settings icon
share icon
ප්‍රශ්නය

කැල්විනියානුවනට එරෙහිව ආර්මේනියානුවන් මේ දෙකෙන් නිවැරදි එක කුමක්ද?

පිළිතුර


කැල්විනියානු වාදය හා ආර්මේනියානු වාදය නම් දෙවියන් වහන්සේගේ රජ කිරීම හා ගැලවීම යන කරුණ කෙරෙහි මිනිසාගේ ප්‍රතිචාරය ගැන පැහැදිලි කිරීමට ඇති දේවධර්මානුකුල උත්සහයක්. කැල්වින් වාදය ලෙස හඳුන්වන්නේ ජෝන් කැල්වින්ගේ නම එයට තබා ඇති නිසා. ඔහු 1509-1564 දක්වා ජීවත්වූ ප්‍රංශ දේවධර්මාචාරවරයෙක්. ආර්මේනියානු හඳුන්වන්නේ ජෙකොබස් ආර්මිනියස් ගේ නමිනි. ඔහු ඕලන්ද (ලන්දේසි) ජාතික 1560-1609 දක්වා කාලය තුළ ජීවත්වූ දේවධර්මාචාරවරයෙක්.

මෙම ක්‍රම දෙකම කරුණු 5 ක් මත සාරාංශ කළ හැක. කැල්විනියානුවන් මිනිසාගේ සම්පූර්ණ දුසරිත (ඉතා පවිටු හැසිරීම) පිළිබඳව කථා කරන අතර ආර්මේනියානුවන් අසම්පූර්ණ දුසරිත පිළිබඳව රඳවයි. සියලු දුසරිත මනුෂ්‍යාගේ පාපය මත රඳා පවතී, එමනිසා, මිනිසාට තම ශක්තියෙන් දෙවියන් වහන්සේ වෙතට පැමිණිය නොහැක. නමුත් අසම්පූර්ණ දුසරිත මනුෂ්‍යාගේ පාපය මත මෙය සිදුවන බව පැවසුවත්, මිනිසාගේ හැකියාවෙන් දෙවියන් වහන්සේ වෙතට පැමිණීම හා නමස්කාරය නොහැකි බව පිලි නොගනී.

කැල්විනියානුවන් පිලිගන්නා දෙය නම් තෝරාගැනීම කොන්දේසි රහිත බව, නමුත් ආර්මේනියානුවන් තෝරාගැනීම කොන්දේසි සහිත බව පවසයි. කොන්දේසි රහිත තෝරාගැනීම අදාළ වන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යකුට ගැලවීම දෙන්නේ ඔහුගේ සම්පූර්ණ කැමැත්ත මත. නැතිව එම පුද්ගලයා උරුම කරගෙන ආ උරුමයක් නිසා නොවේ. කොන්දේසි සහිතව තෝරාගැනීම නම් දෙවියන් වහන්සේ මිනිසාට ගැලවීම ලබා දෙන්නේ උන් වහන්සේගේ පෙර දැනුම මත තෝරාගත් ගැලවීම කරා ක්‍රිස්තුස් වහන්සේව පිලිගත් අය වේ. එම නිසා ඒ කොන්දේසිය මත මිනිසා දෙවියන් වහන්සේව තෝරාගනී.

කැල්විනියානුවන් දකින ලෙස සමාවදීම (වන්දි ගෙවීම) සීමා සහිතයි. එසේම ආර්මේනියානුවන් පවසන පරිදි එය සීමා රහිතයි. මෙම මතය මත කරුනූ 5 ක්ම විවාදාත්මක මතයයි. සීමා සහිත සමාව විශ්වාස කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ තෝරාගත් අය වෙනුවෙන් පමණි යන්නයි. සීමා රහිත යැයි විශ්වාසය පවසන්නේ උන් වහන්සේ මැරුණේ සියලු දෙනා උදෙසාය. නමුත් ඒ මරණය බලපෑමක් ඇති කරන්නේ එය ලබන කෙනා ඇදහිල්ලෙන් ලැබුවොත් පමණි.

කැල්විනියානුවන් පවසන පරිදි දෙවියන් වහන්සේගේ කරුණාව වැලැක්විය නොහැකි තරමටම ප්‍රබල බවයි. නමුත් ආර්මේනියානුවන් පවසන්නේ එක් එක් කෙනාට එය වැලකිය හැකි බවයි. වැලැක්විය නොහැකි යැයි පවසන මතය පවසන්නේ දෙවියන් වහන්සේ මිනිසා ගැලවීමට කැඳවන විට ඒ මනුෂ්‍ය ඉබේටම ගැලවීමට පැමිණෙන බවයි. නමුත් වැලැක්විය හැකි යන මතය පවසන්නේ දෙවියන් වහන්සේ ගැලවීමට කැඳෙව්වාම සමහරු එය එපා කර ගැලවීම වලකා ගනී යන්නයි.

කැල්විනියානුවන් ශුද්ධවන්තයන්ගේ දැඩි උත්සහය ගැන කථා කරන නමුත්, ආර්මේනියානුවන් කොන්දේසි සහිත ගැලවීම මත රඳයි. දැඩි උත්සහය ගැන කථා කරන්නෝ මෙසේ පවසයි. එනම් දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබූ මනුෂ්‍යා ගැලවීම තුළ උත්සහයෙන් සිටී. එමෙන්ම දෙවිඳුන්ව එපා කර උන් වහන්සේගෙන් හැරී නොයයි. කොන්දේසි සහිත ගැලවීම ක්‍රිස්තුස් වහන්සේ තුළ සිට ඇදහිලිවන්තයෙකු ඇයගේ / ඔහුගේ කැමැත්තෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමෙන් ඉවත්ව යාමයි.

ඉතින් එමනිසා, කැල්විනියානුවන්ට එරෙහිව ආර්මේනියානුවන්ගේ වාදයට අනුව නිවැරදි කව්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ඇති වෙනස් කම් ගැන අවධානය දීම ඉතා වැදගත්. ඒ අතර කැල්විනියානු මත 5 හා සමහර, ආරාමේනියානු මත 5 දරයි. තවත් කැල්විනියානු මත 3 කා හා ආර්මේනියානු මත 2 ක් දරයි. බොහෝ ඇදහිලිවතුන් මෙම ක්‍රම දෙක මිශ්‍රව දරයි. අවසානයේදී අප තේරුම් ගත යුතු දේ නම් තේරුම් කර දීමට නොහැකි දෙයක් තේරුම් කර දීමට උත්සහ දැරීමෙන් දෙගොල්ලන්ම (මත දෙකම) දුර්වල වේ. මනුෂ්‍යාට මෙවැනි මතයක් සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීමට අපහසුය. ඔව්, දෙවියන් වහන්සේ සැබවින්ම රජ කරන අතර සියල්ල දන්නා සේක. ඔව්, මනුෂ්‍යා සැබෑ තීරනයක් ගත යුතුය, ගැලවීම උදෙසා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට. මේ කරුණු දෙක පරස්පර විරෝධි ලෙස අපට පෙනේ. නමුත් දෙවියන් වහන්සේගේ මනසේ මෙය සම්පූර්ණ අදහසක් ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කැල්විනියානුවනට එරෙහිව ආර්මේනියානුවන් මේ දෙකෙන් නිවැරදි එක කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries