settings icon
share icon
ප්‍රශ්නය

උත්පත්ති 1 වන පරිච්ඡේදයේ වචනානුසාරයෙන්ම පැය 24 දිනය අදහස් වේද?

පිළිතුර


හෙබ්‍රෙව් භාෂාවෙන් දිනය යන වචනය සහ එහි පෙළ යෙදුම උත්පත්ති කථාවෙහි ප්‍රකාශ වන අන්දම ප්‍රවේසමින් පිරික්සා බැලවුවහොත්, අපට එළඹිය හැකි අවසාන නිගමනය නම්, එක් “දිනක්” යනු වචනානුසාරයෙන්ම පැය 24 ක කාල පරිච්ඡේදයක් බවයි. “යොම්” යන හෙබ්‍රෙව් වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ විට ලැබෙන “දිනය” යන්නට අර්ථ කිහිපයක් ගත හැක. එහි එක් යොමු කිරීමක් නම් පෘථිවියට තම අකාෂය වටා බ්‍රමනය වීමට ගත වන පැය 24 හි කාලයයි (උදා: ලෙස එක් දිනකට පැය 24 ක් ඇත). අලුයම සිට සන්ධ්‍යා කාලය දක්වා දිවා එළිය ඇති කාලය (උදා: ලෙස දිවා කාලයේ බොහෝ උණුසුම් සහිත වූවත් රාත්‍රි කාලය වන විට යම් සිසිල් තත්වයක් ඇති වීම). නිශ්චිත නොවූ කාලයක් පිළිබඳව සඳහන් කරන විටදීද එය යොදා ගත හැක (උදා: මාගේ සීයාගේ අවධියේ). උත්පත්ති 7:11 හි පැය 24 හි කාලය සඳහන් කිරීමට යොදා ගැනේ. අලුයම සිට සන්ධ්‍යා කාලය දක්වා දිවා එළිය ඇති කාලය සඳහන් කිරීමට උත්පත්ති 1:16 හි යොදා ගැනේ. උත්පත්ති 2:24 හි නිශ්චිත නොවූ කාලයක් පිළිබඳව සඳහන් කිරීමට යොදා ගැනේ. උත්පත්ති 1:5-2:2 හි සඳහන් පරිදි එය ක්‍රමාංකයක් සමග සංයුක්ත වූ විට එයින් අර්ථවත් වන්නේ කුමක්ද (උදා: පළමුවන දින, දෙවන දින, තුන්වන දින, හතරවන දින, පස්වන දින, හයවන දින සහ සත්වන දින)? මේවා පැය 24 කාල පරිච්ඡේදයන්ද නැතහොත් වෙනත් යමක්ද? මෙහි භාවිතා කර ඇති පරිදි “යොම්” යන්නෙහි අර්ථය නිශ්චිත නොවූ කාලයක් විය හැකිද?

උත්පත්ති 1:5-2:2 හි “යොම්” යන්න අර්ථ දක්වා ඇති ආකාරය අපට නිර්ණය කර ගත හැක්කේ එම වචනය සඳහන් වී ඇති පෙළ යෙදුම පරීක්‍ෂා කර බැලීමෙන් සහ එම පෙළ යෙදුම ශුද්ධ ලියවිල්ලේ අනෙකුත් ස්ථානයන්හී ව්‍යවහාර වී ඇති ආකාරය සැසඳීමෙනි. අප එසේ කිරීමෙන් ශුද්ධ ලියවිල්ලම එය අර්ථ දක්වයි. පැරණි ගිවිසුමේ “යොම්” යන හෙබ්‍රෙව් වචනය 2301 වාරයක් භාවිතාවේ. උත්පත්ති 1 ට පරිබාහිරව “යොම්” සහ තවත් අංකයක් (410 වතාවක් භාවිතා වී ඇත). නිරන්තරයෙන්ම හඟවන්නේ සාමාන්‍යය දිනයක්ය. උදා: පැය 24 කාල පරිච්ඡේදය. “සවස” සහ “උදෑසන” යන වචන 2 එක්ව (38 වතාවක්) නිරන්තරයෙන්ම හඟවන්නේ දිනයක්ය. “යොම්” හා සමග “සවස” හෝ “උදෑසන” නිරන්තරයෙන්ම හඟවන්නේ සාමාන්‍යය දිනයක්ය. “යොම්” සමග “රාත්‍රිය” (52 වතාවක්) නිරන්තරයෙන්ම හඟවන්නේ සාමාන්‍යය දිනයක්ය.

උත්පත්ති 1:5-2:2 හි “යොම්” යන වචනය යෙදෙන පෙළ යෙදුමෙන් එක් එක් දිනය විස්තර කෙරෙන්නේ “සවස” හෝ “උදෑසන” යනුවෙන් වන අතර උත්පත්ති කථාවේ නිර්මාතෘවරයාණන් ඉන් අදහස් කලේ පැය 24 කාල පරිච්ඡේදයක් බවට මනාව පැහැදිලිවේ. “සවස” හෝ “උදෑසන” යන නිර්දේශයන් වචනානුසාරයෙන්ම පැය 24 කාල පරිච්ඡේදයන් ලෙස යොමු නොවේ නම් එහි කිසිම අරුතක් නොමැති වේ. 1800 වර්ෂයන් හී විද්‍යාත්මක ප්‍රජාව තුළ සුසමාදර්ශ ප්‍රයෝගයක් හට ගැනුනු අවස්ථාවේ සහ පෘථිවියේ අවසාදිත ස්තර යළි අර්ථ නිරූපනයක් වන තුරුම උත්පත්ති 1:5-2:2 වකවානුවේ සම්මත අර්ථ නිරූපනය විය. පූර්ව කාලයෙහි පාෂාණ ස්තර අර්ථ ගැන්නුනේ නෝවාගේ ජල ගැලීමේ සාක්ෂියක් ලෙසය, එනමුත් එම ජල ගැලීම විද්‍යාත්මක ප්‍රජාව මගින් ඉවත හැර එය අර්ථ ගන්වන ලද්දේ අතික්‍රාමික පැරණි භුමියක සාකාෂියක් ලෙසය. සමහර දැනුම් තේරුම් ඇති එහෙත් අතීශයින් වැරදූනාවූ කිතුනුවන් මෙකී ජල ගැලීම් විරෝධි සහ බයිබලයට ප්‍රතිවිරුද්ධ අර්ථ නිරූපනය උත්පත්ති කථාව හා සමග සසඳන්නට අදිටන් කලේ “යොම්” යන්නෙහි අරුත අපරිමාණ අනිර්දිෂ්ට කාල වකවානුවක් බවට යළි අරථ නිරූපනය කිරීමෙනි.

එනමුත් සත්‍ය නම් පැරණි භුමිය හා සම්බන්ධ අර්ථ කථන දෝෂ සහිත උපකල්පන මත රඳා පැවතුණු ඒවා වීමයි. එසේ නමුත් දැඩි සංවෘත මනසකින් යුක්ත විද්‍යාඥයන්ට අප දේව වචනය කියවන අකාරයට බලපෑම් ඇති කිරීමට ඉඩ නොදිය යුතුය. නික්මයාම 20:9-11 ට අනුව දෙවියන් වහන්සේ විසින් ලෝකය නිර්මාණය කිරීමට පදගතාරාත දින 6 ක් යොදා ගනු ලැබුවේ මනුෂ්‍යයාගේ වැඩ සතිය ආදර්ශකයක් කොට ගෙනය. දින 6 ක් වැඩ කළ යුතු අතර එක් දිනක් විවේක ගත යුතු වේ. ඒකාන්තයෙන්ම දෙවියන් වහන්සේට අවශ්‍යය වූවා නම් සියලු දෑ එක් නිමේශයකින් මැවීමට හැකිව තිබුණි. එසේ නමුත් පැහැදිලිවම (6 වන දින) අපව මවන්නටත් ප්‍රථමයෙන් එතුමන්ගේ මනසින් අප සිහිගැන්වූ සේම, අපට අනුගමනය කරනු වස් උදාහරණයක් සැපයූ සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

උත්පත්ති 1 වන පරිච්ඡේදයේ වචනානුසාරයෙන්ම පැය 24 දිනය අදහස් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries