේ අවධානය යොමු කොට අපට වටහා ගැනීමට ඥානය දෙනු ලබන අතර ඒ තුලින් කිතුනුවකු ලෙස ජීවත් විය යුතු අන්දම අපට වටහා ගැනීමට අවකාශය හිමිවනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු ආචාර ධර්ම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries